අර්ජුන් මහේන්ද්‍රන් බැංකු නිලධාරීන් 500 කට වැඩි පිරිසක් මාරු කරයි ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපතිවරයා ලෙස අර්ජුන් මහෙන්ද්‍රන් මහතා පත්ව පැමිණී වර්ෂය තුළ මහ බැංකු නිලධාරීන් හා අංශ ප්‍රධානීන් 500 කට වඩා වැඩි පිරිසක් මාරූ කළේ යැයිද මහ බැංකු ඉතිහාසයේ කවරදාකවත් බැංකු නිලධාරීන් හා අංශ ප්‍රධානීන් මේ අයුරින් ස්ථාන මාරූකර නැතැයිද බැදුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් ශ්‍රී ලංකා මහා බැංකුවේ මුල්‍ය මණ්ඩලයේ ලේකම් එච්.ඒ.කරුණාරත්න මහතා අද (16) පැවසීය. 17 March 2017
පැහැරගත් නැව මුදා හරී කාර්ය මණ්ඩලයේ ශ්‍රී ලාංකිකයන් අට දෙනකුගෙන් සමන්විත වූ පැහැර ගන්නා ලද තෙල් ප්‍රවාහන නෞකාව සෝමාලියානු මුහුදු කොල්ල කරුවන් විසින් මුදාහරිනු ලැබ ඇත. 17 March 2017
ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂා කරන්නයි ජනාධිපතිගෙන් ඉල්ලීමක් සෝමාලියා මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගනු ලැබූ නෞකාවට වෙඩි නොතබන ලෙසත් එහි සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙසත් නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න සෝමාලියානු ආරක්ෂක අංශ වෙත ඉල්ලීමක් කර ඇත. 16 March 2017
උදයංග වීරතුංගගේ පෙත්සම සලකා බැලීම මැයි 8 දාට කල්යයි තමාට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මඟින් වරෙන්තුවක් ලබා ගැනීමෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය තමාගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇතැයි සඳහන් කරමින් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ගොනු කළ පෙත්සම සලකා බැලීම මැයි 8 වැනිදාට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (16) තීන්දු කළේය. 16 March 2017
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැරිස් ශාඛාවේ පිපිරීමක් පැරීසියේ කලාප අංක 16 හී ඇවනිව් ඉඅනා ලෙසින් හදුන්වන පාරේ පිහිටා ඇති ජාත්‍යයන්තර මුල්‍ය අරමුදලේ පැරිස් ශාඛාවේ අද(16) පෙරවරු11.30 ට පමණ පිපිරීමක් සිදු විය. රතිඤ්ඤාවක් වැනි දෙයක් පිපිරෙන හඬක් ඇතිවූ බව ඇසින් දුටුවෝ පවසති. 16 March 2017
සී.එස්.එන් නාලිකාවට දුන් සංඛ්‍යාතය අප්‍රේල් 3 දා දක්වා රඳවාගන්න නියෝග තම විකාශන බලපත්‍රය අත්හිටුවීමට එරෙහිව සී.එස්.එන් නාලිකාව විසින් ගොනු කර තිබූ රිට් පෙත්සම විභාගය අප්‍රේල් 3 වැනිදා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය අද (16) තීන්දු කළේය. නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අසනීප තත්ත්වයේ පසුවීම හේතුවෙන් පෙත්සම් විභාගය මෙදිනට කල් තැබිණි. 16 March 2017
වෙඩි හුවමාරුව නවත්වන්න මැදිහත්වන ලෙස ශ්‍රී ලාංකික කපිතාන්ගෙන් ඉල්ලීමක් සෝමාලියාවේදී පැහැරගනු ලැබූ නැවේ සිටින මුහුදු මංකොල්ලකරුවන් හා සෝමාලියා වෙරළාරක්ෂක භටයින් අතර වෙඩි හුවමාරුවක් සිදුවන බව මොගඩිෂු අගනුවරින් ලැබෙන වාර්තා සඳහන් කරයි. 16 March 2017
කීත් නොයාර් දින 14ක් ඇතුළත ගෙන්වන්න නියෝග මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් කෘර වධහිංසා කළැයි කියන සිද්ධියේ සැකකරුවන් හඳුනා ගැනීමට නම් රාජ්‍ය තාන්ත්‍රික පියවර අනුගමනය කර කීත් නොයාර් මහතා දින 14ක් ඇතුළත මෙරටට ගෙන්වන ලෙස ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය රහස් පොලිසියට දැනුම් දුන්නාය. 16 March 2017
දේශීය යාන්ත්රණයට තවත් වසර දෙකක් ඉල්ලයි ශ්‍රී ලංකාවට එල්ල වී ඇති මානව හිමිකම් චෝදනා සම්බන්ධයෙන් විසඳුම් සෙවීමේ දේශීය යාන්ත්‍රණය ක්‍රියාවට නැංවීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයෙන් තවත් වසර දෙකක කාලයක් ඉල්ලා තිබෙන බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා අද පැවසීය. 16 March 2017
කෙටවල අමුණේ දිය නෑමට ගිය දෙදෙනෙක් මරුට ගම්පහ, කෙටවල අමුණේ දියනෑමට ගිය යක්කල සිද්ධායුර්වේද වෛද්‍ය විද්‍යාලයේ සිසුන් 8 දෙනකුගෙන් දෙදෙනකු දියේ ගසා ගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි. 16 March 2017
ත්‍රීකුණාමලයයේ ඩෙංගු මර්දනයට අගමැතිගෙන් ලක්ෂ 50 ක් ත්‍රීකුණාමලය දිස්ත්‍රීක්කයේ ඩෙංගු මර්දන කාර්ය සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් රුපියල් මිලියන පහක මුදලක් වෙන්කර ඇති බවත් ඩෙංගු රෝගයෙන් බරපතල තර්ජනයක් එල්ල වී ඇති කින්නියා ප්‍රදේශයට විශේෂඥ වෛද්‍යවරුන් සිව්දෙනෙකු ඇතුළු 23 දෙනෙකුගෙන් කණ්ඩායමක්ද කොළඹ සිට එවා ඇති බවත් නැගෙනහිර පළත් සෞඛ්‍ය අමාත්‍ය ඒ.එල්.එම්.නසීර් මහතා පැවසීය. 16 March 2017
බුද්ධි අංශ දඩයම තාම ඉවර නැතැයි බෙංගමුවේ නාලක හිමියෝ කියති ඇවන්ගාඞ් ආයතනය තිබුණා නම් අද අපේ නාවිකයන් මුහුදු මංකොල්ලකරුවන්ගේ අත් අඩංගුවට පත්වන්නේ නැතැයි දේශපේ‍්‍රමී භික්ෂු පෙරමුණේ නායක බෙංගමුවේ නාලක හිමියෝ පවසති. 16 March 2017
ජාතික වීර දිනයේ 90 දෙනෙකුට සම්මාන ජාතික වීර දිනයට සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් සංවිධානය කෙරෙන ජාතික සම්මාන ප්රදානෝත්සවයේදී 90 දෙනෙකුට සම්මාන ප්රදානය කෙරෙන බව ජනාධිපති ලේකම් පී.බී අබේකෝන් මහතා පවසයි. 16 March 2017
ධිවර කැබිනට් ධූරයේ වෙනසක් කරන්න ජනපති සැරසෙයි තංගල්ල ආසනයට ධීවර ඇමැතිධූර තුනක් තිබීම ගැටළුවක් වි ඇත්නම් ධීවර කැබිනට් ඇමැතිධූරයේ වෙනසක් කිරීමට තමා කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 16 March 2017
ගැසට් නිවේදෙනයට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් පෙබරවාරි 23 වැනිදා නිකුත්වූ මානව හිමිකම් උල්ලංඝනය කරනා හිස්වැසුම් පිළිබඳ ගැසට් නිවේදෙනයට එරෙහිව සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය හා පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අද (16) මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කළේය. 16 March 2017
කප්පම් මුදල ගෙවා ශ්‍රී ලාංකිකයන් බේරාගන්න නැව් හිමියා සූදානම් සෝමාලියා මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගනු ලැබූ නැවේ සිටින පිරිස බේරාගැනීමට සඳහා කප්පම් මුදලක් ගෙවීමට සිදුවුවහොත් එය ගෙවා ඔවුන් බේරාගන්නා බව නැව් හිමියා ප්‍රකාශ කර ඇතැයි එම නැව් සමාගමේ ශ්‍රී ලංකාවේ නියෝජිත ටිරෝන් ප්‍රනාන්දු මහතා පැවසීය. 16 March 2017
තාජුදීන් ඝාතනය කළ සැබෑ මිනීමරුවා අත්අඩංගුවට ගන්නයි අනුර සේනානායක ඉල්ලයි රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය කිරිමට ආධාර දීම සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින නාරහේන්පිට නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා විත්ති කුඩුවේ සිට මහේස්ත්‍රාත්වරයා අමතමින් විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ තාජුදීන් ඝාතනය කළ සැබෑ මිනීමරුවා අත්අඩංගුවට ගන්නා ලෙස තමන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට බල කර සිටින බවයි. 16 March 2017
මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියාවට වසර 19 ක් හිරේ උතුරු මැද පළාත් සභා මැතිවරණ සමයේ දී උතුරු මැද පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජා ජෝන්පුල්ලේ මහතාගේ දේපළවලට හානි කිරීම හා අමාත්‍යවරයාට පහරදි තුවාල කළැයි මිහින්තලේ ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රී අනිල් පුෂ්පානන්ද සහ නිමල් ගාමිණි ජයසූරිය යන අයට වසර 19 යි මාස හයක බරපතල වැඩ සහිත සිර දඩුවමක් නියම කිරීමට උතුරු මැද පලාත් බද මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (16) නියෝග කළේය. 16 March 2017
උතුරේ අතුරුදන්වූවන්, ඉඩම් ගැටලු සොයන්න කැනඩාවෙන් එති කැනඩාවේ මන්ත්‍රීවරුන් සිව් දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා සමග විශේෂ සාකච්ඡාවකට එක් වූහ. 16 March 2017
ශ්‍රී ලංකාව තුළ සංහිදියාව ඇතිකිරිමට ඇමරිකානු සහාය ශ්‍රී ලංකාව තුළ සංහිදියාව හා යුක්තිය ඇති කිරිමට උපරිම සහයෝගය ලබාදෙන බව ඇමරිකා එක්සත් ජනපදය කියා සිටී. මෙවර එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඇමරිකාව විසින් ඉදිරිපත් කල යෝජනාවේ අරමුණ ද එය බව නිවේදනයක් නිකුත් කරමින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පෙන්වාදේ. 16 March 2017
නාමල්ට රට යන්න අවසර ආසියානු නීතිඥ සංගමය සංවිධානය කරන පාපන්දු තරගාවලියක් සඳහා ශ්‍රි ලංකා නිතිඥ කණ්ඩායම නියෝජනය කරන බැවින් එයට සහභාගී වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට පනවා ඇති විදේශ තහනම ඉවත් කරන ලෙස අද (16) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඔහු ඉල්ලීමක් කළේය. 16 March 2017
පැහැරගත් නැවේ සිටි ලාංකිකයන්ගේ නම් ගම් හෙළිවෙයි සෝමාලියා මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගත් නෞකාවේ ගමන් කල ශ්‍රී ලාංකිකයන්ගේ නම් අනාවරණ වී ඇත. 16 March 2017
මුව, ගෝන අං තට්ටු අලෙවි කළ නිවසක් වටලයි ගල්ඔය හතරැස් කොටුව ප්‍රදේශයේ කළ වැටලිමක දී අලෙවි කිරිමට සුදානම් කර නිවසක සඟවා තිබූ මුව අං තට්ටු 03 ක්, ගෝන අං තට්ටු 03 ක් සහ මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමග සැකකරුවන් දෙදෙනකු අත් අඩංගුවට ගත් බව පොළොන්නරුව දිසා විශේෂ වැටලීම් ඒකකය පවසයි. 16 March 2017
ශ්‍රී ලංකාවේ ජලජීවී වගාව නැංවීමට කොරියාවෙන් ඩොලර් ලක්ෂ 25 ක් කොරියානු සාගර හා ධීවර අමාත්‍යංශය අතර පැවති සාකච්ජා වල ප්‍රතිඵලයක් ලෙස රුපියල් මිලියන 375ක (ඩොලර් මිලියන 2.5) ක් ශ්‍රී ලංකාවේ ජලජීවී වගාව නගා සිටුවීම සඳහා ප්රදානය කිරීමට අවධානය යොමු වී ඇත. 16 March 2017
කේරළ ගංජා කිලෝ 2 ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට යාපනය සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස්රථයක රුපියල් ලක්ෂ දෙකකට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ දෙකක් රැගෙන යමින් සිටි පුද්ගලයින් දෙදෙනකු කිලිනොච්චියේ දී අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි. 16 March 2017
රෝහල් 4 කම ගිලන් රථ ගිලන්: ලෙඩා මරුට අලව්ව ප්‍රාදේශීය රෝහලට පසුගිය 2 වැනිදා රාති‍්‍රයේ ඇතුළත් කළ රෝගියකුට මූලික ප්‍රතිකාර ලබාදුන් එහි සේවයේ යෙදී සිටි වෛද්‍යවරයා රෝගියා වහාම කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරුකර යවන ලෙස උපදෙස් දුන්නත් ඔහු එහි ගෙනයාමට අලව්ව රෝහල ඇතුළු ප්‍රදේශයේ රෝහල් හතරකින් ගිලන් රථයක් ලබාගැනීමට නොහැකිවී ඇති අතර පැය පහක ප්‍රමාදයකින් පසුව කුරුණෑගල රෝහලට ඇතුළත් කළ අවස්ථාවේදී ඔහු එහිදී මියගොස් ඇත. 16 March 2017
අලුත් ව්‍යවස්ථාවකට හොඳම වෙලාව මෙයයි - දඹර අමිල හිමි කිසිම ජාතියක් වෙනම රටක් නොඉල්ලන මේ කාලය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට හොඳම කාලය බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමියෝ කීහ. සිංහල ජාතිකයන් වූ මෛත්‍රීපාල සිරිසේනට මෙන්ම මහින්ද රාජපක්ෂටද පසුගිය ජනාධිපතිවරණයේදී දෙමළ ජනතාවගේ ඡන්දය ලැබුණු බවත්, දෙමළ අපේක්ෂකයන් නොවන බව කියමින් ඔවුන් ඡන්දය දීම ප්‍රතික්ෂේප නොකිරීමෙන් එම ජනතාවගේ අපේක්ෂාව පෙනෙන්නේයැයි ද අමිල හිමියෝ පැවසූහ. 15 March 2017
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සභාපති ඉල්ලා අස්වෙයි අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සභාපති ශෂාන්ක් මනෝහර් මහතා අද (15 වැනිදා) සිය තනතුරෙන් ඉල්ලා අස්වූයේය. 15 March 2017
උදය රොහාන් නීතීඥ සංගමයේ සභාපති තනතුරට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ 2017/2018 වසර සභාපතිවරයා ලෙස නීතීඥ උදය රෝහාන් ද සිල්වා මහතා පත්ව ඇති බව නිල නොවන ආරංචි පවසයි. 15 March 2017
කොරියානු ආධාර ඩොලර් මිලියන 200 කින් ඉහළ යයි ආර්ථික සංවර්ධන සහ මුල්‍ය සමායතනය සඳහා මෙතෙක් ලංකාවට ලබා දෙන ලද ඩොලර් මිලියන තුන්සියය ඉදිරි වසර තුන සඳහා ඩොලර් මිලියන පන්සියය දක්වා වැඩි කිරීමට කොරියානු විදේශ අමාත්‍යවරයා එකඟ වූ බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය. 15 March 2017
රාජකාරි කළ පොලිස් නිලධාරියෙක් හප්පා මරලා අම්බලන්තොට නගරයේ රථවාහන පරීක්ෂා කරමින් සිටි පොලිස් නිළධාරින් දෙදෙනකු වැන් රථයකින් ආ පිරිසක් අද අලුයම 2.45ට පමණ යට කර එක් නිලධාරියකු මරා තවත් අයකු තුවාල කර පළාගොස් ඇතැයි පොලිසිය කියයි... 01 January 2026