(ඡායාරූප - ශාන්ත රත්නායක)
එක්සත් ජාතීන්ගේ 14 වන ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උළෙලේ ප්‍රධාන උත්සවය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් අද(12) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුද ඊට එක්වූහ. මෝදි මහතාගේ සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉන්දීය අගමැතිවරයාට විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්වීය.
අස්ගිරි, මල්වතු උභය විහාරයීය මහානායක ස්වාමින් වහන්සේලා ඇතුළු ත්‍රෛනිකායික මහා සංඝරත්නය ද, ලෝකයේ බෞද්ධ රටවලින් වැඩම කළ විදේශීය භික්ෂුන් වහන්සේලා ද, අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් ප්‍රමුඛ සර්ව ආගමික පූජකවරුන් ද, ගරු කථානායක කරූ ජයසූරිය මහතා ඇතුළු මැති ඇමතිවරු සහ දෙස් විදෙස් සම්භාවනීය ආරාධිතයින් රැසක් මෙම උත්සවයට සහභාගී වූහ.











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි මෛත්‍රි ජනපතිතුමනි, ශ්‍රේෂ්ට වැඩක්...
මෝදී වෙසක් අසිරියෙන් පිනා ගිහින් වගේ...
අති ශ්‍රේෂ්ට වැඩක්. දැන් ඉතින් කළු කොඩිවලට මොකක් හරි කරන්න ඕනා...
මම හිතුවා මෛත්‍රිපාල මහත්තයා මෝදි මහත්තයා වගේ අඳි කියල...
අර අන්තිම එකට උඩින් තියෙන පොටෝ එක මට පැහැදිලි නෑනේ...
දැන් ඉතින් හැම නර්තනයක්ම කෙරෙන්නේ බුදු හිමියන්ට පිටු පාමිනුයිනේ... එහෙම හොඳද? ඔහොම යන් !
දඹ දිව වන්දනා ගමන් වලින් ඉන්දියාවට ඉහළ ආදායමක් ලැබෙනවා. කොළඹ සිට බරණැසට ඔය කියන ගුවන් ගමන් පහසුව ලබා දෙන්න පොරොන්දුව, ලාංකික අපිට ඇත්තටම ආදරයටද? නැත්නම් වෙනත් වාසියකටද?
අනේ ඉතින් චීනයට බැන්නට චීනෙ නොහිටින්න ඔය උත්සවේ කොහේ තියන්නද?