(රොමේෂ් මධුෂංඛ)
උතුරේ රැකියා විරහිත උපාධිධාරීන්ට ස්ථීර රැකියා ලබාදෙන ලෙස ඉල්ලමින් උතුරු පළාත් සභා දොරටුව ඉදිරිපිට අද (09) පැවති රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාව නිසා උතුරු පළාත් මහ ඇමති සී.වී.විග්නේස්වරන් මහතාට පළාත් සභාවට ඇතුල් වීමට නොහැකි විය.
දින 72 ක් පුරාවට යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රහයේ නිරත වුවද විසඳුමක් නොලැබීම නිසා මෙලෙස පළාත් සභාව ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ බව විරෝධතාකරුවෝ පවසති.
දේශපාලනඥයින් පිරිසක් පළාත් සභාවට ඇතුළු වී සිටි අතර ඔවුන්ටද ඉන් පිටත්වීමට නොහැකි විය.
මේ ගැටළුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ බවත් ජනාධිපතිවරයාගේ අවධානය මේ කෙරෙහි යොමුවී ඇති බවත් සී.වී.විග්නේශ්වරන් මහතා විරෝධාතකරුවන්ට පැවසීය.
මේ සම්බන්ධයෙන් පළාත් සභාවට ක්‍රියාත්මක විය නොහැකි බවත්, මධ්‍යම රජය හා ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් ක්‍රියා මාර්ගයක් ගත යුතු බවත් අමාත්‍යවරයා කීවේය.
තමාට කළ හැක්කේ ජනාධිපතිවරයාගේ අවධානය යොමුකරවීම පමණක් බව ද ඒ මහතා කීය.
කතා බහෙන් අනතුරුව වුවද ප්‍රධාන අමාත්‍යවරයාට පළාත් සභා පරිශ්‍රයට ඇතුළුවීමට විරෝධතාකරුවන් ඉඩ නොදීම නිසා අමාත්‍යවරයා ආපසු හැරී ගියේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරු මහඇමතිට දැන් හරි තේරුම් යන්න ඕනෙ. ජනතාවට අද අවශ්‍යවෙලා තියන්නේ පොලීස්, ඉඩම් බලතල නොවෙයි. හමුදාව ඉවත් කරන්න වුවමනාවක්වත් ජනතාවට නැහැ කියලා.
මිනිසුන්ගේ මෙවැනි සැබෑ ගැටළුවලට මුහුණ දීමට අපහසු වී සිටින විග්නේශ්වරන් මහතා ජාතිවාදය අවුස්සන්නේ ඒ සැබෑ ගැටළු වසං කිරීමට නොවේද ?
හැම දේම ජාත්‍යන්තරයට කියල කරවගන්න මෙයාලට රටේ ජනාධිපති කෙනෙක් ඉන්නවා කියල මතක්වෙලා...