25,000 ක අල්ලසකට වසර 10ක් හිරේ
බේකරි හිමියකුගෙන් රුපියල් 25,000ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වු අනුරාධපුර කම්කරු කාර්යාලයේ ක්ෂේත්ර නිලධාරකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඔහුට රුපියල් 40,000ක දඩයක්ද නියම කළේය.