(විජේරත්න රත්නායක )
ඌව පළාතේ පළාත් රෝහල්වල වෛද්‍යවරුන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයට ගෙවිය යුතු සියලු හිඟ අතිකාල දීමනා මැයි 7 වැනි දා ට පෙර නොගෙවන්නේ නම් පළාතේ සියලු රෝහල්වල වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පැවසීය.
බදුල්ල පළාත් මහ රෝහල් පරිශ්‍රයේදී අද (1) මේ සම්බන්ධව පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවකදී කීවේය.
රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ බදුල්ල ශාඛාවේ සහකාර ලේකම් වෛද්‍ය චතුර මාරසිංහ මහතා සඳහන් කළේ ඌව පළාත් සෞඛ්‍ය ආයතනවල කාර්ය මණ්ඩලයන්ට ගෙවිය යුතු අතිකාල දීමනා ගෙවීම විධිමත් ලෙස සිදු නොවන අතර බොහෝ විට අදාළ බලධාරීන් විසින් එම ගෙවීම් ප්‍රමාද කරන බවයි.
මෙම අවස්ථාවට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය නියෝජනය කරන වෛද්‍යවරුන් වන ඩබ්.එම්.චාමින්ද බණ්ඩාර, එස්.එච්.බණ්ඩාර, සුරත් උබේරත්න, ඒ.ඩබ්.එන්.උදයංග යන මහත්වරුද එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් වෛද්‍යවරු රෝහල පැත්ත පලාතෙවත් එන්නේ නැතුව පුද්ගලික සේවයෙන් හම්බකරන වෙලාවටත් අතිකාල දීමනා ගන්නවා.
පිනට උගන්පපු අසරණ සිංහල ජනතාව මරා දැමීමේ කාර්යය මේ රටේ දොස්තරලා කරමින් සිටිනවා. ලෝකයේ අපි දකින සැබෑ වෛද්‍යවරු ඔය නලාව පාවිච්චි කරන්නේ, රෝගියෙකුව පරික්ෂා කිරීමට පමණයි. එත්, මේ සිරි ලංකාවේ දොස්තරලා මාධ්‍ය සාකච්චාවක් තියන්නත් මේ නලාව කරේ ගහගෙනයි. ඕක ලොකු උණක්, මානසික රෝගයක්. ඔය නලාව විසිල් ගහන්න තියන එකක් නෙමේ, දොස්තරලා උනාට, මනස ළදරුයි. මොළ ටිකිරියි!!
ඔතනටත් නලාව දාගෙන ආවේ කාට පෙන්නද දන්නෙ නෑ.
GMOA අපිටනම් ඉතින් ස්ට්‍රියික් ම තමයි.
ජය වේවා ඔබලාගේ සටනට. සියලුම ඉල්ලීම් දිනා ගන්න ලැබේවා!!!!!!!
විකුම් නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගන්නෙ නැතුව සල්ලි දීලා ඉගෙනගෙන දොස්තර කෙනෙක් වෙන්න බැරි වුන නිසා දොස්තරලට වෛර කරනවා. ලැජ්ජයි නේද කසුන් ඔයාගේ කුහක මානසිකත්වය ගැන. ඕකට කියන්නෙ ඊරිසියාව කියලා, භාවනාවක් වත් කරල ඔය කුහක ගති පොඩ්ඩක් අඩු කර ගන්න බලන්න.