එංගලන්තයේ පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන තරගාවලිය සඳහා සූදානම අද සිට ඇරඹෙන බවත්, ක්‍රිකට් කණ්ඩායමේ නොයෙක් ආගම් නියෝජන කරන ක්‍රීඩකයන් සිටියද, සියලු දෙනාගේ කැමැත්ත මත රටේ සංස්කෘතියට අනුව දළදා වහන්සේ වැද පුදා ගැනීම සඳහා පැමිණි බවත් නියෝජ්‍ය කථානායක සහ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල මහතා පැවසීය.
සුමතිපාල මහතා මෙසේ පැවැසූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එංගලන්ත සංචාරයට යාමට පෙර මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණි අවස්ථාවේදීය.
අද සිට දින 6 ක් පල්ලෙකැලේ පුහුණුවීම් කෙරේ. අනතුරුව මේ මස 18 වැනිදා එංගලන්තය බලා පිටත්ව යයි.
ඡායාරූප - චමිල් රූපසිංහ







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලස්සන පින්තූර වගයක්... ශ්‍රී ලංකා පිලට උණුසුම් සුභපැතුම්!!!
විදේශිකයන් දළදා මාලිගාව බලන්න යනකොට අයකරන මුදල ඔය පුහුණුකරුවන්ගෙනුත් ගත්තද දන්නේ නැහැ...
ඇලන් ඩොනල්ඩ් මහතාත් සරම ගහල ඉන්නවා. සභාපතිතුමා ඉන්නේ හැබැයි කලිසම ගහලා. ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට!!!
හානේ! ඉස්සරහ හිටපු මහරජතුමා සිරකරුවන්වත් අරලියගහ මන්දිරයට මේ විදියට අන්දලා ගෙනල්ලා කෑම වේලක් එහෙමත් දුන්නා...
සුමතිපාල උපාසක මහත්තයා කන්ථක අශ්වයා පිටින්ද දන්නෙ නැහැ ආවේ ?
කාගේ හෝ වටිනා අදහසක්....අප ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වෙනත් ආගම් නියෝජනය කරන ක්‍රීඩකයින් සිටියත් ආගම් භේදයකින් තොරව ඔවුන් සැම දෙනාටම හොඳින් ක්‍රීඩා කිරීමට අවශ්‍ය මානසික ධෛර්ය හා එකාග්‍රතාවයට දළදා වන්දනාව බොහෝදුරට ආශීර්වාදයක් වෙනවාට සැකයක් නැහැ. ජයග්‍රහණය සඳහා සම්මා සතිය ඉතාමත් වැදගත්. ඔබ සැමට ජය !
මොකද මේ සුමතිපාල විතරක් කලිසම ඇඳගෙන ඉන්නේ... සුදු මහත්වරුත් සරම ඇඳගෙන ඉන්නවානෙ... නියම කළු සුද්දා.