(රොමේෂ් මධුෂංඛ)
යුද්දය අවසන් වී වසර 9 ක් ගෙවීම නිමිත්තෙන් අවසන් යුද බිම වූ මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල්හි පිහිටි යුද ස්මාරකය අසලදී යුද්දයෙන් මියගිය වැසියන් සිහිකිරීමේ උත්සවය වෙනුවෙන් සියල්ල සූදානම් බවට යාපනය ශිෂ්‍ය සංගමය පවසයි.
මේ බව කියා සිටින්නේ මේ දිනවල මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල්හි මියගිය වැසියන් වෙනුවෙන් ආශිර්වාද සෙත් ශාන්ති පමුණුවන ස්මාරකය අසල හා අවට ප්‍රදේශය සුද්ද පවිත්‍ර කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
යුද්දය අවසන් වී වසර 08 මේ වන විට ගෙවී අවසන් වී ඇති අතර මේ මස 18 වැනි දාට වසර 09 ක් පිරෙන අතර ඒ නිමිත්තෙන් උතුරේ සියලුම දේශපාලන පක්ෂ නායකයින් හා නියෝජිතයින්ගේ මෙන්ම යුද්දයෙන් මියගිය අයගේ ඥාතීන්ගේද සහභාගීත්වයෙන් මුල්ලි වයික්කාල්හි මියගිය සාමාන්‍ය වැසියන් වෙනුවෙන් ඉදිකර ඇති කුඩා ස්මාරකය ඉදිරියේදී විශේෂ ආගමික වාතවත් කරමින් මියගිය වැසියන් වෙනුවෙන් පුද පූජාවන් පවත්වනු ලබයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳ සත් ක්‍රියාවක්... මොනම හේතුවකටවත් ඕක නවත්වන්න නම් එපා. මියගිය වැසියන් සිහිකරන්න ඒ අයගේ නෑදෑයන්ට සහ පවුලේ අයට සියලු අයිතිය තියෙනවා. එක මූලික මිනිස් අයිතිවාසිකමක්...
යුද්දය නිසා මිය ගියවුන් සිටින දකුණේ පවුලුත් ඕකට සහබාගි කරව ගත්තනම් හරි. සංහිදියාව කියන්නේ ඒකයි.
මිනීමරු කොටි ත්රස්තයන්ගේ ප්‍රහාරවලින් මිය ගිය රටේ අනිත් පැතිවල සාමාන්‍ය මිනිස්සු... සෙබළු සිහිකරන උත්සවයක් එහෙම තියන්න ගියොත් බලන්න පුළුවන් එල්ල වෙන විරෝධය !!!
විශ්ව විද්‍යාල පිහිටුවිය යුත්තේ නුතන දැනුම ,පළපුරුද්ද ලබාගත හැකි ප්‍රදේශයකයි. දැනට මෙලෙස ලංකාවේ ඇත්තේ කොළොඹ පමණි. උදාහරණ වසයෙන් පේරාදෙණියෙන් පිටවන සිසුවකුට වඩා ජයවර්ධනපුර, කැලණිය සිසුවකුට රැකියා ලබා ගැනීමේදී පහසුය. උපාධියට අමතරව cima ,cim වැනි විභාග සමත් වන නිසා සිසුන්ට මේ පහසුව ලැබේ. දේශකයින්ද විවිධ අධ්‍යනයන්ගේ යේදී සිටිති. හෝමාගම තාක්ෂණ හා අධ්‍යාපන කලාපයක් පිහිටුවීම කාලෝචිත කරුණකි. අනෙක් අතට කොළොඹ ආසන්නයේ අනෙකුත් ජාතින් සමග විසීමේදී සහජීවනය පුරුදු වෙති. ජාතිවාදී හැඟීම් දුර්වල වේ. මේ නිසා ඈත පළාත් වල සරසවි තව දුරටත් නොපිහිටුවිය යුතුය.