නිමල කොඩිතුවක්කු
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී අද (01) පස්වරුවේ පැවති එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අඩු ආදායම් ලාභීන්ට රජයෙන් ලබාදෙන සමෘද්ධි සහනාධාරය ලැබීමට නියම සුදුසුකම් ඇති පුද්ගලයන් ගැන සොයා බැලීම සඳහා කමිටුවක් පත්කර තිබේ.
මෙම කම්ටුවට අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි ඇතුලූ මැති ඇමතිවරුන් පිරිසක් පත්කර ඇත.
සමෘද්ධි සහනාධාරය ලැබීමට නියම සුදුසුකම් ඇති පුද්ගලයන් සම්බන්ධයෙන් වන වාර්ථාවක් එම කමිටුව මගින් විෂය භාර අමාත්‍ය පී හැරිසන් මහතාට භාර දිමට නියමිත අතර ඒ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට එහිදී එකඟතාවය පළව තිබේ.
පක්ෂය ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග රැසක් සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා වී තිබේ. උපාධිධාරීන් ඇතුළු තරුණ පිරිස් සඳහා රැකි රක්ෂා ලබාදීමේදී නියමිත ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීම සඳහාද විශේෂ අවධානයක් යොමුව ඇත.
මෙයට අමතරව එක්සත් ජාතික පක්ෂය පවත්වන මැයි දින සැමරුම සම්බන්ධයෙන්ද එහිදී සාකච්චාවට ලක් කෙරුණු බව පක්ෂ ආරංචි මාර්ග සදහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්‍ය වශයෙන්ම කාලෝචිත පියවරක්. මෙය නැති බැරි කෙනා නගා සිටුවීමට දෙනු ලබන අධාරයක් උනත්, විවිධ වෙනත් ආදායම් මාර්ග තියෙන සමහර දෙනා සමෘද්ධි දීමනාව ලබාගන්නා අවස්ථා එමට තියෙනවා. මෙය සුදුස්සන්ටම පමණක් ලැබීමට සැලැස්වීම ඉතාමත්ම වටිනා ක්‍රියාවක්.
ජනසවිය ලබා දෙන කාලේ මගේ යහළු මහජන සෞඛ්‍ය වෛද්‍ය වරයෙක් ගෙයින් ගෙට ගිහිල්ලා අධ්‍යනයක් කරන කොට ජනසවිය ගැනත් විස්තර එකතු කලා. එහිදී ලොරි දෙකක් සහ තට්ටු තුනක ගෙදරක් තියෙන මුදලාලි කෙනෙකුත් ජනසවිය ආධාර දීමනාව ගන්නාබව ඇහුවම මුදලාලි කිව්වලු "මහත්තය ඔයාටත් දෙනවනම් එපා කියන්නේ නැතුව එක ගන්න. නිකන් දෙන එකනේ".
සමෘද්ධිය අතට ගත්තේ ඕකට තමයි. දැන් ශ්‍රී ලංකා එකේ අයගේ සමෘද්ධිය කපලා ඒක යූ.එන්.පී. අයට දෙයී. රටේ ඇත්තටම සමෘද්ධි ආධාර ලබන්න සුදුසූ දුප්පත් අසරණ මිනිස්සු ඕන තරම් ඉන්නවා නමුත් මේක දෙන්නේ දේශපාලන ගැත්තන්ට පමණයී.
2020 ට පෙර සූදානම්. කොහොම වුනත් රනිල් ඉල්ලුවොත් අන්ත පරාජයි. හරියට හයිලයිට්ස් මැච් එකක් (නිමාවූ තරඟයක්) බලනවා වගේ තමයි.
තව කමිටුවක්. ජයවේවා !!!