ඩයනා උදයංගනී
ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා
වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඇමෙරිකාවට ගොස් සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සෙත්පැතීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ තරුණ වෘත්තීයවේදීන්ගේ සංගමය සංවිධානය කළ බෝධිපූජා පිංකමක් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී අද පස්වරුවේ පැවැත්විණි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.
ගංගාරාම විහාරාධිපති ආචාර්ය ගල්බොඩ ඤා‚ස්සර නා හිමියෝ එම බෝධි පූජා කටයුතු මෙහෙය වූ අතර ගංගාරාම විහාරවාසී ආචාර්ය කිරින්දේ අස්සජි, ආචාර්ය පාලටුවේ ජිනරතන, ආචාර්ය පල්ලේගම රතනසාර යන ස්වාමීන් වහන්සේලා ද සහභාගී වූහ.
අමාත්‍යවරුන් වන සාගල රත්නායක, රවි කරුණානායක, ගාමි‚ ජයවික්‍රම පෙරේරා, රාජ්‍ය අමාත්‍ය ඒ එච් එම් ෆවුසි, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා, හිටපු අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා, හිටපු නාගරික මන්ත්‍රී ජයන්ත සිල්වා යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමාට තෙරුවන් සරණින් නිරෝගී සුවය ලැබේවා..!!!
අනේ හාමුදුරුවනේ, ගංවතුරෙන් අනාථ වූවන්ටත් කිසියම් වැඩපිළිවෙළක් අරඹනවා නම් හොඳයි.
අනේ මොවුන් අගමැතිතුමාට ලෙඩක්ද කියලාවත් දන්නේ නැතිව විවේකය සඳහා කියලයි රට ගියේ.. බෝධි පුජා පවත්වනවා. රටේ ලක්ෂ ගණනක් විපතට පත්වෙලා තියෙන මේ වෙලාවේ මෙයාලා ඒ අය වෙනුවෙන් ඔය මොනම සෙත් පැතීමක්වත් කලේ නැහැ නේද?
අගමැතිතුමාට විතරක් නෙමෙයි.. මුළු රටටම සෙත් පතන්න ඕනේ මේ වෙලා තියෙන දේවල් හැටියට...
මේ අය දැන් පුටුවල ඉඳගෙන තමයි බණ අහන්නේ....
එහෙනම් බයිපාස් කතාව ඇත්තක්... බොරු කියලා කරන සෙත් පැතීමෙන් ප්‍රතිඵලයක් ලැබේවිද? කොහොම වුණත් මාත් ඒ "වෛද්‍ය පරීක්ෂණයට" ඉක්මන් සුව පතනවා..
රටට සෙතක් වෙන්න නං ඉතිං ඔය සෙත් පැතීම රට වෙනුවෙන් කරන්න ඕන..
රෝහල් බිල ගෙව්වේ ජනතා මුදලින් නම් තොරතුරු දැනගැනීමේ පනත යටතේ අපට ඇත්ත දැනගන්න බැරිද? මේ ජනාධිපති තුමා නිකමටවත් අත්හදා බලන්නවත් ගියේ නැතිනම්, අපටත් ලෙඩේ කියන්න. අපිත් බෝධි පුජාවක්වත් තියන්නම්?
හෙන ගහන්නේ නෑනේ... සෙත් පැතුවට හරියයිද?...
සෙත් පතන්න ඕන මහා වැස්සෙන් උන්හිටි තැන් අහිමි වුණු අසරණ අපේම ජනතාවට... මිසක් හෙම්බිරිස්සවටත් රට යන ලොක්කන්ට නෙමෙයි...