(දිලීප් ජයසේකර)
හෙළයේ මහා ගාන්ධර්වයාණන් වූ ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩි. අමරදේවයන් නමින් හම්බන්තොට ඉදි කෙරුණු ‘ශ්‍රී අමරදේවගම‘ උදා ගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවය පසුගියදා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
අමරදේව මහතාගේ බිරිඳ වන විමලා අමරදේව මහත්මිය සහ දරුවන් දෙදෙනා මේ අවස්ථාවට එක්ව සිටි අතර නිවාස ජන අයිතියට පත් කිරීමේදී එක් නිවසක් නිල වශයෙන් නිවැසියන් වෙත භාර දීම අමාත්‍යවරයා සහ විමලා අමරදේව මහත්මියගේ ප්‍රදානත්වයෙන් සිදු කෙරිණි.
මෙහිදී ප්‍රතිලාභීන් 250 දෙනෙකු සඳහා ‘විසිරි ණය‘ යෝජනා වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 250ක ණය මුදල්, ප්‍රතිලාභීන් 100 දෙනෙකු සඳහා ශිල්ප සවිය යටතේ රුපියල් ලක්ෂ 50 ක් වටිනා උපකරණ බෙදාදිම, පවුල් 120ක් සඳහා සොදුරු පියස නිවාස ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් ලක්ෂ 240ක් වටිනා චෙක් පත් ප්රදානය කිරීම, දෘෂ්‍යාභාධිත පුද්ගලයින් 150 දෙනෙකු සදහා ඇස් කණ්නාඩි ලබා දිම හා වකුගඩු සායනයක්, දේශීය වෛද්‍ය සායනයක්ද මෙහිදී පැවැත්විණි.
මේ අවස්ථාව සඳහා ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සහ කලාකරුවෝ රැසක් එක්ව සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමාත්‍යවරයෙක් වශයෙන් මිනිසුන්ට කරන මේ සේවයට ඔබතුමාට අපේ හදපිරි ප්‍රණාමය පුදකරන්න කැමතියි. හැබැයි බලන්න ඔය සමරු පුවරුවේ උස. නිවසක බිත්තියකට දෙවැනි නෑ. වටේ ඉන්න නිලධාරියෝ, ගෝලයෝ ලකුණු දාගන්න කරන මේවගේ පුහු දේවලුත් ඔබතුමා නවත්තල දානවනම් හොඳයි. ඔබතුමා කරන වැඩේට ලැබෙන සම්මානය අඩුවෙනවා මේවගේ දේවලින්. කොහොම උනත් මේ සේවය ඉදිරියට කරගෙන යන්න ශක්තිය ලැබේව කියල ප්‍රර්ථනා කරනවා.!
මොකද කොලපාට ගාලා තියෙන්නේ. මේක දේශපාලනයෙන් තොර වෙන්න ඕනේ මේවගේ දේවලින් ඔබ කරන වැඩේට ලැබෙන සම්මානය අඩුවෙනවා
ආර් ප්‍රේමදාස මහත්තයාගේ නම් පුවරු පොඩියි වැඩ ලොකුයි.
පුවරුවට ගිය මුදලින් තව ගෙවල් 5ක් හදන්න පුළුවන්.
අායුබෝවන්, මහරජා සිංදුව කිව්ව කෙනාගේ නමින් පාරක් නම් කළේ මෙතුමාට බොහෝ කලින්... එහෙව් බුද්ධිමත් පාලකයෝ හිටිය රටක් ලංකාව...
මේ උදා ගම්මානේ හදපු ගෙවල් ගාන 5ක් වත් නැතුව ඇති. මෙයා ඉදිකරපු උදාගම්මන හැම එකකම තත්වේ ඔහොමයි. ඔය ලබා දුන්න කියන ලක්ෂ 590 ත් දීල තියෙන්නේ ණයටනේ... ගෙවල් හදන්න මනුස්සයෙක්ට ලක්ෂ 2කින් පුළුවන්ද? එ්කත් ණයට... ලෝක ගෝලේ සයිසේකට පෙන්නුවට රටකජු තරමටවත් ඵලක් නැති දෙයක්...
කරුණාකරලා මෙම ස්ථානයේ වඩු කාරිමික වැඩපලකුත් පටන් ගන්න තරුණ ළමයින්ට හරියට කර්මාන්තය පුරුදුවෙන්න. එතුමා උපදිනවානම් නැවත ශ්‍රී ලංකාවේම ඉපදී නැවතත් අපට එතුමාගේ කටහඬ අසන්නට ලැබේවා.!
රජයේ මුදලින් ගෙවල් සාදා දීමත්, රජයේ මුදලින් සිල්රෙදි බෙදීමත්, ලිප් බෙදීමත්, කැරම් බෝඩ් බෙදීමත් ජී.අයි. බට බෙදීමත් අතර වෙනස මොකක්ද? දන්න කෙනෙක් පැහැදිලි කරන්න ප්ලීස්...
ආර්. ප්‍රේමදාස මහත්තයගේ නම් පුවරු පොඩියි. වැඩ ලොකුයි. අපි රබන් ගැසුවා. කිරිබතුත් දුන්නා.
මේක නම් අමූලික ප්‍රෝඩාවක් !!!