(අකිල බද්දෙවිතාන)
පිළියන්දල' කහපොළ ප්‍රදේශයේ ප්‍රතිනිර්මාණය කෙරෙන 'ශාක්‍ය රාජධානිය' පිළිබඳව කොරියානු Ilchon Chon සංවිධානයේ සභාපති කිම් සියොන්ග් ක්‍යු (Kim Seong Kyu) හිමියන් හා කොරියානු ආයෝජකයන් පිරිසක් සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම බුද්ධශාසන අමාත්‍යංශයේ දී අද(23) පෙරවරුවේ සිදුවිය.
බුද්ධශාසන හා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුවට කොරියානු Ilchon Chon Corporation ආයතනයේ සභාපති හිමියන් සහ එම සංවිධානයේ සාමාන්‍යාධිකාරී චා සුන්ග්, බුද්ධශාසන අමාත්‍යංශයේ ලේකම් චන්ද්‍රප්‍රේම ගමගේ, ලයිට් ඔෆ් ඒෂියා පදනමේ සභාපති නවින් ගුණරත්න මහතා, ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සමන් වීරමන්, ශාක්‍ය ජනපද ව්‍යාපෘතියේ කළමනාකරු සරත් හේමචන්ද්‍ර, මිලින්ද පෙරේරා යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිද්ධාර්ථ බෝසතාණෝ නිවන සොයාගෙන අතහැර ගිය මේ සියලු සම්පත් නැවත ප්‍රතිනිර්මාණය කරන්නේ කුමටද? බුදු බව ලැබූ තැන ඊට වඩා හොඳ නැද්ද?
ඔය වගේ වැඩක් කරන්න පුළුවන් ලංකාවේ මිනිස්සු නැද්ද? හැම වැඩකටම පිටරටවලට සල්ලි පුජා කරන්නේ. අඩුම තරමින් ලංකාවේ කෙනෙකුට කරන්න පුලුවන්ද කියල හොයල බැලුවද?
කමක් නැහැ .මොකක් හරි පෙන්නලා කීයක් හරි කඩා ගමු .
ශ්‍රේෂ්ට භාරදූර කටයුත්තක් දේශීය මෙන්ම භාරත කලාවේ සම්මිශ්‍රණයක් නම් කාලෝචිතයි. සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.
සිදුහත් කුමරා ශාක්‍ය රාජධානියේ සැප සම්පත් වලින් බුද්ධත්වයවත් නිර්වාණය වත් සාක්ෂාත් කරගන්න බැරිව ඒවා අතහැරලා සත්‍යය අවබෝධ කරගත්තා වුනාට අපේ අය තව පාරක් මුල ඉඳලාම පටන් ගන්න යනවා වගේ .
මොන පිස්සු වියදම්ද මේවා? ඉන්දියාවේ පරණ නගරෙක ආකෘතියක් ලංකාවේ හදන්නේ මොකටද රටේ මිනිස්සුන්ගේ වියදමෙන්? ඔය සල්ලි වලින් විනාස වෙන්න ඇරලා තියන, වෙනත් අයට කොල්ලකගන්න ඉඩ දීල තියන පුරාණ වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කරලා අපේ අනන්‍ය උරුමය ඉස්සරහට ගෙනියන්න විදියක් හදන්න. අපේම අවුරුදු දහස් ගණන් පරණ පුරාවස්තු කොල්ලකෑම නවත්වන්න, ඒවායේ වෙනත් ආගම්වල බෝර්ඩ් ගහගැනිම නවත්වන්න එක නිලදාරියෙක්, ඇමතියෙක් නෑ මේවගේ නාටක වලට කෝටි ගණන් වියදම් හැබැයි.
අයියෝ සල්ලි . බොරු වැඩ
දැන් මේකෙන් දියුණු වෙන්නේ කවුද?
මෙච්චර ලංකාවේ මිනිස්සු ඉන්නවා. ඉදිකිරීම් කොම්පැනි තියෙනවා. හැමදේම පිටරට කොම්පැනි වලට දුන්නම කොහෙද ලංකාවේ සල්ලි ඉතුරු වෙන්නේ. සල්ලි නැත්නම් මේවට ණය ගන්නේ නැතුව නිකන් ඉන්න ඕන නොකර. මේවා අත්‍යවශ්‍යම දේවල් නෙමෙයි ණය අරන් කරන්න තරම්.
හිසට වහලක් නැති ලංකාවේ දුප්පත් මිනිස්සුන්ගේ දරුවන්ට රෑට නොතෙමී නීදාගන්න රාජධානියක් හදලා හිටින්න.
දැන් ඔක්කොම නිවන්යාවී මේවා කරලා.
ඔය කොලඔ අලුතෙන් රාජධානි ගැහුවට වැඩක් නැහැ.. උතුරු නැගෙනහිර අවුරුදු දහස් ගණන් පැරණි රාජධානි විනාශ කරනවා.. සමහරක් ඒවා විනාශ කරලා.. තියෙන දේ රැක ගන්න උත්සහ ගන්න.. එහෙම නැති වුනොත් නුපන් සිංහල පරන්පරාවට ඉතිහාසක් නැහැ...
මේවා රට්ටු හිනස්සන වැඩ
ඔය සමාගමටම කියල අපේ ගමේ ඉස්කෝලේ වහලේ තෙමෙන එක හදාගන්න බැරිවෙයිද?
තවත් මගඩියක්ද කොහේද...සම්තිං කාරයන්ගේ...
අනේ අම්මප මෙච්චරයි අඩු වෙලා තිබුනේ
සංචාරක කර්මාන්තයට ලොකු පිටිවහලක් වේවි , සංචාරක පැමිණීම වැඩි වේවි.
අනාගතේ ලංකාවට මුදල් ගලාගෙන එන මේ විශේෂ ව්‍යාපෘතිය ගැන හරිහමං විස්තරයක් නොදන්න අය මෙතන මෝඩයො වගේ කමෙන්ට්ස් දාල තියෙන හැටි දැක්කම හරි අනුකම්පා හිතෙනවා. ලංකාවෙ පටු අදහස් තියෙන මෝඩ මිනිස්සු ගැන. මේකට වියදම් කරන්නෙ සත පහක්වත් ලංකාවෙ මුදල් නෙවෙයි. සතයක්වත් ණය අරගෙන කරන වැඩකුත් නෙවෙයි. සියල්ල විදේශ දානපතියන්ගේ සහ විදේශ ආයතනවල මුදල්. මේ සංකල්පය, සැලසුම්කරණය, කළමණාකරණය, සම්පූර්ණ තාක්‍ෂණික ඤාණය සහ ශ්‍රමය ශ්‍රී ලංකාවෙන්... ආයෝජනය සිදුකරන පාර්ශව කැමති වැසිකිලි හදන්නවත්, ඉස්කෝලවල කැඩිච්ච වහලවල් හදන්නවත් නෙවෙයි. ඒ වෙනුවෙන්ම ගොඩනැගුනු ආයතන මේ රටේත්, ජාත්‍යන්තරයේත් ඕනෑ තරම් තියෙනවනෙ. ඒ අය ඒව බලාගනීවි. ඒ ගැන බොහොම උනන්දුවෙන් කථා කරන, කමෙන්ට් කරන අයටත් පුළුවන් හැකි පමණින් ඒවට දායක වෙන්න... කථාවට පමණක් සීමා නොවී....!
මේ ව්‍යාපෘතිය සඳහා විදෙස් ආයෝජන ලබා දෙන්නේ අනාගතයේ ලෝකයට බුදු දහම පතුරුවන මේ අධිතාක්‍ෂණ බෞද්ධ සන්නිවේදන මධ්‍යස්ථානය, පුස්තකාල සංකීර්ණය, බෞද්ධ අධ්‍යනය පීඨය සහ පර්යේෂණ ආයතනය ගොඩනැංවීම උදෙසායි. ශාක්‍ය රාජධානි පරිශ්‍රය තුළ තමයි මේ කටයුත්ත සිද්ධ වෙන්නෙ. ඒ වගේම දසදහසකට අධික පිරිසකට එකවර භාවනා කළ හැකි සියළු පහසුකම් සහිත භාවනා උද්‍යාන සංකීර්ණයකුත් මේ පරිශ්‍රයේ ඉදිවෙනවා. මේක පුළුල්, අර්ථවත් වැඩපිළිවෙලක්.
'ලක් දෙරණේ සදහම් සිසිලස හමා යන ‘සක්රජ දහනක‘කතාව' යන මැයෙන් පෙර ලිපියක් පල වුණා. මේ ව්‍යාපෘතිය ගැන නොදන්න අයට ඒ ලිපියෙන් යම් අදහසක් ලබා ගන්න හැකියාව ලැබේවි.!!!