(නිමන්ති රණසිංහ)
රථවාහන දඩ සම්බන්ධයෙන් ඉකුත් 2017 වසරේදී රුපියල් කෝටි අටකට වැඩි මුදලක් කොළඹ මහේස්ත්‍රාත් රථවාහන අධිකරණයෙන් උපයා ඇතැයි අධිකරණ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව, රථවාහන දඩ සම්බන්ධයෙන් ඉකුත් වසරේ පමණක් රුපියල් අට කෝටි හතලිස් පන්ලක්ෂ හැත්තෑ අට දහස් හත්සියයක (රු. 84, 578, 700.00) මුදලක් රජයට ලබා දී ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
එසේම, ඉකුත් ඔක්තෝම්බර් මාසයේ දී පමණක් එක්කෝටි පන්ලක්ෂ අසූ හත්දහස් හාරසිය පනහක (රු. 10, 587,450) මුදලක් රථවාහන නඩු සම්බන්ධයෙන් අයකර ඇතැයි ද සඳහන් වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට සතුටුයිද දැන්.?
රථ වාහනවලට දඩ ගහලා ආදායම් ගත්තා කියලා මහ මග නැතිවෙන මිනිස්සුන්ගේ ජීවිත වලට කවුද වගකියන්නේ. ඒ හා සමාන නීතියකුත් අවශ්‍යයි. අහිංසක මිනිස්සුන්ගේ ජීවිත ඔය වගේ මුදලකින් මනින්න බෑ. අද රටේ මාර්ග නීති උල්ලංඝනය වෙන නිසා තමයි අහිංසක ජිවිත මගමරුවන්ට බිලි වෙන්නෙ. රටේ පාතාලය නිසා ජිවිත විනාශ වෙනවා හා සමානවම නොහොබිනා රියදුරන්ගෙ නොසැලකිලිමත්කම නිසා ජිවිත විනාශ වෙනවා. මේවටත් ක්‍රමවත් වැඩ පිලිවෙලක් සෙවිය යුතුයි. ඔය නිතිය ලොකු කුඩා සැමටම එක හා සමානවම ක්‍රියාත්මක විය යුතුයි. නැත්තං ඕකත් එක රගපැමක් විතරයි .
මාර ලොකු දෙයක් වගේ. සල්ලි හම්බ කරන විදිය විතරයි. නීතිගරුක රිය පදවන්නන් අැතිකරන ක්‍රමයක් ගැන කිසිම කතාවක් නැහැ. එහෙන් රට ණය කියලා බොරුවට කෑගහලා. දඩ වලින් හම්බ කරයි කියලා කියනවා. අසහනයේ, අාතතියේ කිසිම අඩුවක් වෙන එකක් නැහැ.
රටක් ලෙස උදම් ඇනිය යුත්තේ බොහෝ දඩමුදල් එකතු කල බවට නොව, රියදුරන්ගෙ යහපත් කල්ක්‍රියාව නිසා දඩමුදල් එකතු නොවූ විටය.
අපොයි ඔයිට වැඩිය දඩ වැඩිකළ යුතුය. අවනීතිය රජයන මේ රටේ කීදෙනෙක් ඔය දඩ කොලය අරගෙන ආපසු එම වරදම කරනවද?. සෑම රිය පැදවීමේ බලපත්රයකටම අසාදන ලකුණු එක්කර වරද අනුව එම ලකුණු අඩු කර බලපත්‍ර අහෝසිවීමේ ක්‍රමවේදය සකස් කලයුතුවේ. වරද කර අසුවන සියලු රියදුරන්ට මාර්ග නිතිය පිලිබඳ පරිගණක පරීක්ෂණය අනිවාර්ය කල යුතුවේ. ඇමතිවරු මන්ත්‍රීවරු සිට නීතිය තදින්ම ක්‍රියාත්මක වුවොත් සියලුදෙනාට පාරේ බැහැල යන්න පුළුවන් වෙයි.
ත්‍රි වීල් වලට එහෙම හරියට දඩ නියම කරානම් කෝටි 25 ක් විතර හොයාගන්න තිබ්බා.
ත්‍රීවීලර් පාරවල් වලින් ඉවත් කළ යුතුයි.