(විනීතා එම් ගමගේ)
සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ශ‍්‍රී ලාංකිකයින්ගෙන් මුදල් වංචා කරන සංවිධානයන් පිළිබඳව ආරංචි ලැබෙමින් පවතින බැවින් එවැනි ආකාරයේ වංචාකරුවන්ට හසු නොවන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය විදෙස් ගතවී සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කරයි.
මෙම කල්ලිය වැඩිපුරම වංචාවන් කරන්නේ විදේශ ගතවී සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන් යැයි කාර්යංශය කියයි. ඒ ඒ රටවලට ගොස් ශ‍්‍රී ලාංකිකයන්ගෙන් මුදල් වංචා කළ අවස්ථා රැසක් පිළිබඳව වාර්තා වී ඇතැයි ද කාර්යංශය පවසයි.
විදෙස් ශ‍්‍රමිකයන්ගේ සංවිධානය නමින් ද ෆෝන් ක්ලබ් නමින් ද පෙනී සිටිමින් ,නිවාස තනා දෙන බවට නිවාඩු නිකේතන තැනීමට යැයි කියමින් හෝ නොයෙක් ව්‍යාපෘති සඳහා අරමුදල් ලබාදීම වැනි කටයුතු කරදීමට යැයි පවසා ජනතාව රැවටීමට සංවිධානය වූ කල්ලි කටයුතු කරමින් සිටින බව කාර්යාංශයට තොරතුරු ලැබී ඇත.
මේ පිළිබඳව පැමිණිල්ලක් හෝ තොරතුරුක් වේ නම් ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නීති විමර්ශන අංශ භාර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වෙත පැමිණ හෝ ලිඛිතව තොරතුරු ලබා දෙන ඉල්ලා සිටින අතර එවැනි තොරතුරු දෙන අයගේ පෞද්ගලික රහස්‍යභාවය සුරකින බව ද ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පොරොන්දු වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ගැන අමුතුවෙන් ජනතාවගෙන් තොරතුරු රැස් කරන්න දෙයක් නැහැ. සංවිධාන වලට හා කල්ලි වලට රුචියක් දක්වන ජනතාව ඉලක්ක කර ගනිමින් කොහේ හෝ සිටින වයසක කෙනෙකු හෝ අසනීපයෙන් සිටින දරුවෙකු වීඩියෝ කර අන්තර්ජාලයට මුදාහැර පිටරට වල වෙසෙන අයගෙන් මුදල් ගැරීමේ ජාවාරම දැන් කලක පටන් සිදු කෙරෙමින් පවතිනවා. පිටරට විසුවත්, කල්ලි ගැසුණු ගෝත්‍රිකයින් ලෙස ජීවත් වෙන අඥාන පුහු දේස ප්‍රේමී සැදැහැවතුන් ලංකාවේ තිබෙන අන්තවාදී කල්ලි කණ්ඩායම් වලට වක්‍රාකාරයෙන් මුදල් පොම්ප කරන එක්තරා ජාවාරමක් තමයි මේ.
දුරකථන අංකයක් e mail එකක් දැම්මනම් මොකද.?