රන් මාලය කඩාගත් කොල්ලකරුවන්ට වෙඩි ආයුර්වේද වෛද්‍යවරියක පැළද සිටි රන් මාලයක් කඩාගෙන පලා ගිය බව කියන යතුරු පැදිකරුවන් දෙදෙනකුට හලාවත පොලීසියේ රථ වාහන අංශයේ නිලධාරීන් විසින් වෙඩි තබා අත්අඩංගුවට ගෙන ඇත. 20 March 2017
යාපනය බන්ධනාගාරයේ සිටි ඉන්දීය ජාතිකයෙක් පැන යයි යාපනය බන්ධනාගාරයේ රඳවා සිටි ඉන්දීය ජාතිකයකු යාපනය රෝහලේ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිදී පළාගොස් ඇතැයි යාපනය රෝහල් පොලීසිය පවසයි. 20 March 2017
විමල් යළි රිමාන්ඩ් රජයේ වාහන 40 ක් අවභාවිතා කළැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංස මහතා අප්‍රේල් 3 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (20) නියෝග කළාය. 20 March 2017
ශ්‍රී ලාංකික නැවියන් එන්න සතියක් යයි සෝමාලි මුහුදු කොල්ලකරුවන්ගෙන් මුදා ගැණුන ඒරීස් - 13 ඉන්ධන නෞකාවේ කාර්ය මණ්ඩලයේ ශ්‍රී ලාංකිකයින් අටදෙනා යළි දිවයිනට පැමිණීමට තව සතියක් පමණ ගතවනු ඇතැයි ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාල ආංරචි මාර්ග සඳහන් කර සිටී. 19 March 2017
වයිකෝ ඇතුළු පිරිසක් අත්අඩංගුවට ඉන්දියාවේ චෙන්නායිහි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය වැටලීමට උත්සාහ දැරූ තමිල්නාඩු එම්.ඩී.එම්.කේ.පක්ෂ මහලේකම් වයිකෝ ඇතුළු පිරිසක් එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව ඉන්දියාවේ ඩෙකෑන් ක්‍රොනිකල් වෙබ් අඩවිය අද ( 19) වාර්තා කළේය. චෙන්නායිහි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලයට ඉදිරිපිට ඊයේ (18) උද්ඝෝෂණයේ නිරත ව සිටියදී කලහකාරී ලෙස හැසිරුණු මෙම පිරිස එම කාර්යාලයට කඩා වැදීම උත්සාහ කර ඇති අතර එහිදී මොවුන් අත්අඩංගුවට පත්ව තිබේ . 19 March 2017
බංග්ලාදේශය ශ්‍රී ලංකාව පරදවයි කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී අද (19 වැනිදා) නිමාවූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකාව පරදවා කඩුලු 4 ක ජයක් අත්කර ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය. 19 March 2017
චීන ආරක්ෂක ඇමති ශ්‍රී ලංකාවේ සංචාරයක චීන ආරක්ෂක අමාත්‍යවරයා ශ්‍රී ලංකා සංචාරයක් සඳහා පිටත්ව ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. චීන ආරක්ෂක අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට අමතරව නේපාලයේ ද සංචාරය කිරීමට නියමිතය. චීනය සහ ඉන්දියාව අතර ස්වභාවික බාධකයක් ලෙස ගොඩනැගී තිබෙන නේපාලය තුළ තම බලපෑම වැඩි කිරීමට චීනය, මෙම සංචාරයක අවස්ථාවක් කරගනු ඇතැයි පැවසේ. 19 March 2017
ජාතික සමගියට ජනමාධ්‍යයත් දායක විය යුතුයි - සුමන්තිරන් ජාතික සමගියට හේතුවන ප්රවෘත්ති හා ලිපි ජනමාධ්‍යවල වාර්තා වන්නේ ඉතාම අඩු වශයෙන් බවත්, වැඩියෙන් වාර්තා කරන්නේ ජාතික සමගියට බාධාවන දෑ බවත් එ බැවින් ජනමාධ්‍ය එවැනි දෑ වාර්තා කිරීම ගැන සැලකිලිමත් විය යුතු බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා පැවසීය. 19 March 2017
‘විදෙස් විනිසුරුවන් අපට අවශ්‍ය නෑ‘ - රුවන් විජයවර්ධන ‘රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇතැම් අය කරන ප්‍රකාශ වැරදියි. එහෙම තත්ත්වයක් නෑ. මහින්ද මහත්තයාට කියන්න දෙයක් නැතිවුණාම තැන තැන එක එක කතා කියනවා‘ යැයි ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා බියගම මල්වානේ අද (19) පැවැති උත්සවයකට එක්වෙමින් පැවසීය. 19 March 2017
ශ්‍රීලනිපයෙන් දේශපාලන ශාස්ත්රාලයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ දේශපාලන ශාස්ත්‍රාලය, එම පක්ෂ මුලස්ථානයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් අද(19) පෙරවරුවේ ආරම්භ විය. 19 March 2017
විවේචකයන් සතුටු කරන්න අලුත් කොන්දේසියක් හම්බන්තොට වරාය පෞද්ගලීකරණය කිරීමේ ගිවිසුමේ කෙටුම්පත් ලබන අඟහරුවාදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ. හම්බන්තොට වරායේ සියයට 80% කොටස්වලට හිමිකම් කීමට නියමිත ‘චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ස් කම්පැණි’ සමාගම වසර දහයකට පසු ආයෝජනයෙන් හතරෙන් එකක් ශ්‍රී ලංකා සමාගමකට පැවැරිය යුතු බවට වන වගන්තියක් ද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත කෙටුම්පතට ඇතුළත් කර ඇතැයි දැගන්නට තිබේ. 19 March 2017
පොලිසියේ තිබූ දැව ගෙනගිය උප පොලිස් පරීක්ෂක අත්අඩංගුවට පොලිසිය බාරයේ තිබූ දැව තොගයක් රහසිගතව ගෙනගිය බව කියන මාන්කුලම් පොලිසියේ වැටලීම් අංශයේ ස්ථානාධිපතිවවරයාව සිටි උප පොලිස් පරීක්ෂකවරයකු එම පොලිසියේම නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. 19 March 2017
වවුනියාව රෝහලේ සිරවූ විදුලි සෝපානයෙන් දුරකතන ඇමතුම කොළඹට වවුනියාව මහරෝහලේ විදුලි සෝපානයක් අක්‍රිය වී එහි සිරවූ පුද්ගලයින් හත් දෙනකු බේරා ගැනීමට රෝහල් නිලධාරීන්ට විනාඩි 40 කට වඩා අධික කාලයක් ගත වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස එම පිරිස රෝහල් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කොට ඇත. 19 March 2017
කර්මාන්ත ශාලාවේ ගින්නෙන් ලක්ෂ 45 ක පාඩුවක් වෙන්නප්පුව ලුණුවිල කර්මාන්ත පුරයේ පිහිටි අපනයන භාණ්ඩ නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලවක ඇතිවූ ගිනි ගැනිමකින් අපනයනයට සුදානම් කරමින් තිබු විශාල භාණ්ඩ ප්‍රමාණයක් ගින්නට හසු වි ඇතැයි වෙන්නප්පුව පොලිසිය පවසයි. 19 March 2017
ශ්‍රී ලංකාවට ලැබුණු කාල දිගුවට දෙමළ ජාතික සන්ධානයේ විරෝධය ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේදී ශ්‍රී ලංකාවට ක්‍රියාත්මක කිරීමට ලබාදී ඇති යෝජනා ක්‍රියාත්මක කිරීමට තවදුරටත් අමතර කාලයක් ලබාදීම කෙරෙහි දෙමළ ජාතික සන්ධානය විරෝධය පළකරන බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පවසයි. 19 March 2017
මොරටුවේ අනතුරින් තිදෙනෙක් මරුට මොරටුව එගොඩඋයනේ දී අද (18) සවස සිදු වූ බස් සහ ලොරි අනතුරකින් බස් නැවතුමේ සිටි මගීන් තිදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 18 March 2017
පොල්අතු මඩුව කැඩුවා නම් ගොඩනැඟිලි හදන්න තම දරුවන්ට අධ්‍යාපනය ලැබීමට තිබූ පොල්අතු මඩුව කඩා බිඳ දමා ඇති බැවින් ප්‍රමාණවත් ගොඩනැගිලි ලබා දෙන්නැයි ඉල්ලමින් මහනුවර උඩුදුම්බර හපුකන්ද ප්‍රාථමික විදුහලේ සිසුන්ගේ මවුපියෝ අද දහවල් එම විදුහල ඉදිරිපිට උද්ඝෝෂණයක් කළහ. 18 March 2017
තේක්ක දැව තොගය පොලිසියෙන්ම හොරෙන් ගෙනයයි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ තේක්ක කදන් 16 ක් හොර රහසේ රැගෙන ගිය බව කියන පොලිස් සැරයන්වරයකු මාරවිල සහකාර පොලිස් අධිකාරීවරයා විසින් අත්අඩංගුවට ගනු ලැබීය 18 March 2017
ධර්මරාජ සිසුවා මහවැලි ගඟට බිලි මහනුවර ධර්මරාජ විදුහලේ 11 වන වසරේ සිසුවකු තවත් සිසුන් පිරිසක් සමඟ මහවැලි ගඟේ දිය නෑමට ගොස් ගිලී අතුරුදහන්ව ඇතැයි කටුගස්තොට පොලිසිය කියයි. 18 March 2017
යුක්රේන ජාතිකයාගේ පෙත්සම විභාගයට ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් පිටත නැවක යාත්‍රා කරමින් සිටියදී තමා අත්අඩංගුවට ගැනීමෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දු කරන ලෙස ඉල්ලා ඇවන්ගාඞ් මැරිටයිම් පෞද්ගලික සමාගමේ යුක්රේන ජාතික කපිතාන්වරයෙකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 04 වැනි දා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) තිරණය කළේය. 18 March 2017
“වෛද්‍ය සිසුන් පසෙක තබා සයිටම් අර්බුදයට විසඳුම් සෙවිය නොහැකියි“ වෛද්‍ය සිසුන් පසෙක තබා සයිටම් අර්බුදයට විසඳුම් සෙවිය නොහැකි යැයි රජයේ දන්ත වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති ආනන්ද රත්නායක මහතා පවසයි. වෛද්‍ය සිසුන්ට පහර දි හෝ මර්දනය කර මේ අර්බුදයට විසඳුම් සෙවිය හැකි යැයි ආණ්ඩුව සිතන්නේ නම් එයම මුලාවක් යැයි ද ඒ මහතා කියයි. 17 March 2017
කොට්ටාව ධර්මපාලයේ අලුත් විදුහල්පතිට විරෝධය කොට්ටාව ධර්මපාල විද්‍යාලයට අලුතින් පත් කළ විදුහල්පතිවරයා අද (17) වැඩ බාර ගැනීමට පැමිණීමත් සමඟ පාසලේ නොසන්සුන්තාවක් ඇති විය. 17 March 2017
සිසුන් ඇතුළත් කරන්න අල්ලස් ගත්තැයි රිමාන්ඩ් කොළඹ ප්‍රධාන පෙළේ පාසලක පළමු වසරට සිසුවකු ඇතුළත්කර ගැනීමට රුපියල් 650, 000 ක් ලබාගෙන වංචා කළැයි කියන සිද්ධියකට අදාළව එම විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු ලබන 30 වැනි දා තෙක් රිමාන්ඩ් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා නියෝග කළේය. 17 March 2017
ඇමැති කාරය ත්‍රිරෝද රියේ ගැටී දෙදෙනෙක් රෝහලේ එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් ගමන් ගත් කාරය ත්‍රී රෝද රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් තුවාල ලැබූ දෙදෙනෙක් මහනුවර මහ රෝහලේ 10 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටිති. 17 March 2017
මිශ්‍ර අධිකරණයකට ව්‍යවස්ථාවෙන් බාධාවක් නෑ - සුමන්තිරන් දේශීය හා විදේශීය විනිසුරුවරුන්ගෙන් යුත් මිශ්‍ර අධිකරණයක් පිහිටුවීමට මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් කිසිදු බාධාවක් නොමැති බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ.සුමන්තිරන් මහතා පවසයි. 17 March 2017
දිල්ලියේ ගින්නකින් දෝනි නූලෙන් බේරෙයි ඉන්දියාවේ දිල්ලි නුවර හෝටලයක සිදු වූ ගින්නකින් ඉන්දීය ක්‍රිකට් පිලේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි තුවාල නොලබා බේරි ඇතැයි වාර්තා වේ. සිදුවීමෙන් කිසිවෙකුට හානියක් සිදුව නැතැයි දිල්ලි ගිනි නීවීමේ දෙපාර්තුමේන්තුව පවසයි. 17 March 2017
මොළය මියගිය රෝගීන්ගේ වකුගඩු දන්දීමට ජනතාව දිරිමත් කරයි මොළය මියගිය රෝගීන්ගේ වකුගඩු දන් දීම පිළිබඳව ජනතාව අතර උනන්දුවක් ඇතිවෙමින් පවතිතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික වකුගඩු මධ්‍යස්ථානයේ අධ්යක්ෂ රත්නසිරි ඒ හේවගේ මහතා ලංකාදීපයට අද (17) පැවැසීය. 17 March 2017
පැහැරගත් නැවේ කාර්යමණ්ඩලයට අගමැතිගෙන් ඇමතුමක් පැහැරගත් නෞකාවේ සිටින ශ්‍රී ලාංකික සේවකයන් සමග අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මීට ස්වල්ප වේලාවකට පෙර දුරකතනයෙන් කතාබහ කළ බව නියෝජ්‍ය විදේශ ඇමති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියයි. 17 March 2017
කොන්දේසි දමා කොල්ලකරුවෝ නැව අතහැර යති සෝමාලියානු කොල්ලකරුවන් විසින් මීට දින කිහිපයකට පෙර පැහැරගැනීමට ලක්වූ ඉන්ධන ප්‍රවාහන නෞකාව ශ්‍රී ලංකා ජාතිකයින් 08 දෙනා සමග ඊයේ රාත්රියේදී මුදා හැර ඇතැයි රාජ්‍ය නොවන සංවිධානයක් වන ඕෂන්ස් බියොන්ඩ් පයිරසි සංවිධානය ඒඑෆ්පී පුවත් සේවයට පැවසීය. 17 March 2017
උතුරු මැද පළාත් සභාවේ නිල කාලය සැප්තැම්බරයෙන් අවසන් උතුරු මැද පළාත් සභාවේ නිල කාලය ලබන සැප්තැම්බර් මාසයෙන් අවසන් වන බවත් පළාත්පාලන මැතිවරණය මෙන් එම මැතිවරණය කල්දැමීමට රජයට කිසිම හේතුවක් ඉදිරිපත්කළ නොහැකි බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. 17 March 2017
රාජකාරි කළ පොලිස් නිලධාරියෙක් හප්පා මරලා අම්බලන්තොට නගරයේ රථවාහන පරීක්ෂා කරමින් සිටි පොලිස් නිළධාරින් දෙදෙනකු වැන් රථයකින් ආ පිරිසක් අද අලුයම 2.45ට පමණ යට කර එක් නිලධාරියකු මරා තවත් අයකු තුවාල කර පළාගොස් ඇතැයි පොලිසිය කියයි... 01 January 2026