
අනුරාධපුර නුවර වැව ආශ්‍රිතව ඉදිකරන ලද සක්මන් මඑව සහ උද්‍යානය ජනපති අතින් ජනතා අයිතියට ....
ඓතිහාසික අනුරාධපුර නුවර වැව ආශ්‍රිතව ඉදිකරන ලද සක්මන් මඑව සහ උද්‍යානය අද (06) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ජනතා අයිතියට පත්කෙරිණි.
රජරට ජනතාවගේ සුවසෙත, හා විවේක සුවය උදෙසා රාජ්‍ය සහ පළාත් සහා අරමුදල් මගින් උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේශල ජයරත්න බණ්ඩාර මහතාගේ සංකල්පයකට අනුව මෙම උද්‍යානය ඉදිකර තිබේ.
පළාත් ප්‍රධාන අමාත්‍යවරුන්ගේ සමුථවට සහභාගීවීමට අනුරාධපුරයට ගොස් සිටි ජනාධිපතිතුමා මෙම අවස්ථාව සදහා ද එක් වූ අතර පළාතේ මැති ඇමතිවරු පිරිසක් ද මීට එක්ව සිටියහ.




( ඡායාරූප : - ජනාධිපති මාධ්‍ය අංශය )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පොළොන්නරුවේ ගමරාලට දෙන ජෝගින්ස් කිට්, ටෙනිස් සපත්තු එහෙම දාල මොඩ්වෙලා වගේ පෙන්නේ...
ජනාධිපතිතුමාගේ සපත්තු දෙක නයික්නේ,... රුපියල් එකසිය පනහක් විතර ඇතිනේ, සරලයිනේ, ළමයින්ගේ සපත්තු කැන්වස්නේ, එව්වා හරි ගණන්නේ..!
අපේ රටේ මිනිසුන් අද මොනතරම් පිරිහිලාද රටේ ජනාධිපතිතුමාටවත් ගරුකරන්න දන්නේ නැහැ. හරිම කණගාටුවක් දැනෙනවා අනාගත පරපුර ගැන... දෙමව්පියන්, වැඩිහිටියන් මේ කිසිම කෙනෙකුට දැන් කාලේ ගරු කරන්නේ නැහැ... ඉතින් රට කොහොමද හැදෙන්නේ විනයක් නැති රටක්.
මේක මට නම් ටිකක් අපබ්බ්‍රම්සයි. මිනිස්සු සතුව තිබුණු දෙයක් කවුරු හරි අයිති කරගෙන ආපසු ජනතාවට දුන්න ද? නැතිනම් පුද්ගලික බූදලයක් තමන්ගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් වැඩි දියුණු කරලා ජනතාවට දුන්නද?
මට දුකකුත් සතුටකුත් ඇතිවුණා. මොකද කියනවා නම් අපේ ගමට එන පාර හදලා නැහැ. නමුත් එම පාර ළඟම ගෙවල් තුනකට යන අතුරු පාරක් රජයේ මුදලින් හදල නිසා මට සතුට ඇතිවුණේ... සමහර ප්‍රදේශවල ජනතාවට ව්‍යායාම කරන්නත් මංතීරු හදපු නිසා...
මට මතක විදිහට මේක ගෝඨා මහත්තයාගේ සංකල්පයක්නේ...වැරදිනම් නිවැරදි කරන්න...
මේ මනුස්සයා කරන අලුත් මගුලක් නැ...මුසාබස් කියකියා රට වටේ ලෝකේ වටේ යනවා විතරයි...මේ වැඩ නිසා සිංහලයා හැමතැනම බොරුකාරයෝ වෙනවා...රට, ජාතිය විනාස වෙනකම්ම කරයි...
සරල ජනපතිතුමා නයික් සපත්තු දානවා දැකල මම බය උනා. දැන් ඒවා හරි ලාභද?
මෙය යහපාලන රජයෙන් පටන්ගත් බොහෝ රැකියා උත්පාදනය වෙන ව්‍යාපෘතියකි.
පොළොන්නරුවේ මහා ගොවියා මොඩ් වෙලා. තව ටික දවසකින් අර ඊ එල් සේනානායක වගේ නයික් සපත්තු දෙක දාගෙන හාන්න කුඹුරකටත් බහීවි. ඡායාරුපවලින් යහපාලන සෝභන පෙන්නන කවට අන්දරේ කෙනෙක්..
මේවා හැදුවා වගේ නෙමෙයි කව්ද නඩත්තු කරන්නේ? නඩත්තු කරන්න සල්ලි සහ පිරිස වෙන් කරලද තියෙන්නේ. ලංකාවේ හැමදාම හදනවා නමුත් නඩත්තුවක් නම් පේන්න නැහැ.
කණගාටු වුණත් කියන්න වෙනවා. අපි ඉන්න එංගලන්තේ ඔය වගේ සිය ගුණයක් ලොකු දෙයක් හදල මිනිස්සුන්ට පාවිච්චියට දුන්නට කිසිම ප්‍රචාරණයක් නැහැ. එ්කත් සාමාන්‍ය දෙයක්. මොකද මේ රටේ මිනිස්සු බදු ගෙව්වම ඒවා ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන දේවල්. මම හිතන්නේ මේ ජනාධිපතිතුමා ඔතනට එන්න යන වියදම අනවශ්‍ය වියදමක්. දියුණුවෙනවා කියන්න ඔය වගේ පටු දේවල් මිනිස්සුන්ගෙන් සහ දේශපාලකයන්ගෙන් ඈත් කරන එක. එතකොට නිකම්ම රට මිනිස්සු කැමති දේ සිද්ද වෙන හොඳ තැනක් වෙනවා.