සුජිත් හේවාජුලිගේ
පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳ තීරණය කිරීමට එහි පක්ෂ නායකයන්ගේ විශේෂ රැස්වීමක් හෙට (02) පස්වරු 2.00ට පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවල මහතා ලංකාදීපයට පැවසීය.
මෙම රැස්වීම හෙට උදේ 10ට පැවැත්වීමට නියමිතව තිබුණත් කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීමක් වන හෙයින් පස්වරුවට කල් දැමූ බව ද ඉද්දවල මහතා කීය.
ලබන අට වැනි දා පැවැත්වීමට නියමිත නව සැසිවාරය විවෘත කිරීමේ උත්සවය හා පාර්ලිමේන්තුවේ ඉදිරි න්‍යාය පත්‍රය ඇතුළු කටයුතු පිළිබඳ මෙහිදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තුවේ බලධාරීහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චරකල් අපේ බදු මුදල්වලින් "පිනට ගිලපුවා" අපිට අපහු ගෙවන්න වෙන්න ඇති සාකච්චා කරන්නේ. එහෙම නැත්නම් තව තවත් අපේ බදුමුදල් නාස්ති "කරන්නේ සහ පිනටම ජිවත් වෙන්නේ" කොහොමද කියල වෙන්න ඇති සාකච්චා කරන්න යන්නේ.
පරුෂ වචන භාවිතයෙන් සහ රණ්ඩු කිරීමෙන් වලකිනු.!
මොනා කලත් එකතැන පල්වෙන වැඩ බැරි ආණ්ඩුවක් අපිට බලෙන්ම දීලා තියෙන්නේ.
ලෝකයේ අකාර්යක්ෂම හා දුර්වලම ආණ්ඩුව කුමක්ද සමික්ෂණයක් කලහොත් මේ ආණ්ඩුව පලමු තැනට පත් වෙනවා නොඅනුමානයී. ඇමති මණ්ඩලය පත් කරන්න දවස් දෙකක් ගත්තා. ඒ ඇමති මණ්ඩලය තෝරන්න මාස දෙකක් විතර ගත උනා මෙහෙම ආණ්ඩුවක් ලෝකයේ කොහෙවත් නැතිව ඇති.
අලුත් සැසිය වේනුවට අලුත් කෝලාහල කියලා කිව්වොත් වඩා හොඳයි.