(රංජන් කස්තුරි)
රටේ කිරිපිටි හිඟයක් ඇතිවීමට කිසිසේත් ඉඩ නොතබන බවත් එවැනි තත්ත්වයක් මතු වුවහොත් ඊට මුහුණදීම සඳහා සතොස මගින් කිරිපිටි ආනයනය කරන බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා ‘ලංකාදීප’යට ඊයේ පැවැසීය.
කිරිපිටි මිල ඉහළ නැංවීම සඳහා අවස්ථා කිහිපයකදීම සමාගම් උත්සාහ දැරූව ද පාරිභෝගික ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් ඊට ඉඩ නොදුන් බව ද ඇමැතිවරයා කීවේය.
කෙසේ වෙතත් ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 50කින් වැඩි කිරීමට අවසර ලබාදීම සම්බන්ධයෙන්
ඉදිරි දින කීපය තුළදී සලකා බලන බව රිෂාඞ් බදියුදීන් මහතා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd