බ්‍රිතාන්‍යයේ පියයුරු පිළිකා වැළඳුණු කාන්තාවන් 270කගේ මරණ වලට හේතුවන්නට ඇත්තේ පරිගණක පද්ධතියේ සිදුවූ දෝශයක් බව එරට සෞඛ්‍ය අංශ අනාවරණය කර ඇත.
2009 වර්ෂයේ සිට අවුරුදු 68 - 71ත් අතර වයසේ කාන්තාවන් 450 000කට පමණ පියයුරු පිළිකා නිවාරණය සඳහා යවන අවසන් කැඳවුම් ලිපි නොලැබීම මෙම තත්ත්වයට හේතුවී ඇති බව බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ලේකම් ජෙරමි හන්ට් මහතා පවසයි. ඔහු පවසන්නේ මේ සම්බන්ධව ස්වාධීන පරීක්ෂණයක් කැඳවා ඇති බවයි.
මෙම අතපසුවීම සිදු නොවුණේ නම් ඔවුන්ට ජීවත් වීමට වාසනාව ලැබෙනු ඇති බවත් ඇතිවූ කණගාටුදායක සිද්ධිය සම්බන්ධව රජයේ බලවත් කණගාටුව පල කරන බවත් ලේකම්වරයා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත.
(බීබීසි පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ මේ වගේ දෙයක් සිද්ධ උනානම් දොස්තරලත් ඉදලා ඉවරයි ආණ්ඩුවත් ඉදලා ඉවරයි.
එංගලන්තේ එහෙම උනාට ලංකාවේ එහෙම වෙන්නේ නැහැ.
එංගලන්තයේත් ඔහොම වෙනවා නම් අපේ රට ගැන කවර කතාද.?
පරිගණක පද්ධතියක් ස්ථාපනය කරාට පස්සේ අනිවාර්යෙන්ම නඩත්තු කරන්න ඕනි. බොහෝදුරට මේක වාර්ෂිකව කරන්න ඕනි දෙයක්.