(ආරියරත්ණ රණබාහු)
සිනමාවේදී අභාවප්රාප්ත ලෙස්ටර් ජේම්ස් පීරීස් මහතාට 1965දී ඉන්දියාවේ නවදිල්ලි සිනමා උළෙලේදී ගම්පෙරළිය චිත්රපටයට හිමිවු ‘රණ මයුර‘ සම්මානය අද (02) උදෑසන අතුරුදන්ව ඇතැයි වාර්තාවේ.
එතුමාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අති විශාල ජනකායක් නිවසට පැමිණ සිටි අතර උදෑසන 10 ට නිවසේ පැවැති ආගමික වතාවත් සිදු කිරීමේදීද සම්මානය ඒ අසළ තිබී ඇති අතර ඒ අතරතුරදි කිසිවවකු මෙම සම්මානය සොරාගත්තේ දැයි සැකයක් පවතින බව කියති.
පවුලේ ඥාතීන් මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් කිරීමටද නියමිතය.
ඡායාරූප - චතුර එස් කොඩිකාර



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මිනිසුනේ ලැජ්ජාවක් නැද්ද..? එතුමා අපේ සිනමාව ලෝකෙට පෙන්වාදී, සිනමාව ජීවිතයම කරගත් හන්දාද ඔවැනි නින්දිත වැඩක් කලේ..?
පුළුවන් නම් හදන්නකෝ හොඳ කතාවක්... ඕක උස්සලා තියෙන්නේ දෙමල හෝ මුස්ලිම් කෙනෙක් කියලා..
ඔන්න අපේ සිංහලකම !!!. අඳෝමැයි...
ඔය සම්මානය වටින්නේ ලෙස්ටර්ට සහ ලංකාපුත්ර වැසියන්ට මිසක් හොරුන්ට නෙවෙයි.
ඕක ඔතන කලබල අස්සේ එහෙට මෙහෙට වෙලා තියෙන්න බැරිද?
ඔය සම්මානයේ වටිනාකම දන්නේ කලාකරුවෝ තමයි. අනික ඕක කොහෙද තියන්නේ?
හැබැයි ඉතින් අපේ ඇත්තෝ බහුතරයක් මල ගෙදරකට හෝ යන්නේ... අතින් පාඩු කරගෙන ආපහු එන්න නෙමේ කියලා අපි නම් අත්දැකීමෙන් දන්නවා.
ප්රසිද්ධම කට්ටියත් ඔය ඉදිරියෙන්ම ඉන්නේ...
රටේ ප්රධාන පෙළේ අය බැංකු හොරු තමයි. ඉන්න ඇමැති මන්ත්රීනුත් එහෙම තමයි. එතකොට රටේ ජනතාව හොරු වෙන එක පුදුමයක්ද?
මේක ගත්ත කෙනාට නම් ලුණු දාලා වෙඩි තියන්න ඕනේ !!!
ලුණු නෙමෙයි සීනි දාල වෙඩි තියන්න ඕන කූඹි කාල මැරෙන්න.
83 කළු ජූලියෙන් සහ සුනාමියෙන් විපතට පත් වුවන්ගේ අත කර ගලවාගත් සත් ගුණවත් උපාසකයෝ වැඩ ඉන්න දේශය නේ. පුදුම වෙන්න දෙයක් නැහැ.
කණගාටුදායක සිදුවීමක් ... කිසිසේත්ම නොවිය යුතු දෙයක් ... ලැජ්ජාට කරුණක් ....
ජන සවිය, සොරා කන අයට මේක කජ්ජක්ද?
මේ කරලා තියෙන්නේ ඉතාමත් කැත නින්දිත ක්රියාවක්. මෙවන් වටිනා කුසලාන, සම්මානවල වටිනා ලෝහ අඩංගු වෙනවා. එයත් මෙය හොරකම් කිරීමට හේතුවක් වෙන්න ඇති. ඒ වගේම මෙවැනි කීර්තිමත් වටිනා දේ අධික මිලට ගෙන එකතු කිරීම විනෝදාංශයක් කරගෙන සිටින විශාල ධන කුවේරයන් ලොව සිටිනවා. එබැවින්, මෙය හොර පාරවල් වලින් රටෙන් පිට කිරීමේ යටිකුට්ටු උපායන් තිබෙනවා ඇති. වගකිවයුතු අංශ දැන් හෝ මේ පිළිබඳව සුදුසු ඉක්මන් පියවර ගෙන කටයුතු කිරීම ඉතාමත්ම වැදගත්.
ලැජ්ජාවක් නැති මිනිස්සු
හොරකම සමාජගත සමාජයක, ලැජ්ජාව වියකී රටක, යුරෝපිය ඇඳුමින් සැරසුන මහත් හොරෙක් රණමයුර සම්මානය සාක්කුවේ දමාගන්න ඇති. පසු කලෙක එය තමා ලද ජයග්රහණයක් බව කියාවි. අපි අත්පොළසන් දී එය පිළිගනිමු.
මේක අපේ උරුමයනේ....