ජනපති වැල්ලවායෙ ගියදා අත්අඩංගුවට ගත් 4 ක් රිමාන්ඩ්
119 අංකයට ලැබුණු තොරතුරක් මත වැල්ලවායේදී අත්අඩංගුවට ගත් පුනරුත්ථාපනය වූ හිටපු එල්ටීටීඊ සාමාජිකාවක, යුද හමුදා කෝප්රල්වරයකු ඇතුළු හතර දෙනකු 28 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස වැල්ලවාය මහේස්ත්රාත් අධිකරණය නියෝග කළේය. අත්අඩංගුවට ගත් පිරිස අතර යුද හමුදා සාමාජිකයාගේ මව සහ ත්රීරෝද රියේ රියදුරුද වෙති.