බිඟුන් මේනක ගමගේ
කොළඹ මහ නගර සභා නිල වෙබ් අඩවියෙහි සිංහල මාධ්‍යයෙන් තොරතුරු ලබා දීම හෙට (3) සිට නතර කෙරෙන බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
මීට හේතු වී ඇත්තේ දැනට එහි සිංහල මාධ්‍යයෙන් තොරතුරු යාවත්කාලීන වීමේදී තාක්ෂණික දෝෂයක් මත කරුණු විකෘති වීමය.
මෙතෙක් කල් එහි විස්තර ලබා දී ඇත්තේ ගූගල් තාක්ෂණය ඔස්සේ වචනයට වචනය ගලපා පරිවර්තනය කිරීමෙන් වන අතර මේ නිසා නගර සභා තොරතුරු වෙබ් අඩවියෙහි සඳහන් වීමේදී ලබාදෙන්නේ විකෘති අර්ථයි.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය නාගරික කොමසාරිස් දමයන්ති මල්ලවආරච්චි මහත්මිය පැවැසුවේ එම තොරතුරු යාවත්කාලීන කිරීම බාහිර සමාගමක් මගින් සිදුකෙරෙන බවයි.
සිංහල මාධ්‍යයෙන් තොරතුරු යාවත්කාලීන කිරීමට අමතර ගෙවීමක් කිරීමට සිදු වන බව ද මල්ලවආරච්චි මහත්මිය වැඩිදුරටත් පැවසුවාය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝසි නෝනට ආව ගමන් සිංහල තිත්ත උනා වගෙයි.
එහෙම උනොත් කොළඹ කියන සිංහල නමත් මන්ගච්ච්නවෙයි?
අර ඩිගිටල් ඇමති මොනවද කරන්නේ.
අයි ටී කරල ජොබ් නැතිව දුක් විදින මොනතරම් දක්ෂ අය ඉන්න රටේ, අයියෝ රටකට ගිය කලක්..
මෙහෙමත් නගර සභාවක්.
රාජ්‍ය අංශයේ නිතර යාවත්කාලින වෙන වෙබ් අඩවි තියෙන්නේ අල්පයයි.
වැරදිලාවත් දෙමළ භාෂාව හැලුනනම් එහෙම මහ අය කොළඹ නගර සභාවට එයි කනගාටුව ප්‍රකාශ කරන්න.
කොළඹ නොකියා Colombo කියලා විතරක් භාවිතා කරමු. සිංහල නාම පුවරු වලට යන අමතර වියදම ඉතිරි වෙනවා.