(තරිඳු ජයවර්ධන සහ ඩයනා උදයංගනී)
ජාතික ආණ්ඩුවේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම මීට ටික වේලාවකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ විය.
කැබිනට් අමාත්‍යවරුන් 18 දෙනකු දිවුරුම් දීම ඊයේ සිදුවිය.
අද දිවුරුම් දෙන රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් මෙසේය.
නියෝජ්‍ය අමාත්‍යවරු දස දෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරු අට දෙනෙක් මේ වන විට ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබ සිටිති. ඔවුහු මෙසේය.

පාලිත රංගේ බණ්ඩාර - වාරිමාර්ග, ජලසම්පත් කළමනාකරණ සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය

දිලිප් වෙදආරච්චි - ධීවර, ජලජ සම්පත් සර්වර්ධන සහ ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍ය

එම් එම් ඒ එම් හිස්බුල්ලා - අධිවේගී මාර්ග සහ මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

මොහාන් ලාල් ග්‍රේරු - උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍ය

ඒ ඩී චම්පික ප්‍රේමදාස - වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය

ලක්ෂ්මන් සෙනවිරත්න - රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය සහ නීතිය හා සාමය රාජ්‍ය අමාත්‍ය

ශ්‍රියානි විජේවික්‍රම - ක්‍රීඩා, පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය

වීරකුමාර දිසානායක - මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

අමීර් අලී ශිහබ්දීන් - ධීවර, ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය

දුනේෂ් ගන්කන්ද - ඉඩම් සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

රංජන් රාමනායක - සමාජ සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය

කරුණාරත්න පරණවිතාන - විද්‍යා තාක්ෂණ, පර්යේෂණ, කුසලතා සංවර්ධන සහ කඳුරට උරුමයන් පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය

සරතී දුෂ්මන්ත - අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය

පාලිත කුමාර තෙවරප්පෙරුම - තිරසර සංවර්ධන, වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

මනූෂ නානායක්කර - විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් සහ වේදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය

මුත්තු සිවලිංගම් - අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

සයිද් අලි සහීර් මවුලානා - ජාතික ඒකාබද්ධතා, සංහිඳියා සහ ජාතික භාෂා නියෝජ්‍ය අමාත්‍ය

එච් එම් එම් හාරිස් - රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රන්ජන් කට නිසා තනතුරු කපා ගත්තද?
අපිට හරි ආඩම්බරයක් දැනෙනවා, ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ගැන දැන් හරි හෙට ඉදල කිරි උතුරනවා වගේ රටට හොද කලක් යනවා.... විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් අපිට ඉන්නේ ජය වේවා.!
225 අතරේ ඉන්න එකම සබැ ජනතා නියෝජිතයාණෙනි, රන්ජන් රාමනායක මල්ලි, ඔබව කපන්න බැරි නිසාම අත සිඹල තිබෙන බව අපට නම් පේනවා. මොලේ කලඳක් ඇති සියලු ජනතාව ඔබට සුබ පතනවා. ඔබේ එඩිතර කමින් බාගයක් මේ එකෙකුටවත් නැති එක ගැන මම නම් දුක් වෙනවා.
දොළ පිදේනි විතරයි...
පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීමේ ගැසට් එක හරියට ගහගන්න බැරුව තුන්පාරක් නිවැරදි කරපු ආණ්ඩුවක්, ඇමතිකමක් දියුරුම් දීලා පැයකින් වෙනස් කරන්නට තරම් කිසිවක් කරගන්නට බැරි ආණ්ඩුවක් කියන්නේ හරියට යමක් කරන්න දන්නා අය මේකේ නෑ කියන එකයි. එහෙවු උදවිය මුළු රටේම අනාගතය ගැන තීරණ ගන්නා ව්‍යවස්ථා සංශෝධන කරලා රට මොන තරම් අනතුරක දායිද කියල හිතනකොටත් ඇග හිරිවැටෙනවා.
ඔය තනතුරු පට්ටම් වලින් බදු පිට බදු ගෙවන අපිට වැඩක් සහ උනන්දුවක් නැති අතර 2015 ඡන්දයට පැමිණීමට පෙර වුන පොරොන්දු ඉෂ්ට කිරීමට කටයුතු කරන්න . අසරණ පෑගෙන ජනතාවගේ ජීවන තත්වය නගා සිටුවීමට වහාම කටයුතු කරන්න.
ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු, නියොජ්‍ය ඇමතිවරු,... බැරිද තව තනතුරු ටිකක් මවන්න?
කුට්ටම ඇනුවට එකම ගේම තමයි ගහන්නේ.
දැන් ඉතින් ඔක්කොම ප්‍රශ්න ඉවරයි... ඩොලර් එක බහි සට සට ගාලා....
අපිට සෙතක් වෙනවාද?
බැරිද අනේ ඔබතුමාට අර ගැසට් එක විද්‍යාත්මක පස්වන වරටවත් පල කරන්න. දැන් ඉතින් අපිත් හැම දෙයක්ම විද්‍යාත්මක කරමු. එහෙම කලොත් ඉක්මනටම සිංගප්පූරුව පරද්දන්න පුළුවන්...
රන්ජන් ඇමැතිතුමා, ඇත්තෙන්ම අපි ඔබව දකින්නේ අවංක නිර්භීත යෝධයෙක් හැටියට. මම දකින හැටියට ඔබට හොඳ ජනතා ප්‍රසාදයක් තියෙනවා. විස්සයි විස්සෙ ඔබට ඉහළම ස්ථානයට එන්න පුළුවන් බවට කිසිම සැකයක් නැහැ.
සිරිසේන සහ රනිල් ඇතුළු පිංගුත්තර නඩය ජනතාවටත්, රටටත් කරන මේ විනාශය කවදා නවතීද? මේ අයව නඩත්තු කරන්න රටම විකුණන්න තමයි වෙන්නේ... මේ වසලයින් පලවා හැරිය යුතුයි...
රවීගේ ඇමතිකම නැති කරලා කාට දුන්නත් වැඩක් නැහැ. එයාට ඕනෙ දෙයක් කරන්න පුළුවන්...
ඉතුරු අවුරුදු එකහමාරත් ඔය විදියට මොනවා හරි කරකර අන අනා ඉමු. වෙන මොනවා කරන්නද ඉතින්...
කරුණාකර 2015 දී දුන් පොරොන්දු ඉටුකර, ජීවන වියදම අඩු කරන්න.
අදයි, ඊයෙයි මේ කට්ටියෙන් සමහර දෙනෙක් දිව්රුම් දෙන්න කොළඹ ආවේ, ගියේ හෙලිකොප්ටර් වලින් මේ දවස් දෙකේම හවස 2.00ට විතර වෙනකම් එහෙම තමයි. එතකොට මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් දීපු කෝටි ගානක් වටින වාහන වලින් මේ නරුමයන්ට එන්න බැරිද? වැහි නැති හෙන පාත් වෙන්නේ මේ රටේ අහිංසක මිනිස්සුන්ට විතරනේ අප්පා.
මේ අයට හෙන වදිනවා. දුප්පත් ජනතාව ගැන කිසිම හැඟීමක් නොමැත. ස්විට්සර්ලන්තයේ දුප්පත්ම මිනිහා පිළිබඳව තමයි මුල් තැන දෙන්නේ... ලංකාවේ හොඳම සැප මහජන මුදල් මහදවල් මංකොල්ල කන ලොක්කට...
කොයි කුඹුරේ බැන්දත් වස්සෝ ගොයම් කනඑක නවත්තන්නේ නැහැ.
දැන් කියන්නකෝ බලන්න කිසිම ඇමතිකමක් නැති මන්ත්‍රී කීයක් ඉන්නවද කියලා... විපක්ෂේ විතරමද මන්දා... නැත්නම් විපක්ෂේනුත් මන්ත්‍රී වරු ඉන්නවද මන්දා...
බුද්ධික පතිරණ මන්ත්‍රීතුමට නොසැලකීම එතුමාගේ පාක්ෂික ජනතාවට කරන ද්‍රෝහී කමක්. මෙම ක්‍රියා නිසා ජනතාව ඔය පක්ෂයෙන් ඇත් වෙන බව නොසිතීම පිළබඳව කනගාටු වෙනවා.
ඉතාමත් විද්‍යාත්මකව නව ඇමතිවරු තෝරලා තියනවා. දැන් තියෙන්නේ විද්‍යාත්මක පදනමකට හරි හම්බ කරලා රට තව තවත් අවිද්‍යාවට දක්කන්න මේ අලුත් කණ්ඩායමට පුලුවන් වෙයි.
යහපාලනයේ වැඩ බැරි ටාසන්ලා ටික....