( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකා නීතීඥ සංගමය වාර්ෂිකව පවත්වන ‘‘ජාතික නීති සතිය ’’ ලබන 21 වැනි දා සිට 27 වැනි දා දක්වා දිවයින පුරා පැවැත්වෙන බව ශ්‍රී ලංකා නීතීඥ සංගම් සභාපති යූ.ආර්.ද සිල්වා මහතා පැවසීය.
මහජනතාවට නොමිලේ නීති ආධාරි හා උපදෙස් ලබා දීම සමගම නීතිය පිළිබඳ දැනුම හා අවබෝධය ජනාතාව අතර ප‍්‍රවර්ධනය කිරීම මෙවර ජාතික නීතිය සිතයේ අරමුණ වන බව නීතීඥ සංගම් සභාපතිවරයා වැඩිදුරටත් කීය.
ජාතික නීති සතිය පිළිබඳ දැනුවත් කිරීම සඳහා කොළඹ අලූත්කඬේ පිහිටි එම සංගම් මූලස්ථානයේ අද (1) පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී හෙතෙම මේ බව කියා සිටියේය.
‘‘ නීතිගරුක සමාජයක් උදෙසා නීතීඥ ප‍්‍රජාව’’ මැයෙන් පැවැත්වෙන මෙවර ජාතික නීති සතියේ ප‍්‍රධාන වැඩමුළුව කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ මහ නගර සභා පරිශ‍්‍රයේදී පැවැත්වෙන අතර ඊට සමගාමීව දිවයිනේ සියලූ දිස්ත‍්‍රික්ක නියෝජනය කරන පරිදි මාතලේ , යාපනය , ගාල්ල, මාතර,අනුරාධපුරය ,මඩකලපුව ,කුරුණෑගල ,වව්නියාව සහ ගම්පහ යන ප‍්‍රදේශවල අධිකරණ ශාලා පරිශ‍්‍රයන්හි නීති ආධාර වැඩමුළු හා ප‍්‍රදර්ශන පැවැත්වෙන බවද නීතීඥ සංගම් සභාපතිවරයා කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය සතිය අපේ වෙනුවෙන් පවත්වනවාට වඩා සුගධිකා මැතිනිය ගෙනාපු චෝදනාවල් නැවත ඇති නොවෙන්න කටයුතු කරන්න සොයා බලන්න යොදාගත්තොත් මොකද? නීතිය ගැන අපි දන්නවා, නීතිය කඩන නීතිය කරන අය ගැනත් අපි දන්නවා. එහෙම කියන්නේ නීතිය, යුක්තිය ගැන අපේ බලාපොරොත්තු බොහොම දරුණුවට දැන් කඩවෙලා නිසා.
නීතිය පිළිබද රටේ ජනතාව අමුතුවෙන් දැනුවත් කරන්න දෙයක් නැහැ. ජනතාව දන්නවා නීතිය හොඳට. රටේ නීතිය ඔවුන්ගේ කරගත් අයට තමයි මේ රටේ නීතිය වලපල්ලට යවන්නේ.