(අනීෂා මානගේ)
පි විද්‍යාත්මකව කැබිනට් මණ්ඩලය තෝරනවා කිව්වා. මේ තෝරපු කැබිනට් මණ්ඩලයේ විද්‍යාත්මකභාවය හොයන්න වෙනම කමිටුවක් දාන්න වෙනවා.‘ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
මේ බොරුව ඊළග අවුරුදු එකහමාරේ බලය රඳවාපවත්වා ගැනීම සදහා කරන්නා වූ වැඩපිළිවෙලක් හැර රටේ ජනතාවගේ ප්‍රශ්න විසදන්න ගත්ව්යායාමයක් නෙවේ යැයි ද මන්ත්‍රීවරයා පැවසීය.
හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙසේ පැවසූයේ අද (01) තංගල්ල කාර්ල්ටන් නිවසේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.
‘මේ බොරුවෙන් මූණවල් මාරු කරලා ඔළුගෙඩි මාරු කරලා අරයගේ තනතුර මෙයාට දීලා මෙයාගේ තනතුර අරයට දීලා මේ රටේ ජනතාව මුලා කරන්න ආණ්ඩුව ලෑස්ති වෙනවනම් ඒක වැරදියි. මේ රටේ ජනතාව තවත් වතාවක් රැවටෙන්න ලෑස්ති නැහැ. මැතිවරණ කල් දාන්න භාවතා කරපු තුනෙන් දෙකේ ලයෙන් පාර්ලිමේන්තුව විසිරුවන්න.
මැතිවරණයක් තියන්න. ඒ මැතිවරණයෙන් පත්වෙලා ආපු අයව විද්‍යාත්මක ක්‍රමයෙන් තෝරගන්න. මේක නම් විද්‍යාත්මකභාවය මෛත්‍රීපාල සිරිසේන මහත්තය පොරොන්දුවන එහෙම නම් මේක තමයි ලෝකෙ තියෙන හොදම විහිළුව.
ඇමති මණ්ඩලයේ විද්‍යාත්මකභාවය අපි දැක්කා. මොණරාගල විජිතමුණි ඇමතිතුමාට ධීවර අමාත්‍යංශය දීලා. මුහුදක් දැකලත් නෑ. මුහුදක් පේනතෙක් මානයක නැහැ. රැල්ලක් පාගන්න හම්බවෙලත් නැහැ. හැබැයි එක විද්‍යාත්මක භාවයක් නම් තියෙනවා සරත් ෆොන්සේකා මහත්තයට දීලා වනජීවි. ෆොන්සේකා මහත්තයට කලවැද්ද කිව්වෙ අපි නෙවෙයිනේ. ඒ අයමනේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විද්‍යාත්මකව හිතලා කොමෙන්ට එකක් දාන්න කල් දෙන්න.
ඔබලාගේ කාලයේ වුනේ රජ ගෙදර පිරිසට සලකල අමාත්‍යංශ බෙදපු එකනේ. දැන් එහෙම නොවෙන කොට ඔබලාට දුක ඇති. එත් රට වැසියන් විදයට අපට මේ රටේ නිදහසේ ජීවත්වෙන්න ලැබුන එකම හොඳටම ඇති. අපගේ දු දරුවන් පියවරුන් ගෙදර එනතුරැ විශ්වාසයකින් දැන් බලාගෙන ඉන්නවා.
සමහරුන් කවදාවත් වයසේ හැටියට, දේශපාලන පරිනත භාවය තියා සාමාන්‍ය නුවන පාවිච්චි කරලා ළමා කතා කියන එකවත් නවත්ත ගන්න බැරිවීමේ විද්‍යාත්මක භාවය ගැන අපි මේ කල්පනා කරන්නේ .
මෙතුමා ගෙන් උපදෙස් ගන්න
මොහු මේවා කියන්නේ කාටද මොවුන් කාලයේ කරතිබෙන දුෂණයන් බලනවිට මොවුන්ට කතාකරන්න නොවේ පුළුවන් ස්වාසිලන්තයට ගොසින් හැංගිලා ඉන්නයි ...
සිරගත වියයුතු බොහෝදෙනා කලවැද්දට පුදුම බයකි. මේ බිය නිසාම වරෙක ඔහුව කූඩු කරන ලදී. කලවැද්දට මෙතරම් බියවීමට හේතුව කුමක් නිසාද යන්න ජනතාව තේරුම් ගත යුත්තකි.
අනේ නරකද ඔයා විශ්‍රාම ගතහොත්...
ඔය විද්‍යාත්මක ක්‍රමේටම විභාග ලියන්නත් කටයුතු කරොත් හොඳයි නේද.?