(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
තම ටැබ් පරිගණකයට වීඩියෝ ගේම් එකක් දමා ගැනීම සඳහා මිතුරකුගේ නිවසකට ගිය 13 හැවිරිදි පාසල් සිසුවකු නිරුවත් කොට එම දර්ශන වීඩියෝ කර අපයෝජනයට ලක් කළ බව කියන බාල වයස්කාර මිතුරන් සිව් දෙනෙකු සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව කඹුරුපිටිය පොලීසිය පවසයි.
තමාගේ ටැබ් එකට වීඩියෝ ගේම් එකක් ඩවුන් ලෝඩ් කර දෙන ලෙස ඉල්ලා සිටි විට ඔවුන් සිනා සෙමින් තමා අල්ලා ගෙන කලිසම ගලවා දමා ටැබ් පරිගණකයෙන් තමා නිරුවත් වීඩියෝ කර දුන් බවට එම සිසුවා පොලීසිය වෙත පැමිණිලි කර තිබේ.
තවද ඒ බව කිසිවකුට හෝ පැවසුවහොත් පහර දෙන බවටද සැකකාර මිතුරන් පවසා ඇත.
පසුව ඒ බව දෙමාපියන්ට පැවසීමෙන් අනතුරුව පොලීසිය වෙත පැමිණිලි කර තිබුණි. අපයෝජනයට ලක්වු බව කියන සිසුවා වෛද්‍ය පරීක්ෂණයක් සදහා රෝහල් ගත කර ඇත.
අවුරුදු 13 හා 16 යන වයස් වල පසුවන සැකකාර සිසුන් සිව් දෙනා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩි විහිළුවක්නේ කොල්ලෝ ටික කර තියෙන්නේ... කොලුකමට කරන දේවල්නේ... ඔච්චර දුරදිග යවන එක වැරදියි... මම කියන්නේ, කනෙන් අල්ලලා, හොල්ලලා, ටොකු තුන හතරක් ඇනලා අත අැරියා නම් නරකද?
මේවා හැමදාම ඇතිවෙන ප්‍රශ්න. අවුරුදු බර ගණනකට ඉස්සර අපේ හොස්ටල් එකෙත් ඔහොම ඒවා වෙලා ඔක්කොම වැරදි කාරයෝ ස්ටඩි හෝල් එකට එකතුකරලා වොර්නින්ග් ලෙක්චර් එකක් දීලා වේවැල් පාර 20 ගානේ ගැහුවා.
මෙවැනි දරුවන්ගේ ක්‍රියාකලාප වලට මවුපිය චර්යාවන්, ගෙදර පරිසරය, වටාපිටාව අනිවාර්යෙන් බලපානවා.
අවුරුදු 2607 ක් තිස්සේ බණ අසන දහම් දිවයින මේ අඳබාල තරුණයින්ට නොඇසීම ජාතියේ අවාසනාවකි.