31 දෙනකු පස් යට වළලා දමමින් 96 දෙනෙකු අතුරුදන් කරමින් නාය ගිය රාමසර කන්ද බැලීමට එදා වැල නොකැඩී ගිය මහා ජන ගඟ අද නැත. ඒ ඛේදජනක සන්ධ්‍යාව ගෙවී ගොස් අදට හරියටම අවුරුද්දකි. දැන් එම ප්‍රදේශයේ මූසල සොහොන් පිටියක මෙන් කැළේ වැවී තිබේ.
එහෙත් අවතැන් වූ ජනතාවගේ දුක් සුසුම් තවම නිමා වී නැත. අද වන විට තනා නිම කර ඇත්තේ නිවාස 57ක් පමණි. කූඩාරම්/තාවකාලික නිවාස හාරසිය ගණනක තවමත් ජීවත් වන ජනතාව වෙනුවෙන් තවත් නිවාස 500ක් පමණ ඉදි කළ යුතුව තිබේ.
‘අපේ සමාජයට හැම දෙයක්ම මතක දින හතයි.‘ ගැමි කියමන සත්‍ය බව සනාථ කිරීමට හොඳම උදාහරණය අරණායකයි. එදා දන්සල් අතහැර ඒ මුදලින් අරණායකට බඩු බෙදූ කී දෙනකුට අද වන විට අරණායක අවතැන්වූවන් මතකද?












COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරනායක පමණක් නොව මීතොටමුල්ල, සාලාව ප්‍රදේශයේ අපේම සහෝදර පිරිස් තවමත් තාවකාලික වාසස්ථානවල දිවි ගෙවද්දී අපේ පාලකයන් නිකරුනේ ජනතා මුදල් විනාශකිරීම ඛේදජනකය.මැති ඇමතිවරුන්ට කෝටි ගණන් වටිනා වාහන ගෙන්වීමට පෙර මේ අවතැන් වූ ජනතාවට සහන ලබා නොදෙන්නේ මන්ද. ඔවුන් අවතැන් වුයේ ඔවුන්ගේ වරදින් නොවේ, අරනායක සිදුවීම ස්වභාවික විපතක් වුවත් අනෙක් කාරණා දෙකම පාලකයන්ගේ නොසැලකිලිමත්කම නිසාවෙන් සිදු වූ දේවල්ය.
උතුරට වුනා නම්, බලධාරින්ගේ සුවිශේෂ අවධානය, වගේම විදෙස් අවධානය, දකුණට වුනානම් මීයෙක් වත් නැත.
කාලය මැවූ වෙනසක අරුමේ