(නිමන්ති රණසිංහ)
අධික වේගයෙන් රිය පැදවීයැයි වරද පිළිගත් නීතීවේදී සුගන්ධිකා ප්‍රනාන්දු මහත්මියට අවවාද කර මුදා හැරීමට කොළඹ රථවාහන අධිකරණයේ මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා අද නියෝග කළේය.
අධිවේගී මාර්ගයේ පැයට කිලෝමීටර 117ක වේගයෙන් රිය පැදවීයැයි කියමින් පෑලියගොඩ පොලිසිය ඇයට එරෙහිව චෝදනා ගොනු කර තිබිනි.
නීතීවේදීයකුගේ සහායක් නැතිව විත්තිකූඩුවට නැගී නීතීඥ සුගන්ධිකා මහත්මිය වරද පිළිගත්තාය. ඇගේ නීති වෘත්තිය ගැන සලකා බලන බව කී මහේස්ත්‍රාත්වරයා ඇයට අවවාද කර මුදා හැරීමට නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නිවැරදිව මංතීරුවේ වේගයෙන් දිවයා හැකි කාන්තාවකි.
නීතිය නීතීඥයින් විසින් කපා හැරියා!
මොන පොතේද ඒ නීතිය තියෙන්නේ? ලංකාවේ නීතිය ක්‍රියාත්මක දුප්පතුන්ට පමණි.
2500 දඩය ගහලද, දඩයකුත් නැද්ද?
ඔය ලෑස්ති වන්නේ වටින් ගොඩින් මොන මොනවා හරි පටලවා කොටු කරගන්නයි. ඉස්සරහට තව නාට්‍ය බැලිය හැකියි.
පව්... හොඳ කටක් තියෙන කෙල්ලක් තමයි.
අපි හයිස්පීඩ් ගිහින් ඇල්ලුවහම වරද පිළිගත්තාම දඩ ගහනවා. මෙයාලට වෙනම නීතියක්ද මේ රටේ තියෙන්නේ...?
කණගාටුයි. "ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට"
අධික වේගයෙන් රිය පැදවීමට එවෙලේම දඩයක් නේද අය කරන්නේ?... උසාවියට දාලා තියෙන්නේ ඇයි?
ඔබතුමියට ජය වේවා!
ඒ කියන්නේ ඕනෑම නීති වේධියකුට මහා මාර්ග නීති කඩලා බේරෙන්න පුළුවන්?
මේක ඉතාම වැරදි පුර්වාදර්ශයක් . මාර්ග නීති කඩ කිරීමකදී චුදිතයා 'රියදුරෙකු' මිස නීතිඥයෙකු හෝ වෙනයම් වෘත්තියකයෙකු ලෙස සලකා දඬුවම් නොකිරීම නීතියේ මුලික සිද්ධාන්තයන්ට පටහැනියි. මෙතන තියන ලොකුම වරද මේ නීතිඥ වරියව නිදහස් කිරීම නොවෙයි . "ඇගේ නීති වෘත්තීය ගැන සලකා බලා අවවාද කර නිදහස් කරන බව" ප්‍රකාශ කිරීමයි . නීතිය කඩ කල තැනැත්තෙකු, නීතිය නොදැන සිටීම නිදහසට කරුණක් නොවන බව උසාවිය පිලිගන්නවා නම් නීතිය දන්නා කෙනෙකු නීතිය කඩ කිරීමකදී " නීතිය දන්නා කෙනෙකු "" නිසා නිදහස් කරනවා කීම විහිළුවක් . මම හිතනවා අගවිනිසුරුතුමා මේ සම්බන්ධයෙන් යම් ක්‍රියා මාර්ගයක් ගනීවි කියලා.
ඇත්තටම ඇය ඉතාම උතුම් තැනැත්තියක්... සත්‍ය වශයෙන්ම නීතිය ඉටුවිය යුතු තැන්වල... සැබවින්ම සිදුවන සත්‍යතත්වය පෙන්වාදීම තුළ ඇයට සැබවින්ම තර්ජනයක්ම වේවි. 99.99% නොමග යන සහ එය නිවැරදිව දකිනවුන් අතර උඩුගම්බලා පිහිනීම සැබවින්ම අසීරු වුවත්, නැති වේගයක්, නැතිවරදක් පටවා හෝ එතුමියව අත්අඩංගුවට ගන්න සුදානම් වීමක් දෝ සිතාගත නොහැකිය. ඔබතුමියට බුදුසරණයි !!!
ඔය පටන් ගත්ත විතරයි!! දැන් ඉතින් සුගන්ධිකා මහත්මියට දිනපතාම අධිකරණයට යන්න වෙන විදිහට කටයුතු සලස්සවයි. සත්‍ය වෙනුවෙන් පෙනී සිටින අයට හතර වටින්ම පහර දීම මේ රටේ අමනයින්ගේ ස්වභාවයයි. හෙට, අනිද්දට එකතුවෙලා ගහන කැලෑ පත්තර අපිට හැම තැනකදීම දකින්න, කියවන්න ලැබෙයි.
නිතීඥයට නීතිය වෙනස්ද.?
දඩයම පටන් ගත්තා වගේ.
හරි සෙල්ලමක්නේ මේක? සාමාන්‍ය මිනිස්සුන්ටයි ලොකු උදවියටයි වෙනම නීතියක් කොහොමද?හරිනම් සමාජයේ ප්‍රසිද්ද උදවිය වැරදි කලාම දඬුවම වැඩි වෙන්නයි ඕන, අඩු වෙන්න නෙවෙයි. එතකොට තමයි සමාජයට හරි පණිවිඩයක් යන්නේ. සති කීපයකට කලින් එංගලන්තේ Anthony McPartlin (Ant) බිමත්ව රිය පදවල අසු උනාම අධිකරණය සාමාන්‍ය මිනිස්සුන්ට පනවනවට වඩා අති විශාල දඩයක් ගැහුවේ ඔහුගේ සමාජ තත්වය සලකලා, එයින් සමාජයට යන පණිවිඩය සලකලා. ලංකාවෙනම් එහෙම නෑ.
සුගන්ධික පහු ගිය කාලෙ අධිකරණය ගැන කියපු දේවල් බොහොම හරි බව පේනවා.
නීති වෘත්තිය තමා වෘත්තිය ...
ඇයි ඒ වෘත්තිය වෙනම එකක්ද? නීතිය නම් හැමෝටම එකක් වෙන්න ඕනෑ. ඉස්සර එක විනිසුරුවරියක් තමන්ගේ මනුස්සයටත් දඩගහලා තිබ්බ උසාවිය ඉස්සරහ නලාව ශබ්ද කළා කියලා. එහෙම මිනිස්සුයි හැමෝටම එක හැන්දෙන් බෙදන්නේ. අනික සාධාරණය ගැන පුරාජේරු දොඩවපු මෙයටත් ලැජ්ජාවක් තියෙනවා නම් දඩය ගෙවලා යන්න තිබ්බනේ උසාවි දම්මවා ගන්නේ නැතිව. හැබැයි ස්ටේෂන් එක වැරදීමකින් පහුවෙන මනුස්සයටත් දඩ ගහන්නේ මොනර කොළ 3 කට එහා ගෙවන්න වෙන විදියට. එදා වේල හම්බකරන් කන දුප්පත් මිනිහගෙන් බදුවලටත් හුරන් කාලා.. දඩවලටත් හුරන් කාලා... තියෙන කෙනාට හැමදාම සහන දුන්නම හරි. ඔහොම රැකියාව කරලා ගන්න පඩිය ළමයින්ටවත් යාදේවිද කියන එක තමයි ප්රශ්නය...!!!
නිතීඥ සුගන්ධිකා ප්‍රනාන්දු කල ආන්දෝලනාත්මක කතාව (යු ටුබයේ ඇත) හෙවත් අධිකරණ ක්ෂේත්රයේ සිදුවන ගුජුප්සාජනක අකටයුතුකම් හෙලිකල නිසා පොලිසිය පස්සෙන් පන්නනවදවත් සැකයි මට නම්.
"ඕවා දෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට". අහන්න තියෙන්නේ කුලී රථ රියෙදුරෙක්ට මෙහෙම අවවාදකරලා නිදහස් කරයිද කියලා. මේ ඔක්කොමදෙනා එකම කැඳ හැලියේ අඩු වැඩියට තැම්බූන හාල්වගේ.
නීතය ඉදිරියේ එක එක වෘතීන්ට වෙන වෙන දඬුවම් ?
දැන් ඉතින් ඔබතුමියට උසාවි යන්න වැරදි කරන්නම ඕන නෑ. ලොකුම වැරැද්ද කරානේ? වැරදිකාරයෝ පෙන්නල දෙන එක.
ඇත්ත කථාකරනකොට ඔහොම දේවල් වෙනවා. ලංකාවේ අධිවේගී මාර්ගවල වේගපාලන නියමයන්ම වැරදියි. අධිවේගයක් කියලා කියන්න පුලුවන් වෙන්නේ අඩුම ගානේ මාර්ගයට ඇතුලුවූ තැන ඉදලාම 100 කි.මී. පදවන්න හැකිනම් පමණයි. ලංකාවේ අධිවේගේ 80කිමී වේගෙන් යන්න ඕනෑ අධිවේගෙන් බාගයක්ම.
කොහොමත් දැන් ඉතින් නිතීඥ සංගමය ඔබතුමියගේ පස්සෙන්ම එයි. ඒ ඔබෙතුමිය කොයි වෙලාවේ හරි පුංචි වැරද්දක් කලත් එය ලොකු කර ප්‍රසිද්ධ කරාවී. පරිස්සමින්. ඔබට ජය..!
වරදක් කලත් සිතකින් නොවේ...
"ඇගේ නීති වෘත්තිය ගැන සලකා බලන බව කී මහේස්ත්‍රාත්වරයා ඇයට අවවාද කර මුදා හැරීමට නියෝග කළේය." මේ අනුව විනිසුරන්ගේ අක්‍රමිකතා පිළිබඳ ඇයගේ විවෙචනය නිවැරදි බව සනාථවේ .
"...ඇගේ නීති වෘත්තිය ගැන සලකා බලන බව කී මහේස්ත්‍රාත්වරයා..." මේ තියෙන්නේ තමන්ගේ අයට සලකාගෙන. තමුන්ට වාසිවෙනකොට නෝ කතා නෝ සිනා....
නීතිය සාධාරන නැති බව මෙන්ම ඔප්පු වෙනවා.
ඇය ගේ කතාවෙන් පස්සේ හැමෝම දෙබරෙට ගල් ගැහුවා වගේ කුලප්පු වෙලා පස්සෙන් එලවනවා ඇති. ආත්ම ආරක්ෂාව සදහා අධික වේගයෙන් යන්න ඇති. අනික අධිවේගී මාර්ගයක අධික වේගයෙන් යන්ඩ බැරිනම් මොකටද ඕවා හැදුවේ ?