( ඉන්දික අරුණ කුමාර)
මධ්‍යම පළාතේ සීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වන ‘‘මී මොසා පිග්රා ’’ යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැදින්වෙන යෝධ නිදිකුඹ්බා ශාකය පරිසර පද්ධතියට දැඩි බාධාවක් එල්ල කරන බව පරිසර සංවිධාන පෙන්වා දෙයි.
ස්වභාවික ජල උල්පත්, කඩොලාන පද්ධති මෙන්ම ජාලාශ දක්වා ව්‍යාප්තව ඇති යෝධ නිදිකුම්බා ශාකය මේ වන විට මධ්‍යම පළාත ගිලගනිමින් පවතින බව මධ්‍යම පළාත් පරිසර සංවිධාන එකමුතුව කියයි.
මේ වන විටත් මාතලේ බෝවතැන්න ජලාශය , නාලන්දා ජලාශය ආදී ප‍්‍රදේශවල අක්කර 6000 ක් පමණ යෝධ නිදිකුම්බා ශාකයේ ගොදුරු බවට පත්ව ඇතැයි පරිසරවේදී ප‍්‍රදීප් සමරවික‍්‍රම මහතා කියයි. මේ වන විට ඉදිකිරීම් අවසන් අදියරේ පවතින මොරගහකන්ද ජලාශය ආශ‍්‍රීතව ද මෙම ශාකය ව්‍යාප්තිය දක්නට ලැබෙන බවද හෙතෙම පවසයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ පරිසරවේදීන් සංවිධාන තියෙන්නේ කෑගහන්නයි, පෙළපාලි යන්නයි විතරනේ... ඕවාට වඩා හොඳ නැතිද,.. ඒ ඒ ප්‍රදේශවල ජනතාව රැස්කරලා ඒ අයව දැනුවත් කරලා ශ්‍රමදානයක් මගින් ප්‍රදේශයෙන් ප්‍රදේශයට මේ වැවෙන යෝධ නිදිකුම්බා ශාකය පරිසර පද්ධතියෙන් ඉවත් කරන්න කටයුතු කළා නම් දේශපාලකයන්ට කඩේ යන්න, පෙළපාලි යන්න, උද්ඝෝෂණ කරන්න, ජනතාව රැස් කරන්න පුළුවන් නම් ඇයි රටේ මෙවන් දේකට ජනතාව රැස් කරලා මේ විනාසෙට එරෙහිවෙන්න කටයුතු නොකරන්නේ. මේක තමා අපේ රටට වෙලා තියන විනාසේ..
සහතික ඇත්ත සියයට දෙසීයක් එකයි... මේ සම්බන්ධයෙන් ... ශාන්
ඔයිට වඩා ප්‍රශ්න තියෙනවා උතුරු නැගෙනහිර .. අර අතිවිශාල අවුරුදු 250..300 පැරණ ගස් කපල රක්ෂිත වනාන්තර විනාශ කරලා ගිනි තියනවා.. ඔය කියන පරිසර සංවිධාන වලට ඒවා පෙන්නේ නැද්ද..?
මම අහල තියන ආකාරයට මෙම යෝධ නිදිකුම්බා ශාකය අපේ රටට පැමිණියේ මහවැලි සංවර්ධන යෝජනාක්‍රමය ක්‍රියාත්මක වෙන කාලයේදී ඉදිකිරීම් සඳහා ගෙන්වූ යන්ත්‍රෝපකරණ වල තැවරී පැමිණි බීජ වලින්ය. මේ සම්බන්ධව මිට කලකට පෙරත් පාරිසරික වේදීන් විසින් දැනුවත් කිරීම් කළත් කිසිවෙකුගේ අවධානය ඒ සදහා යොමු නොවුන අතර මේ වන විට තත්වය දරුණු අතට හැරී ඇත. මට හැඟෙන ආකාරයට සාමාන්‍ය ශ්‍රමදානයක් මගින් මෙය විනාශ කල නොහැක. මේ සදහා යම්කිසි අනුග්‍රහයක් සහ යන්ත්‍රෝපකරණද අවශ්‍ය වේ. එමෙන්ම කපා ඉවත් කරන ශාක කොටස් සියල්ලම පුළුස්සා දැමිය යුතුයි. නැතහොත් නැවතත් බිජ මගින් පැතිරිය හැකිය. එදා මේදා තුර ඉතිහාසයේ අපේ පාලකයන් පාරිසරික වේදීන්ගේ හඬට සවන් දුන් බවක් පෙනෙන්නට නැත. මීතොටමුල්ල ඛේදවාචකයත් එවැනි එක් අවස්ථාවකි.
මේ නිදිකුම්බා ශාකය විනාශ කරන එක හරිම අපහසුයි.කපල පුච්චලා දැම්මත් වැස්ස කාලෙට අයෙත් ලියලනවා .දැන් මහනුවර කුඹුරු වලත් තියෙනවා.
දැන් බලන්න. ඔයගොල්ලොත් කරන්නේ කතාකිරීම සහ රණ්ඩු කිරීම විතරනේ. එක්කෙනෙක්ට හොඳ කියනවා තවකෙනෙකුට නරක කියනවා මිසක් තමන්ගේ දායකත්වය කොහොමද කියලා කවුරුවත් කියන්නේ නැහැනේ. බලන්න ඔටාරා ගුණවර්ධන මෙනවිය ඔඩෙල් එක අතෑරලා පරිසරය සුරකින්න ප්‍රයෝගිකව මහන්සිවෙන හැටි... කරුණාකරලා ඔය ඔක්කොම නෝනලා මහත්වරු අර ඔඩෙල් නෝනට සහයෝගයක් දෙන්න අඩුම ගානේ.