(නිමල කොඩිතුවක්කු)
අධිතාක්ෂණික යතුරුපැදි ලියාපදිංචියට සහ ඒවාට සරිලන වෙනස්කම් කිරීමට ඉඩ ලබාදෙන ලෙසට රජයෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමයේ සභාපති චිරන්ත අමරසිංහ මහතා අද (02) කොළඹදී පැවසීය.
ලියාපදිංචි කිරීමේ නිසි ක්‍රමවේදයක් නොමැතිව දිවයිනේ සියලූම පොලිස් ස්ථාන වල එම යතුරුපැදි ගොඩ ගසා ඇති බවත් මේ සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් විමසා සිටියද ඔවුන් එයට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවත් ඔහු කියා සිටියේය.
මරදාන පිහිටි සමාජ හා සමයික කේන්ද්‍රයේ අද (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චිරන්ත අමරසිංහ මහතා මෙසේද කීය.
‘‘ තොරතුරු දැනගැනීමේ පනත යටතේ මෙම යතුරුපැදි ලියාපදිංචි කරන ක්‍රමවේදය සම්බන්ධයෙන් අප විමසා සිටියා. එයට කිසිදු යහපත් ප්‍රතිචාරයක් මෙතෙක් ලැබිලා නැහැ.
වාහන, සයිලන්සර් සදහා ඇති ශබ්ද සීමාවන් සදහන් ගැසට් නිවේදනයක් හෝ කිසිදු නියෝගයක් නැහැ. එසේ තිබියදී වෙසක් කාළයේදී පමනක් සයිලන්සර් වල ශබ්දය හේතුවෙන් පොලිස් භාරයට ගෙන ඇති යතුරුපැදි 1083ක් සම්බන්ධයෙන් අප සංගමයට තොරතුරු ලැබී තිබෙනවා.
දුප්පත් මිනිස්සු තමයි යතුරු පැදි වැඩි වශයෙන් භාවිතා කරන්නේ. සුලූ වැරදි හේතුවෙන් යතුරුපැදි විශාල ප්‍රමාණයෙන් ඉතා දීර්ඝ කාළයක් තිස්සේ දිවයිනේ විවිධ පොලිස් ස්ථාන වල රඳවා තබා සිටිනවා. පොලීසියේ මේ වැඩ වලින් අපහසු තාවයට පත්වන්නෙත් වත්මන් රජයයි.
අධිතාක්ෂණික යතුරුපැදි මගින් සිදුවන අනතුරු අවමයි. ඒ වගේම ඒවාට සරිලන ලෙස සකස් කල උපකරණ මගින් ඒවා මාර්ගයේ පැහැදිලිව දිස් වෙනවා. ඒ මගින් සිදුවන අනතුරු ප්‍රමාණය අවම වෙනවා.
මේ කිසිදෙයක් ගැන සොයා බලන්නේ නැති පොලීසිය වසර අවසානයට සංඛ්‍යා දත්ත ඉදිරිපත් කරනවා අච්චර මැරුණා. මෙච්චර මැරුණා කියලා.
අපි පොලිස්පතිතුමා ඇතුලූ පොලීසියට අභියෝග කරනවා පුළුවන්නම් මේ ගැන කථා කරන්න අපිත් එක්ක ප්‍රසිද්ධ විවාදයකට එන්න කියලා යනුවෙන්ද ඔහු කියා සිටියේය.
මෙම අවස්ථාව සදහා ලංකා ස්වයං රැකියා වෘත්තකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඇතුලූ පිරිසක්ද එක්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහිදී අධි තාක්ෂණික යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද මෙම අධි තාක්ෂණ උපාංග මගින් තමන්ගේ ආරක්ෂාව මෙන්ම ආරක්ෂක අංශ වලට වැලිගසා මගහැර යමින් පාතාල කටයුතු මත්ද්‍රව්‍ය බෙදා හැරීම් ආයුද බෙදා හැරීම් මිනිසුන් ඝාතනය කර ආරක්ෂක අංශ වලට වසන් වෙමින් පලායාම වැනි දේද මංකොල්ල කෑම ත්‍රස්තවාදී කටයුතු වැනි ඇති භයානක ක්‍රියාවන් උවද කිසිදු අවහිරයකින් තොරව කල හැකි වන්න පුළුවන. කෙසේ වෙතත් යම් වාහනයක නිෂ්පාදිත හඩ හා නිෂ්පාදිත වේගය ,රථයේ ප්‍රමාණය මෙන්ම එහි විශාලත්වය ( ස්කමල් , සිමෙන්ති ප්‍රවාහන යන්ත්‍ර ) අනුව යොදන නලා ,වැනි උපකරණ එම රථ වල මාදිලිය පෙර කී පරිදි නිෂ්පාදකය නියම කරන ලද දෙසිබල් සංඛ්‍යාතයන් අබිබවා සවිකිරීම පරිහරණය කිරීම රජය සපුරා තහනම් කල යුතුය මන්ද ත්‍රී රෝද රථ වල ස්කමල්, සිමෙන්ති ප්‍රවාහන යන්ත්‍ර නලා සවිකර ඇති බව මා දැක ඇත ඔවුන් අනවශ්‍ය පරිදි ඒවා හඩවමින් ජනතාවට හිරිහැර සිදුවන ආකාරයට මාර්ග වල රථ දාවනය කරයි
යතුරු පැදි කරුවන්ගේ සංගමයේ සභාපති... කොහෙන් හිනා වෙන්නද කියලා හිතාගන්න බැහැ. ඊලගට එයිද දන්නේ නැහැ කරත්ත කරුවන්ගේ සංගමය, කාර් කරුවන්ගේ සංගමය , වෑන් කරුවන්ගේ සංගමය, පුස්බයිසිකල් කරුවන්ගේ සංගමය, විල්බරක්ක කරුවන්ගේ සංගමය, පයින් ගමන්කරන්නන්ගේ සංගමය වගේ දේවලුත්. මීට වැඩිය හොද නැත්ද තමන්ටයි රටටයි ඵලදායී වැඩක් කරගත්තනම්.
වෙසක් පෝයදාට පහුවදා. දන්සලක පෝලිමක ඉද්දි ඔය කියන යතුරුපැදි වෙන්න අැති... කොළඹ - නුවර පාරේ කිරිබත්ගොඩ නගරය මැදින් දහයක් විතර එක රංචුවට ගියා. පළාතම දෙදුරුම් කවමින්... හෝන් එකට අමතරව තව නලාවකුත් ගහගෙන. අනෙක් වාහන අතරින් රිංගවමින්., එතන පෝලිමේ ඉන්න මිනිහෙක් කිව්වා "ඔවුන් ටික පෙරලිලා වාහනේකට යටවෙලා අැඹරිලා යන්න ඕනේ" කියලා මේක මගේ අදහසක් නොවේ.. හැබැයි එ් වෙලාවේ ගොඩක් එ් අදහස අනුමත කළා. මොකද එ්ක මිනිසුන්ට හරිම හිරිහැරයක්. මේ සභාපති සයිලන්සර් කියන එකේ තේරුමවත් දන්නවද දන්නෑ. සයිලන්ඩ් කෙසේවෙතත් තියන සද්දෙත් වැඩි කරලනේ තියන්නේ...
මට මෙතන යොදා තියන අධිතාක්ෂණික කියන වචනේ මොකද්ද කියලා වැටහෙන් නෑ. එ් කියන්නේ මේ යතුරුපැදි වලට රේඩාර්, අධෝරක්ත කැමරා, සංවේදක, එකෝ සවුන්ඩ් සොනාර්, Gps, රිවර්ස් කැමරා, එයාර් බෑග්, වායු සමීකරණ, එහෙමත් තියනවද දන්නෑ. නැත්තන් අර කාර් එන්ජිමක් හයි කරලා. සද්දෙ වැඩි කරලා, තොරණක් වගේ එල්.ඊ.ඩි බල්බ් හයි කරලා, පැති කණ්නාඩි කුඩා කරලා යන එ්වටද දන්නෑ.
අධි තාකෂණය කොහොමවෙතත් තිබෙන තාක්ෂණයත් අපේ රටට හොඳ වැඩී. මම පෙරේදත් ගියා මරණ ගෙදරක ළමයාගේ ඔලුව ගන්න දෙයක් නැත. ලංකාවේ පාරවල් වලට මොන අධිතාක්ෂණ යතුරු පැදිද?
මොනවද මේ කියන අධි තාක්ෂණික උපකරණ ?
අවසර දිය යුතුය.
යතුරු පැදියක සයිලන්සරේ අන්තිම කොනට ශබ්දය වැඩි වන විදිහට නලාවක් සවිකලාට, ඒකේ හොර්න් එක මාරු කර ලොරි වල ශබ්දය ගෙන දෙන හොර්න් එකක් සවිකලාට එක අධි තාක්ෂණික යතුරු පැදියක් වන්නේ නැත .
රටේ සිදුවන යතුරුපැදි අනතුරු වලට ප්‍රධානම හේතුවක් ඉන්දියාවෙන් සහ චීනයෙන් ආනයනය කරන ලද යතුරුපැදි. මේවා ඉතා සැහැල්ලු ලෙස ප්ලාස්ටික සහ බරින් අඩු ලෙස නිපදවා ඇත. එම නිසා මේවට වේගයෙන් ගමන් කල හැකි අතර මේවට වැය වෙන්නේ ජපන් යතුරු පැදි සමග සංසන්ධනය කරනවිට අඩු ඉන්ධන ප්රමාණයකි. නමුත් හදිසි අවස්ථාවක තිරිංග තද කල විට මේවා ජපන් යතුරුපැදි මෙන් පහසුවෙන් නතර කල නොහැක. එමනිසා සිදුවන මාරක අනතුරු ඉතා විශාලය. මේවා පාරේ යනවිට පොඩි වලක වැටුනත් , රියදුරුගේ පාලනයෙන් මිදී , විසිවි ගොස් පර අයිනේ ඇති ගසක , හැපී හෝ වෙන වාහනයක් වැඩි ගමන් කරන්නන් මරණයට පත්විය හැක.. එම නිසා ඉස්සර මෙන් ජපානයේ නිෂ්පාදිත (recondition ) යතුරු පැදි වලට නැවතත් මෙරට වෙළඳපලේ තැනක් ලබාදීමට රජයේ වගකිවයුතු අංශ කටයුතු කල යුතුය. ජපන් යතුරුපැදි නැවත අලුත්වැඩියා කරමින් දීර්ග කාලයක් පරිහරණය කල හැක. චීන සහ ඉන්දියන් යතුරු පැදි වල ආයුෂ ඉතා අඩුය
අධිතාක්ෂණික යන්න නිර්වචනය කරන්න.