සුජිත් හේවාජුලිගේ
ජනතා සිහින පසෙක තබා පෞද්ගලික දේශපාලන සිහින පමණක් සැබෑ කරගන්නා අවස්ථාවාදී පහත් දේශපාලන සංස්කෘතියක් රටේ බිහිවී තිබෙන බවත් හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස මහතා පෞද්ගලික සිහින පසෙක තබා ජනතා සිහින සැබෑ කිරිමට ගන්න දැරූ ශ්‍රේෂ්ඨ ජන නායකයකු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
අද රටේ ගොඩක් අවුල් ඇතිවී ඇත්තේ මේ පහත් දේශපාලන සංස්කෘතිය නිසා යැයි ද ජනාධිපතිවරයා කීය.
ජනපතිවරයා මේ බව පැවසුවේ කොළඹ අලුත්කඩේ අධීකරණය අසල පිහිටි ප්‍රේමදාස පිළිරුව අසලදී අද (1) පැවති 25 වැනි ප්‍රේමදාස ගුණ සැමරුමට සහභාගී වෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ජනාධිපතිතුමා කතාවට පමණක් සීමා නොවී ආදර්ශයක් දෙනවා.
අලුත් සංස්කෘතියට සම්පුර්ණයෙන්ම වග කිව යුත්තේ ඔබතුමා සහ ඔබතුමාගේ අගමැති වරයා බව අමතක නොකරන්න.
මේ අවස්ත්වාදී පහත දේශපාලනය වෙනස් කරන්න ඕනි සියලුම බලතල ඔබතුම සතුයි. ඒක නිසා මේ අන්තිම අවුරුදු 2දි ඒවා හරියට ක්‍රියාත්මක කරන්න.
වගකියන්න ඕන කවුද මේවට අපිද? අපි ඕවට දැං රැවටෙන්නෑ.
අවස්ථාවාදී පහත් දේශපාලනයට අඩිතාලම දැම්මේ කවුද.?
ඔබතුමා මොනවහරි කීවද ? ඇහුනේ නැහැ " කරුණාකරල ආයෙ කියනවද ඇහෙන්න
මෙයාම එය පිලිගත්එක ලොකු දෙයක්.
සහතික ඇත්ත එ්ක මෙතුමාම කියපු එක වඩාත්ම වැදගත්.අපරාදේ කියන්න බැහැ ඉදල හිටලා ඇත්තත් කියානවා නේද .?
ජනතාව ඔබතුමාව. පත්කර ගත්තේ ඔය කියන පහත් දේශපාලන සංස්කෘතිය ඉවත් කර ගැනීමටය. ඔබතුමාම එය ආරක්ෂා කරන බව නොතේරෙන්නේ එක්කෝ නිවටකමටය, නැති නම් අපේ කරුමයටය, එසේත් නැති නම් ඔබ තුමාගේ පැවැත්මටය.
" කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැත ".
අනේ අපි බබාල කියලද හිතන්නේ? ඔබතුමාව අපි පත්කළේ ඒ සංස්කෘතිය වෙනස්කරන්න. ඒ අමාරු වැඩේ කරන්න... මැසිවිලි කියන්න නෙමෙයි.