සුජිත් හේවාජුලිගේ
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ කාලයේත් සදාචාරසම්පන්න නොවන ඇමැති මාරුවීම් වුණු බව එතුමාට අමතකවීම පුදුමයක් යැයි වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා පැවැසීය.
එතුමා විධායක බලතල පාවිච්චි කර එවැනි දේවල් කළ බවද දිසානායක මහතා කීය. දිසානායක මහතා මේ බව පැවසුවේ එම අමාත්‍යාංශයේදී අද (02) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදීය.
නවීන් දිසානායක මහතා මෙසේද කීය.
‘‘අද සිද්ධ වුණු ඇමැති මණ්ඩල සංශෝධනය හොදයි.මට ඒ ගැන කිසිදු ගැටලුවක් නැහැ.මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා අද මේ ගැන එක එක කතා කියගෙන යනවා.එතුමාගේ කාලයේ කොච්චර ඇමැති මණ්ඩල වෙනස්වීම් වුණද ?
මට මතකයි 2010 දී සංශෝධනයක් තිබුණා. 2013 දීත් සංශෝධනයක් කළ එතුමාට දැන් කියන්න බැහැ මේක විතරක් අමුතුයි කියලා. එතුමාගේ ජනාධිපති බලතල පාවිච්චි කළ ඇමැතිවරුන් එහාට මෙහාට කළා.
මට මතකයි 2010 ජනාධිපතිවරණයට පෙර සති දෙකකට ඉස්සල්ලා එතුමා ජොන්ස්ටන් ප්‍රනාන්දු එක්සත් ජාතික පක්ෂයෙන් අරගෙන ඇමැතිකමක් දුන්නා.ඒකත් සදාචාරසම්පන්න නැහැ.
2017 ජනාධිපතිවරණයේදී තිස්ස අත්තනායක කඩාගෙන එතුමාට සෞඛ්‍ය ඇමැතිකම දුන්නා.ඒකත් සදාචාරසම්පන්න නැහැ.කිසිම ජනාධිපතිවරයෙක් ඒ බලතල පාවිච්චි නොකර ඉදලා නැහැ.අවශ්‍ය වෙලාවන්හිදී ඇමතිකම් වෙනස්කම් කරලා තියෙනවා.සංශෝධන කරලා තියෙනවා.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමන්ට පොඩ්ඩක් අමතක වෙලා වගෙයි එතුමාගේ කාලයේ කරපු සංශෝධන.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ මිනිස්සු ඔබලාට ඡන්දය දුන්නේ පසුගිය පාලනයේ සිදු නොවිය යුතු දේවල් නැවත කිරීමට නොවෙයි. එවැනි දේ නැවත නැවතත් වෙනවා නම් ජනතාවට කලින් පාලනය නැවත හොඳවන දිනයක් එයි. ඔබතුමාගේ නායකතුමාට කියන්න අමාරුවෙන් ලබාගත් මහජන විශ්වාසය රැකගන්න කියලා. මොකද පාලනය තීරණය කරන්නේ පාවෙන ඡන්දයි.
මහජන මුදල් තම පවුලේ ප්‍රතිලාභවලට අනිසි ලෙසින් යෙදෙව්වා.
මට හිතෙන්නේ ඔබතුමාටත් අමතකවෙලා. ඒ මහින්ද රාජපක්ෂ යටතේම ඔබතුමාත් ඇමති කෙනෙක් වෙලා හිටියයි කියලා !
බලාගෙන යනකොට සේරම එකයි.
ඉතින් කලින් අය වැරදි කරපු නිසානේ... ඒ වැරදි ආයෙත් නොවෙන්නනේ අපි ඔබලාට ඡන්දය දුන්නේ. දැන් ඔයාලත් ඒ වැරදි ටිකම කරනවනේ.
අපේ රටේ දේශපාලකයෝ කියන ගොරක කතා පෙන්නන්න බැරි මට විතරයිද?
හිටපු දේශපාලක වරුන්ට වැළඳෙන රෝගයක් තමයි තමා අතීතයේ කල කප්පරක් වැරදි අමතක කරන එක. ඇත්තෙන්ම මෙය අමතක වීමක් නොවෙයි. ජනතාවට අමතක කරවන්න උත්සාහ කිරීමයි මෙහිදී සිදුවන්නේ. ඒත්, පෙර අය වැරදි කල නිසා අපද වැරදි කලාට කම් නැත යන්න පුර්වාදර්ශය කරගෙන වර්තමාන රජය වැරදි නොකොට මහජන සේවය සැලසිය යුතුය. සිදුවිය යුත්තේ එයයි.
ඒ කාලේ වැරදි තිබුනට රටේ සංවර්දන වැඩ කෙරුනා. මේ රජය යටතේ ඒ කිසිවක් නැතිව, ඇමතිලා මාරුකරමින් රජයේ සේවකයෝ මාරු කරමින් තමන්ගේ මඩිය තරකරගන්න සහ රට ආරාජික කරන්න.
අරයත් කරා මාත් කරනවා මෙවැනි ආණ්ඩු ගෙදරයවන්න මහජනයා තවමත් බලාසිටින්නේ ඇයි.?
එයා කරපුවා ඔයා කරන්න එපා. ඊළග ආණ්ඩුව ඇවිත් මහ බැංකුව ආයෙත් කොල්ල කාලා කියයි ගිය ආණ්ඩුවත් කෑවනේ කියලා.
ප්රශ්නය ඇමති මාරුවට මාස ගණන් ගන්න රටක් තියෙනවාද ? රට එකතැන පල්වෙනවා නේද ? පක්ෂය වෙනුවෙන් කාලය නාස්ති කරනවා , ඒකට පව් ගෙවන්න ඕන මහජනතාව.
ඔබට ගලයි පොසේටේ වලින් ලොකු කුට්ටියක් ලැබෙනවා වගේ