පද්මා කුමාරි කංකානම්ගේ
කල්පිටි අර්දද්දීපයට අයත්,පල්ලිය වත්ත දූපත බරපතළ ලෙස මුහුදු ඛාදනයට ලක්වෙමින් පවහින බැව් වාර්තා වේ. මේ හේතුවෙන් බකිංහැම් පැලස්,අරලිය ගහ මන්දිරය ඇතුලු ධීවර නිවාස සහ වාඩි රැසක් ද මුහුදු ඛාදනයට ලක්ව ඇත. දූපත සිතියමෙන් මැකී යන තරමටම මුහුදු ඛාදනය වැඩිවී ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
කල්පිටිය ජෙටියේ සිට කිලෝ මීටර 33ක් දුරින් පිහිටි මෙම දූපත බත්තලංගුන්ඩුව දූපතට කිලෝ මීටර තුනක් දුරින් පිහිටා ඇත. ඉන්දියාවේ රාමේශ්වරම් මුහුදු තීරයට කිලෝ මීටර අසූවක දුරකි.
හෙක්ටයාර හැටයි දශම අටයි නවයක බිම් වපසරියකින් යුතුව,ධීවර පවුල් පන්සියයකට පමණ සෙවන සැලසූ පල්ලිය වත්තේ බිම් වපසරියේ මේ වන විට හතරෙන් එකකට පමණ අඩු වී ඇතැයි දූපත්වාසී ධීවර ප්‍රජාව පවසති.
මේ පිළිබදව පුත්තලම දිසා ලේකම් චිත්‍රා නන්ද මහතාගෙන් විමසීමේ දී ඒ මහතා ප්‍රකාශ කළේ,මෙම දූපත් මුහුඩු ඛාදනය පිළිබදව වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුව ඇතුළු අදාල බළධාරීන් දැනුම්වත් කර ඇතිබවය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් මුහුදෙන් වැලි අරගෙන දූපත උස්සන එක තමා කරන්න තියෙන්නේ...
එතකොට ඔය ප්‍රදේශයේම (කිට්ටුවම) තව හරියක් තිබුණානේද? මූදු වැලි ගොඩගහල මෝය කටවල් එහෙම වැහෙන හරියක්... එහෙමනම් මේ සිද්ධිය ස්වාභාවික පරිසර විනාසයක් නේද?
මිනිසුන්ගේ අවිධිමත් ක්‍රියාකාරකම් හා පරිසරය ගැන නොසැලකිලිමත්කම පුද්ගලික අවශ්‍යතාවන් වෙනුවෙන් මිනිසා විසින් කරනු ලබන නොමනා ක්‍රියා පිළිවෙත් නිසාත් බිම වටා ඇති කඩොලාන විනාශ කිරීම අපට දැකිය හැකිය. තමන් ජීවත්වන වටපිටාව හා එහි ආරක්ෂාව හොඳින්ම කල හැක්කේ එහි වෙසෙන ජනතාවට මිස රජයේ කාර්යාල වල ඉන්න නිලධාරීන්ට නොවේ. උදාහරණයක් ලෙස ගත්විට අපේ රටේ වැසි වනාන්තර විනාස වන්නේ එකී වනාන්තර ආරක්ෂා කරන හා සංවර්ධනය කරන ආයතන වල නිලධාරීන් නිසා නොවේ. එම වනාන්තර වටා ජීවත්වන මිනිසුන්ගේ නොමනා ක්‍රියා කාරකම් නිසාවෙනි. අතීතයේ ගම්වල තිබු මාවත් පිළිසකර කලේ ගමේ ජනතාවයි අද අලියෙක් වැටුණත් ගොඩවන්නට නොහැකි වලක් තිබුණත් පස් පිඩැල්ලක් එයට දමන්නට කිසිවෙක් කටයුතු නොකරයි.. මෙය සමාජයේ පිරිහීම වන්නේය.
ඔබ හරි ශාන් සෞදි... කාර්යාලවල සැපට ඉන්න අයට මේක කරන්න බැහැ. ඒ අය ඉන්නේ පත්තරවලට අත්සනක් කරන්නට විතරයි. එ්කටත් ලක්ෂ ගණන් අල්ලස් දෙන්න ඕනේ.... මේ විනාශයට එහෙම විකල්පයක් හොයනවා තියා,...මේක පිහිටලා තියෙන තැනවත් දන්නැති අය තමයි ඔතන ඉන්නේ...
අර ඉස්සර කාලේ හිටපු පොළොන්නරුවේ පස් කන යකා කල්පිටියටත් අවිල්ලාවත්ද?
මෙම දුපත වේල්ල ගොඩකර ටිකක් පීඩනයට ඔරොත්තු දෙන්න හැදුවොත් හොඳයි. ධීවරයන් වෙනුවට සංචාරක කර්මාන්තය සඳහා යොදවමු. මෙයින් වැඩි අදායම ලබාගත හැකියි. දුපතත් ආරක්ෂා කළ හැකියි.
නොරෝච්චෝලි ගල් අගුරු නිසා කල්පිටිය අර්ධදීපයම මෙලෙසම මුහුදට දියවීයාමට හැකි බවට කළ ප්‍රකාශ ගණන් නොගත්ත අපි කවද පාඩම් ඉගෙන ගනීද ?
"මේ හේතුවෙන් බකිංහැම් පැලස්, අරලිය ගහ මන්දිරය ඇතුළු ධීවර නිවාස සහ වාඩි රැසක් ද මුහුදු ඛාදනයට ලක්ව ඇත." .....