(අතුල බණ්ඩාර)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සදහා පත් කෙරුණු නව ආසන සංවිධායකවරයෙක් සහ දිස්ත්‍රීක් සංවිධායකවරයෙක් ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ.
ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මිහින්තලේ ආසන සංවිධායකවරයා ලෙස උතුරු මැද පළාත් අමාත්‍ය සරත් ඉලංගසිංහ මහතා ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් සංවිධායකවරයෙක් ලෙස උතුරු මැද පළාත් අමාත්‍ය සුසිල් ගුණරත්න මහතා ද පත්වීම් ලබාගත්හ.
මිහින්තලේ සංවිධායක ලෙස මීට පෙර කටයුතු කළේ හිටපු උතුරු මැද මහ ඇමැති එස්.එම්.රංජිත් මහතාය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හ්ම්... ඒකත් එහෙමද.. කමක් නැහැ. ඔහොම යං...