(නාලක සංජීව දහනායක)
අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ දී විද්‍යාත්මකව වෙනස්වූ එකම අමාත්‍යංශය වනජීවී අමාත්‍යංශය පමණක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (1) පැවැසීය.
ඒ අමාත්‍යාංශය ජීව විද්‍යාත්මකව ආකාරයට වෙනස් කර තිබෙනවා. නව අමාත්‍යවරයා එන බව ආරංචි වෙලා කැලෑවල සිටින මුවන්, ගෝන්නුන් පැන දුවන බවද කීය.
නාරාහේන්පිට, අභයාරාමයේ දී අද (1) පැවැති ආගමික උත්සවයකින් පසුව මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නයකට උත්තර දෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පැවැසීය.
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක ද සිල්වා




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටපු ජනාධිපතිතුමා දැන් රටට විහිළු සපයන ජෝකර් කෙනෙක් වෙලා. දවසකට හරි නාලන්දාවට පැමිණි ඔබ ගැන අපට ඇත්තේ දුකක් පමණි.
විද්‍යාත්මකව වෙනස් වෙනවනම් ඒ ඇමතිතුමාට දෙන්න ඕනේ නිතිය සහ සාමය එහෙම දුන්න නම් ඔබතුමා මෙහෙම් කෝචෝක් කරන්නේ නැහැ නේද.?
ඔහුට නීතිය හා සාමය ලැබුනොත් ඔබලා පැන දුවන්නෙත් ඒ විදියට තමා.
නියම කතාව.
ඔබතුමා කියන්නේ සහතික ඇත්ත. මොකද වනජීවී ඇමතිතුමා දන්නවා කැලැවේ අස්සක් මුල්ලක් නෑර. එතොකොට ඔය නිධන්හාරන හොරු ටික , ගස් කපන හොරු ටික , කැලැ ඉඩම් අල්ලාගෙන ගංජා වවන අය අලි හොරු තව තව දේශපාලන බලයෙන් දඩ මස් සපයන අය මෙකි නොකී අය ? සියළු දෙවි පිහිටයි.
දවසේ කතාව...
ෆීල්ඩ් මාෂල් තුමාට නීතිය හා සාමය අමාත්‍යාංශය දුන්නනම් කොරහත් බිඳගෙන සාටකත් බිම දමාගෙන දුවන්නේ කවුද කියලා රටම දන්නවා.
එතුමා එන බව ආරංචි වෙලා ඉස්සර ඔයගොල්ල සුරතල් කරපු කොටිත් දිව්වා.
එතුමත් විහිළු කරන්න පටන් ගත්තද? සන්තෝෂයි කිව්වනම් සාමාන්‍යයෙන් සන්තෝෂයි.
2015 ජන. අට වර්තමාන ජනාධිපතිවරයා බලයට පත්කිරීමට දායක වූ කවුරුත් කණගාටු වියයුතු මොහොතකි. ඒ සඳහා විශේෂයෙන් දායක වූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට මෙසේ අපහාසයට ලක්වීමට වගකිවයුත්තේ වර්තමාන ජනාධිපතිවරයා සහ අගමැතිවරයාය. හොරුන්, අපරාධකරුවන්ට එරෙහි වුන ජනතාවගේ බලාපොරොත්තුව වුනේ අඩුම වශයෙන් නීතිය සහ සාමය ඇමතිකම ෆොන්සේකා මහතා වෙත ලැබීමය. ඡන්දදායකයාගේ ගෞරවය රකින දේශපාලකයාට වඩා ගොස්තරය නිවා ගැනීමට උත්සාහ කරන නිවට නායකයන් අද අපි දකින්නෙමු. මේ දිනවල ජනතාව පතෝල නායකයන් ගැන කතා කිරිමත් ඇත්තෙන්ම සාධාරනය.
යහපාලන ආණ්ඩුව ඉදිරියට යාමට නොයෙකුත් වෙනස්කම් කොරනවා නමුත් මේවනතුරු මේ ආණ්ඩුව පටන්ගත් තැනින් අඩියක්වත් ඉදිරියට ගොස් නැත. මෙවර කර ඇති විශාල වෙනස නම් විද්‍යාත්මක නම් කෑල්ලක් සුපුරුදු වෙනසට එකතුකිරීමයි. ඇත්තටම රට ඉදිරියට යාමට වියයුතු වෙනස ජනතාව දනී. ඒ වෙනස ජනතාව 2020 දී කරනු ඇත.
මදැයි කාලයට පෙර ඡන්දය තියලා හකුලාගෙන ගෙදර යන්න වුන හැටි...
මැතිතුමණි ඔබේ අදහස හරි ඔබතුමාට යාපනේ සිටිය කොටි මට්ටුකලේ නව ඇමතිතුමා කියලා ඔබතුමාට අමතක වීම ගැන හරිම කණගාටුයි. මෙතෙක් වන අලින්ගෙන් පීඩාවිදින ජනතාවත් එලෙස බේරා ගනීවි වන අලිනුත් අනතුරු වලින් බේරා ගනීවි. බලාගෙන ඉන්න.
සරත් පොන්සේකා භීතිය හදවත් තුල තිබෙන බවට මෙම වචන ටික එලියට පැනීමෙන්ම පැහැදිලි වෙනවා. ගෝණුන් මුවන් පැනලා දුවන්නේ වනාන්තරේ මැද හදපු අසාර්ථක ගුවන් තොටුපල නිසා බව මෙතුමාට අමතක වෙලා වගේ. යුඇන්පීය ඒකමතිකව තීරණය කළා සරත් පොන්සේකා නීතිය හා සාමය ඇමති කමට. ඒත්, කට්ටිය ඒක වෙනස් කර ගත්තා. නැතිනං බලාගන්න තිබුනා කාටද පැනලා දුවන්න වෙන්නේ කියලා. නැත්ද මං අහන්නේ ?
කියන්නත් දෙයක්ද.?
ඔය මහින්ද වටේ ඉන්නවා පේන ජීවීන් ටික දැක්කාම අපිටත් පැන දුවන්න තමා හිතෙන්නේ...
ඔබතුමාගේ කාලේ නම් විද්යාත්මකයි.?
නියම කතාව. ෆොන්සේකට ගැලපෙන්නෙ ඔය වගේ අමාත්‍යාංශයක් තමා.
දැන් ඉතින් මෙයාලට පරිස්සම් වෙලා ඉන්න වේවි නැත්නම් කොයි වෙලාවක හරි පරපුරම අරන් ගිහින් උඩවලවට මුදා හරින්න පුළුවන්...