මහනුවර දළදා මාළිගා පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර වෙසක් උත්සවය වෙනුවෙන් සංවිධානය කෙරුණු ‘පරිසරය පූජනීයයි‘ වැඩසටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(02) ආරම්භ කෙරිණ.
අනතුරුව සඳුදා(01) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි රැලිය පැවැත්වුණු මහනුවර ගැටඹේ කී‍්‍රඩාංගණය වෙත පැමිණි ජනාධිපතිවරයා ඇතුළු පිරිස එම ක්‍රීඩංගණය පවිත්‍ර කළහ.
ශ්‍රී‍්‍ර දළදා මාළිගාවට පැමිණෙන බැතිමතුන්ට දැත් සේදීම සඳහා පිරිසිදු කිරීමේ උපකරණ දෙකක් දියවඩන නිළමේ ප‍්‍රදීප් නිලංග දෑල මහතා වෙත ජනපතිවරයා ප්‍රදානය කළේය.
අමාත්‍යවරුන්වන මහින්ද අමරවීර, එස්.බී. දිසානායක, නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න,මධ්‍යම පළාත් ආණඩුකාර නිලූකා ඒකනායක යන මහත්ම මහත්මීන් ද මෙම අවස්ථාවට එක්වූහ.




(ඡායාරූප-ජනාධිපති මාධ්‍ය අංශය)

(ඡායාරූප-මොහොමඩ් ආසික්)



(ඡායාරූප-චමිල් රූපසිංහ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙමත් සෝබන වැඩ. මෙයා දැන් අවුරුදු 2ක් ජනාධිපති සහ පරිසරය භාර ඇමති. මේ කාලය ඇතුලත රටේ පරිසරයට වෙලා තියෙන දේ මයා පත්තරේන්වත් දැකල නැහැ.
ළමයි වැඩට. දේශපාලකයෝ ෆොටෝ එකට.
රටට විහිළුවක් වෙන්න එපා ජනාධිපතිතුමනි . මුතුරාජවෙලට කසල දැමීම, විල්පත්තු වන විනාශය නැවත්වීම, මේවයි කරන්න ඕනේ.
අනිත් අයටත් ආදර්ශයක් විදිහට ජනාධිපති වරයකු මෙවැනි දෙයක් කිරීම හොඳයි. නමුත් ඔබතුමාගේ මුලික වගකීම වන්නේ පරිසරය රැකගැනීම පිළිබඳව ජාතික මට්ටමේ රටට දැනෙන කෙටිකාලින සහ දීර්ඝ කාලින වැඩපිළිවලක්.
සෝභන වැඩ විතරයි. ‘පරිසරය පූජනීයයි‘ වැඩසටහන අර ඇමතිතුමාට අදාළ නොවේද?
මගේ දෙවියනේ !!. මොකද මේ? පාසල් ළමුන් සහභාගි කරගෙන හිටපු උසස් අධ්‍යාපන ඇමතිතුමනි.... තමන්ගේ පාසැල, පන්සල සහ රෝහලක් නම් සාදාරණයි. එත් මේ දේශපාලන රැස්වීමක් තියපු පිට්ටනියක් සුද්දකරන්න යොදාගෙන පාසල් ළමුන්?. සංවිධායක මහත්වරුනි, ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති කඩන්න එපා... ජනාධිපතිතුමා ඉදිරිපසදීම.. එතුමා දිවුරුම් දෙන දවසේ කීවේ පාසල් ළමුන් මෙවැනි අය සහභාගි කරවීම තහනම් කරනවා කියලා...
යහපත් ආදර්ශයක්, අපි මග හරින මේ වගේ පුංචි දේවල් නිසා තමයි මීතොටමුල්ල, කොළොන්නාව හැදිලා තියෙන්නේ ... මෙතන අදහස් දක්වන සමහරක් ගේ පරිසර දැනුම හරි ඉහළයි ....
රටට් ආදරය ඇති නායකයෙක්.. නම් මෙවැනි දසුනක් ඇසට රසඳුනකි. එහෙත් මේ බොරු සෝබන පරිසරය ගැන මහා පුරසාරම් දොඩවන ඉන්ද්‍රජාලික නායකයන් අහිංසක මිනිසුන් රවටමින් ජයරුපවලින් පරිසරය රැකීම, දැකීම ගැන අපිට ඇත්තේ මහත් අප්‍රසාදයකි පිළිකුලකි. මෙයා මීතොටමුල්ල කුණුකන්ද අසල අහලගම් හතකවත් ඉන්නවා දැක්කද?