(රෝවන් පෙරේරා)
මාදම්පේ පොල් වත්තක අනාරක්ෂික ළිඳක වැටී සිටි කිරි ඉබ්බන් 14 දෙනකු පුත්තලම වනජීවී පාලන ඒකකය විසින් රැගෙන විත් තබ්බෝව ජලාශයට මුදා හැරිමට කටයුතු කර තිබේ.
ඊයේ (30) ප්‍රදේශවාසින්ගේ දැනුම් දීම මත එහි ගිය වනජීවී නිළධාරීන් පැය කිහිපයක් දැඩි වෙහෙසක් දරා ළිදේ ජලය ඉස ඉබ්බන් අල්ලා මාදම්පේ සිට කිලෝ මීටර අසූවක් පමණ දුරින් පිහිටි කරුවලගස්වැව තබ්බෝව ජලාශයට මුදා හැරීමට කටයුතු කර තිබේ.
මෙම ඉබ්බන් ඉතා අධික මිලටකට අලෙවි කිරීම සිදුකරන බැවින් ආරක්ෂා සහිත ප්‍රදේශයක්වූ තබ්බෝව අභය භූමියට අයත් වන ප්‍රදේශයක පිහිටි තබ්බෝව ජලාශයට මුදා හැරීමට කටයුතු කළ බව බව වනජිවී නිලධාරීහු සඳහන් කළහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම හොඳ දෙයක්. අපේ ප්රණාමය!