(ජුඩ් සමන්ත)
බාල වයස්කාර පාසල් සිසුවියක් පැහැර ගෙන ගොස් ඇයට අතවර කළ බව කියන 23 හැවිරිදි තරුණයකුව හිදෝගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන මුන්දලම පොලීසියට බාර දෙනු ලැබීය.
අතවරයට ලක්ව ඇත්තේ මුන්දලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15 ක් වන පාසල් සිසුවියකි.
සිසුවියගේ පියා ඔවුන් හැර ගොස් ඇති අතර,මව රැකියාවක් සදහා විදේශ ගතව සිටින්නීය. දැරිවිය සිට ඇත්තේ තම මිත්තණියගේ බාරයේය.
සිසුවිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත. සැකකරු පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මුන්දලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd