(සුජිත් හේවාජුලිගේ )
ග්ලයිෆොසෙට් තහනම රබර් සහ තේ සඳහා ඉවත් කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා අද (02) පැවසීය.
වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේදී පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කීවේය.
ජනාධිපතිරයා සහ අගමැතිවරයා සමඟද මේ බව සාකච්ඡා කර ඇතැයි සඳහන් කළ අමාත්‍යවරයා මේ සම්බන්ධ කැබිනට් අනුමැතිය ඉදිරි සතියේදී ගැනීමට නියමිත බවද සඳහන් කළේය.
ඒ අනුව වී සහ අනෙකුත් වගාවන්ට ග්ලයිෆොසෙට් තහනම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වන අතර තේ සහ රබර්වලට පමණක් තහනම ඉවත් කරනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තේ සහ රබර් වවන්නේ අහසෙනේ, ප්‍රශ්නයක් නෑ එ්ක නිසා..
ග්ලයිෆොස්පෙට් විසකාරකය පොහොර ලෙසට ගසට උරාගන්නා තේ ගසේ කොළ බොන්න එපා. බොන අයට නවතින්න වෙන්නේ මහරගම හෝ වකුගඩු ඒකක වලයි. ඔබත් දරුවනුත් ආරක්ෂා වෙන්න.
තේ රබර් වලට හොඳ නම් ඇයි අනිත්වට අගුනද? තේ රබර් වලින් මේක පිටවෙන එක වලක්වන්න ප්‍රමාණවත් නීති ලංකාවේ තියනවද? මීට වඩා විෂ රසායනික කොයි තරම් අපේ ගොවියෝ පාවිච්චි කරනවද. ඇයි ඒවාට නීති නැත්තේ?
මිලදී ගත්තට පස්සේ දාන්නේ රබර් හරි, තේ වලටද කියලා කව්ද බලන්නේ?
අද 02 වන දා සිට ග්ලයිෆොසේට් මිනිසුන්ට විස නැති බවද ඒවා පිලිකා කාරක නොවන බවද වකුගඩු රෝගවලට බෙහෙතක් ලෙස භාවිතා කළ හැකි බවද දියවන්නාවේ සිටින විද්‍යාඥයින් පිරිසක් විිසින් සොයාගෙන ඇත. ඒවා කෂණික ආර්ථික වාසි ලබා දෙන අතර අනාගත පරපුරට කිසිම හානියක් නොවන බවද ඔවුන් විසින් සොයාගෙන ඇත. තවද ග්ලයිෆොසේට් අඩංගු තේ ලෝකයේ රටවල් වලින් බහුතරයකට ඉල්ලුමක් ඇති බවද පර්යේෂණ මගින් ස්ථිර කර ඇත.
අපිට ඡන්දය දෙනවා නම් ග්ලයිෆෝසේට් නෙවෙයි... ඕන වස විසක් කවන්න ලෑස්තියි මෙයා !!!
තේ රබර්වලට දාපුවම අැති. කඳුකරයෙන් පටන් ගන්න ගංගා හරහා රටටම බෙදනවනේ. දැනට පර්යේෂණ වලින් හොයාගෙන තියනවා. මහවැලි කලාපවල තමයි වකුගඩු රෝගය පැතිරිලා තියෙන්නේ. එමෙන්ම එම කලාපයේ ජලාශවල හා මහවැලි ඟඟේ කැඩ්මියම් අධි සංයුතියක් පවතින බව. ඊට හේතුව තමයි එම කලාප වල හා උඩරට වගාවන්ට යොදන රසායනිකයන්.... වැඩිකල් යන්න කලින් මිනිසාට තෝරාගන්න වෙයි. උතුම්ම ධනය නිරෝගිකමද? නැත්තම් මේ රසායනික යොදා හරි හම්බ කරන ධනයද වටින්නේ කියලා...
මෙම තීරණය ඉතාම කාලෝචිතයි. රබර් සහ තේ වලට මෙම වල් නාශකය යොදා නොගැනීමෙන් ලංකා ආර්ථිකයට විය හැකි හානිය මහාචාර්ය චන්ද්‍ර ධර්මවර්ධන ඉලක්කම් සහිතව නොබෝදා ඉතාම ලස්සනට පැහැදිලි කර තිබුනා.