(ඡායාරූප - හිරාන් ප්‍රියංකර ජයසිංහ)
වසර 17 කට පසු දරුණු නියඟයකින් තමන් පිඩා විඳින බව ඉඟිනිමිටිය ඇතුළු ගම්මාන 15 ක වැසියෝ පවසති. ඉඳහිට වැසි කිපයක් ලැබුණත් එය කිසි ලෙසකින්වත් ප්‍රමාණවත් නොවු බවත් මේ වන විට පවුල් 5,000ත් 15,000ත් අතර සංඛ්‍යාවකට බිමට ජලය නොමැතිව දැඩි පිඩාවට පත්ව සිටින බවත් ප්‍රදේශවාසීහු කියති.
තම නිවෙස්වල අවශ්‍යතා සඳහාවත් අවශ්‍ය ජලය නොමැති බවත් සැතපුම් ගණනක් දුර ගමන් කර ජලය ගෙන ඒමට දවසින් වැඩි කාලයක් ගත කිරීමට සිදු වන බවත් ඔවුහු කියති.
“අපි බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ මේ ජනතාවට අඩුම තරමින් බිමට ජලය ටිකවත් බවුසර් මගින් ලබා දෙන්න කියලා.“ යැයි පලුගොල්ල ශ්‍රි වාපිකාරම විහාරාධිපති වල්පොල විජීත හිමියෝ පැවසූහ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ජනතාවට පානයට හා අනෙක් අවශ්‍යතා සඳහා ජලය හිඟවීම නිසා ඇතිවී තිබෙන තත්වය ගැන අතිශයින්ම කණගාටු වෙනවා. නමුත් කීමට යමක් තියෙනවා. මෙහි 4, 5, 6 පින්තූර රාමු දෙස බලන කල මේ නියඟය නිසා ජලය සොයා එන වන අලින් ගම වැදීමට බොහෝ ඉඩකඩ තියනවා. මේ ප්‍රදේශ ආවරණය කරමින් තනා ඇති විදුලි වැටවල් ජනතාවගේ ක්‍රියාකාරකම් හේතුවෙන් විනාශ වෙමින් පවතින බව පේනවා. මේ ගැන බලධාරීන්ගේ හා ජනතාවගේ අවධානය හා අවබෝධය ඇතිව ඉක්මනින් කටයුතු කිරීමට සිදුවන බව කිව යුතුය. එසේ නැතිනම් ඊළඟට අපට අසන්න ලැබෙන ඛේදවාචකය බෙහෙවින් ශෝක ජනකවේවි....!
අනේ හාමුදුරුවනේ කොහොමද මේ වෙලාවේ ඔය වගේ ජල ව්‍යාපෘතියකට මුදල් වෙන් කරන්නේ?, මහ බැංකුවේ සල්ලි නැතිකරලා ඉතිරි වුණ ටිකෙන් වාහන ගත්තා. දැන් සල්ලි ඉවරයි. ටිකක් ඉවසලා ඉන්න, ලබන අය වැයෙන් බදු තව ටිකක් වැඩිකරලා,... සල්ලි ටිකක් හොයාගෙන අනිත් අයටත් තව වාහන ටිකක් අරන් දීලා...ඉතුරු සල්ලි වලින් ඔය වැඩේ කරමු.