ජාතික රණවිරු සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පස්වරුවේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය අසළ පිහිටි රණවිරු ස්මාරකය අබියසදී පැවැත්විණි. මාතෘ භූමිය වෙනුවෙන් ජීවිත පූජා කළ රණවිරුවන්ට සිය උත්තමාචාරය පිළිගන්වමින් ජනාධිපතිවරයා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීය.
මහා සංඝරත්නය මෙන්ම වෙනත් ආගමික පූජකවරු , පළාත් ආණ්ඩුකාරවරු , මැති ඇමතිවරු , ජනාධිපති ලේකම්, ආරක්ෂක ලේකම් ඇතුළු රාජ්‍ය නිළධාරිහු සහ ත්‍රිවිධ හමුදාපතිවරු ප්‍රමුඛ ආරක්ෂක අංශ ප්‍රධානිහුද සහ රණවිරු පවුල්වලසාමාජිකයෝ ද මීට එක්ව සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපට මර බියෙන් තොරව නිදහසේ රටේ වාසය කිරීම සඳහා දිවි පිදු ඔබ සියලු දෙනාටම නිවන් සුව අත්වේවා!! අප ඔබට සදා ණය ගැති වෙමු.
උදාර රණවිරුවනි, ඔබලාට නිවන් සුවය පතමි!!!
කුඩේ යට ඉන්න අළුත් යුවලටත් සුභ පතනවා.
රට සුරකින්න දිවිපිදු හා ආබාධිත රණවිරුවන්ට අපගේ උත්තමාචාරය "ඕල්ඩ් සොල්ජෙර් විල් නෙව ඩයි" ඔබ අපගේ සදා ජීවමානයයි...
පුදුම සැමරුම් තමයි මේවා.. නමට සමරනවා විතරයි...
මෙහෙමත් පාලකයෝ... අශ්වයා ගියාමද අස්තාලේ වහන්නේ...?