( ජේ .ඉඳුරුවගේ )
ගාල්ල-කොළඹ මාර්ගයේ බෙන්තර පාලම අසල දුම්රිය හරස් මාර්ගයට යොදා ඇති දුම්රිය ගේට්ටුව කඩා දමමින් ලොරි රථයක් ධාවනය කිරීම නිසා දුම්රිය පැමිණෙන අවස්ථාවලදී රතු කොඩි මගින් වාහන නතර කිරීමටත්, කොළ කොඩි මගින් දුම්රියට යාමට සංඥා දීමටත් ගේට්ටු කරුවන්ට සිදු වී ඇත.
ගාල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ මෙම ලොරි රථය ඊයේ(15) මධ්‍යම රාත්‍රී 12.00 ට පමණ වසා තිබූ ගේට්ටුව කඩා ගෙන ධාවනය කර ඇත. එම අවස්ථාවේ දුම්රියක් පැමිණියා නම් විශාල අනතුරක් සිදු වන්නට ඉඩ තිබූ බවට කියැවේ.
එම අවස්ථාවේ ගේට්ටුකරු වහා ලොරිය නතර කර ඇති අතර රුපියල් 25,000ක් බව කියන ගේට්ටුවට වූ අලාභය රියැදුරුගෙන් ලබා ගැනීමට පොලිසියට පැමිණිලි කර තිබේ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd