හර්ෂණ තුෂාර සිල්වා
ශ්‍රී ලංකාවේ ජනගහන වර්ධන වේගය පසුගිය වසර දෙකක කාලයේදී නොවෙනස්ව පැවැති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
2017 වසරෙ සඳහා නිකුත් කරන ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාවට අනුව පසුගිය වසරේ මධ්‍ය වාර්ෂික ජනගහනය මිලියන 21.4ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ. එම වාර්තාවට අනුව 2017 වසරේදී 2016 වසරේ පැවැති වාර්ෂික ජනගහන වර්ධනය වේගය වන සියයට 1.1ක අගය නොවෙනස්ව පැවැත ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව ඇස්තමේන්තු කරන ලද මධ්‍ය වාර්ෂික ජනගහනයෙන් මිලියන 10.4ක් ප්‍රතිශතයක් ලෙස සියයට 48.4ක් පුරුෂයන් වන අතර මිලියන 11.1ක් එනම් ජනගහනයෙන් සියයට 51.6ක් ස්ත්‍රීහු වෙති.
පසුගිය වසරේදී අවුරුදු 15ට අඩු ජනගහනය සියයට 25.2ක් වේ. අවුරුදු 15ත් 59ත් අතර ජනගහනය සමස්ත ජනගහනයෙන් සියයට 62.4ක් වේ. ඊට අමතරව රටේ වැඩිහිටි ජනගහනය එනම් අවුරුදු 60 සහ ඊට වැඩඩි ජනගහනය සමස්ත ජනගහනයෙන් සියයට 12.4ක් යැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහල සහ දෙමල මිනිස්සුන්ගේ ජනගහන වර්ධනය බින්දුවට ආසන්නයි.
ඉදිරියේදී සිංහලයාගේ වර්ධන වේගය යුරොපියන්ගේ වර්ධන වේගයටත් වැඩා අඩුවේවි.
ජනගහන වර්ධන වේගය වැඩිවෙනවා කියන්නේ අපි වගේ අසංවර්ධිත රටක් දුප්පත් වෙනවා කියන එක , අත් දෙකයි කටවල් හයයි කියලා පැරණි කියමනක් තියෙන්නේ . සංවර්ධිත රටවල ජනගහන වේගය සාපේක්ෂව අසන්වර්ධිත් දුප්පත් රටවලට වඩා ඉතා අඩුයි, අවශ්‍යවන්නේ නිවැරදි අධ්‍යාපනය.