වැලිකඩ බන්ධනාගාරයේ වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාෂක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා සහ බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා මහතා බන්ධනාගාර ඉහළ නිලධාරියකුගේ නියෝගය මත බන්ධනාගාර රෝහලේ රඳවා ඇතැයි එහි ආරංචි මාර්ග කියයි.
ඔවුන්ට රෝහලේ නැවතී ප්‍රතිකාර ගැනීමට තරම් රෝගයක් නැති බව ද එම ආරංචි මාර්ග පවසයි.
බන්ධනාගාර රෝහලේ වෙනම ස්ථානයක ඔවුන් රඳවා ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරයි. මේ දෙදෙනාට විශේෂ පහසුකම් ලැබෙන බව බන්ධනාගාරයේම නිලධාරීහු චෝදනා කරති.
මේ ගැන කළ විමසීමකදී බන්ධනාගාර රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ජගත් මල්වත්ත මහතා ප්‍රකාශ කළේ රෝහලේ ප්‍රතිකාර ලැබීමට තරම් රෝගයක් නොමැති මේ දෙදෙනා රෝහලේ රඳවා ඇත්තේ බන්ධනාගාර අධිකාරීගේ නියෝග මත බවයි.
044

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ දෙන්න රණවිරුවෝ විතරක් නෙමෙයි ජාතික වීරයෝ දෙන්නෙක්. සැකයට ලොක් අප් කරාට අපරාධකාරයෝ නොවෙයි.
වෛද්‍ය නිර්දේශ ඇතිව ඔය බන්දනාගාර රෝහලේ ඉන්න අයත් රෝගීන් නොවේ. ඒවා තමයි මේ සිරි ලකේ විජ්ජා?
බන්ධනාගාරය පාලනය කරන්නේ වෙනම ආණ්ඩුවක වෙනම ඇමතිවරයෙක් යටතේද.?
රන්ගජිව කියන්නේ ඉතාමත් හොදින් රටට සේවය කරපු පොලිස් නිළධාරියෙක්. දේශපාලකයන්ට බන්ධනාගාර රෝහලට වෙලා ඉන්න හොදනම් රටට සේවය කරපු කෙනෙක් හිටියම ඇති වරද මොකක්ද ?
ආණ්ඩුවේ ඈමතිමාරුවත් එක්ක බන්ධනාගාර අධිකාරිවරයා අධිකරණ බලතල සියතට අරගෙනද.? කොහොම උනත් අන්තීමට රටේ යහාපාලනයක් නම් නැහැ තියෙන්නේ මඤඥං පාලනයක්.
බන්ධනාගාර හෝටලේ?
අපි ආධාම්බර වෙන්න ඕන වර්තමාණ රජය යටතේ සමහර බන්ධනාගාරවල් රෝහල් බවට පත්වීම ගැන.