(සිතුම් චතුරංග,ජවුෆර් ඛාන්, ශාන්ත රත්නායක)
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය(සයිටම්) ජනසතු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මූලික කරගනිමින් අද (05) පළාතේ රජයේ රෝහල් වල වෛද්‍යවරුන් සේවයෙන් ඉවත්ව වර්ජනයක නිරතවීම හේතුවෙන් එම රෝහල් වල සායනික කටයුතු සඳහා පැමිණි රෝගීන් විශාල සංඛ්‍යවක් දැඩි අපහසුතාවටපත්ව සිටියහ.
වවුනියාව , මන්නාරම , කිලිනොච්චිය , මුලතිව් හා යාපනය රෝහල් වල හදිසි සේවා පමණක් ක‍්‍රියාත්මක වන අතර බාහිර රෝගී සේවා නවතා දමා වෛද්‍යවරු වැඩ වර්ජනය වෙනුවෙන් එක්ව සිටිති.




(සිතුම් චතුරංග - වවුනියාව)




(ශාන්ත රත්නායක - කොළඹ ජාතික රෝහල)



(ජවුෆර් ඛාන් - මඩකලපුව)



(නිමල් ජයරත්න - පොළොන්නරුව)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහි වගකීම ආණ්ඩුව ගත යුතුය. සයිටම් නම් උපාධි කඩයට සහයෝගය දීමෙන් මෙම ප්‍රශ්නය තව දුරටත් තීව්‍ර වෙනවා පමණකි...
දොස්තර මාෆියාව ඔවුන්ගේ ඉල්ලීම් ගන්න අවියක් කරගෙන තිබෙන්නේ අහිංසක ජනතාවයි ... මෙයත් හරියට ප්‍රභාකරන්ලා ක්‍රියාවේ යොදාගත් මිනිස් පලිහ වගෙයි....
රටේ උගත් කියලා පිළිගත් රටේ ලෙඩ්ඩුන්ගෙන්ම ජීවත්වෙන දොස්තරලා ලෙඩ්ඩුන්ව මැරෙන්න ඇරලා වැඩ වර්ජනය කරනවා. දැන් ලංකාවේ ඉන්න බහුතරයක් මනුස්සයෝ නෙවෙයි. මේ යන විදියට ගියොත් සත්තු ඉන්න දුපතක් වෙයි..
මේ වර්ජන පිළිබඳව පොදු මහජනයා දැනුවත් කිරීම මාධ්‍යවලින් තවත් හොඳට කළයුතුය. එවිට මේ රස්තියාදුව සිදු නොවේ..
දොස්තරලා ජනතාවගෙන් බැට කන දිනය ඉතාම ලඟයි...
මේක සංවේදී ප්‍රශ්නයක් තමා. එහෙත් දොස්තරලාට බැනල වැඩක් නැහැ. රටේ ඉතා වැදගත් දේවල් වලට ආණ්ඩුවක් කන්දිය යුතුයි. ඔවුන් සයිටම් කියන දොස්තර උපාධි කඩය වහල එ්ක රජයට ගන්න කියල නේ කියන්නේ... සයිටම් එක පිළිගන්න බැහැ කියල එහෙම කියපු අද මොකද මේ නිශ්ශබ්ද? හරිනම් දොස්තරලට නොවේ බනින්න ඕන මේ ආණ්ඩුවටයි. රටේ සියයට 70 ක් දුප්පතුන් ඉන්නකොට කෝටි 120 ක් ගෙවල දොස්තර කෙනෙක් වෙන්න පුළුවන් කීයෙන් කීදෙනාටද? කොහොමද අපේ ජීවිතය, අපේ දරුවෙකුගේ ජීවිතය බාරදෙන්නේ බෙහෙත් ටික ගන්න, සැත්කමක් කරගන්න මේක සෙල්ලමක්ද?
දියුණු රටවල දොස්තරකම තවත් එක වෘත්තියයක් පමණයි. නමුත් ලංකාවේ සමාජය දොස්තරලාට ලබා දී තිබෙන්නේ ඉහලම ගරුත්වයක්. එය ආරක්ෂා කර ගැනීම ඔවුන් සතු වගකීමක් වුණත් මෙවැනි දේවලින් ඒ ගරුත්වය නැති කර ගන්නවා. "ලංකා" කියා තිබෙන දේ අද හෙටම සිදු වේවි !!!
වැඩ වර්ජනය යනු රටක් ආර්ථික වශයෙන් විනාශයට පත්විමයි. හැම දේකටම වර්ජනය කිරීම ලංකාවේ කලාවක් බවට පත්ව ඇත. සුළු පිරිසකගේ අත්මාර්ථකාමී බවෙන් අහිංසක රෝගීන් වගේම මහජනතාවත් අසරණ වී ඇත. සයිටම් එකට අධිකරණයෙන් විසඳුම් දී තිබියදී මෙවැනි ඉල්ලීම් සාදාරණ නැත. තවද රජයටද යුතුකමක් ඇත. එනම් වෛද්‍ය වෘත්තීය හෑල්ලු නොකර සයිටම් ආයතනය ඇති පහසුකම් රජයේ වෛද්‍ය විද්‍යාලයටද ලබා දෙය යුතුයි.
මිහිපිට දෙවිවරුන් ලෙස සැලකෙන සම්භාවනීය වෘත්තියක නියැලි වෛද්‍යවරුනි.. සිතන්න බුද්ධිමත් වෙන්න. ඔබලා අති බහුතරය බෞද්ධ අපේ විශේෂඥ වෛද්‍ය පාදෙණිය මහත්මයත් බෞද්ධ කියලා දැනගන්න ලැබුණා. ඔබමේ සුවිශේෂත්වය ලැබුවේ පෙර කරන ලද මහා කුශල කර්මයක සැප විපාකයක් හැටියටයි. ඒ බව හරියට තේරුම් ගතහොත් මිහිපිට දෙවියන් ලෙස සැලකෙන ඔබට මතු සැබෑම දෙවියන් වන්නට පුළුවන්. ඔබට නිදහස් අධ්‍යාපන වරම වෙනුවෙන් අපගේ මේ පුංචි රටේ සෑම පුරවැසියෙකුම සැලකිය යුතු මුදලකින් දායකවෙනවා. එයින් අති බහුතරය මධ්‍යම පාන්තික හා අන්ත අසරණ දිළිඳු ජනතාව ඒ අතරවෙනවා. නමුත් මේ අහිංසක දුප්පත් මිනිසුන්ගේ මුදලින් නිදහස් අධ්‍යාපන වරම් ලබලා එය සහ මේ ඔබ කරන දෙය අතර සම්බන්ධතාවය සහ එහි විපාකය ධර්මානුකූලව සිතාබලන්න... බුද්ධිමත් වන්න. මේ මාගේ වචන කිහිපය බුද්ධිමත් ඔබටමයි. තෙරුවන් සරණයි...!!!
පිට රටවලින් දොස්තරලා ගෙන්වන්න. වර්ජනය කරන අය ගණනට ගෙන්වන්න. උසස් පෙළ හදාරන සිසු සිසුවියන් මේ සඳහා යොමුකරවන්න. දේශපාලනය කරන දොස්තර මාෆියාව විනාස කරන්න. දොස්තරවරු සේවය කල යුත්තේ ලෙඩුන්ට මිස දේසපාලකයන්ට නොවේ. රටක පාලකයන්ට කොන්දක් තිබිය යුතුයි. කෙලින් තීරණ ගන්න බැරිනම් ඉවත් වෙන්න.