(විනීතා එම් ගමගේ)
ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට ඇති හැකියාව පිළිබවඳ සොයා බැලීමට පත් කළ කමිටුව කැඳවීමට හෝ කටයුතු නොකර හොර රහසේම එම තහනම ඉවත් කිරීමට කටයුතු කිරීම පිළිබඳව දැඩි විරෝධය පළ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියෝ පැවැසූහ.
කිසිදු විද්‍යාඥයකු හෝ කැඳවා විමසීමක් සිදු නොකර මෙම තහනම ඉවත් කර ඇතැයි ලංකාදීප කළ විමසීමක දී අදහස් දක්වමින් උන්වහන්සේ පැවැසූහ.
තම නිරික්ෂණයන් අනුව නම් මැති ඇමතිවරු සම්බන්ධ වී ගෙන්වාගෙන මේ වනවිට වරායේ සිරවී ඇති ග්ලයිෆොසේට් තොගය රට ඇතුළට ගැනීමට මෙසේ තකහනියේ තහනම ඉවත් කරගෙන ඇති බව පෙනී යන්නේ යැයි ද උන්වහන්සේ කීහ.
ජනතාව ගැන නොසිතා මෙවැනි තීරණ ගැනීම පිළිබඳ දැඩි විරෝධය පළ කරන බව රතන හිමියෝ වැඩි දුරටත් කීහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම දේශපාලනය කරන්න හොඳ නැහැ.
විරෝධය පලකරපුවම ඉල්ලලා අස්වෙලා ගෙදර යාවි නේද.?
විරුද්ධයි
පොහොර නැතුව මිනිස්සුන්ට නැති ප්‍රශ්න ඇති කර මහින්දගේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන ඔබට මෙය නියම ඇතුල් පහරකි. නවීන් ඇමතිතුමනි, අපි සහ අහිංසක වගාකරුවන් ඔබ සමගයි.
එදා සිවුර කරට අරගෙන, මහින්ද මහත්තයව ගෙදර අැරියේ මේ තහනම පෙරදැරි කරගෙන නේද? මට නම් අසන්නට තිබෙන්නේ, 1.දැන් වසවිසෙන් තොර හාල් වෙළඳ පොලේ තිබේද? ඒ කොහෙද? 2.තේ රබර් වතුවලට දමන ග්ලෛෆෝසේට් වතුරට කලවම් වී ඒ අාශ්‍රිත වැඩකරන ගොවියන් වකුගඩු රෝගවලට ලක්වන්නේ නැතිද? 3. දැන් ඔබවහන්සේ සිවුර කරටගෙන මේ ආණ්ඩුව ගෙදර යවනවාද?
අප හුදෙක් ගොවිපොලක කොටුවක ඉන්න සතුන් මෙනි... දේශපාලුවන් ඕන ඕන විදියට ආහාරයට ගන්න.... තවත් බල බලා සිටීමෙන් පලක් නැත, රට වෙනස් කරන තීරණය ඔබ අතේ...
වකු ගඩු රෝගයට හේතුව මේ ග්ලයිෆොසෙට් බව රසායනාගාර පරීක්ෂණ වලින් තහවුරුවී තිබේද? ග්ලයිෆොසෙට් නිෂ්පාදනය කරන්නේ කවුද. මොනවාටද? ලංකාවේ ගොවියන්ට පමණක් වකුගඩු රෝග හදන්නටද? වෙනත් රටවල මේවා පාවිච්චි කරන්නේ නැද්ද? ඒ හැම රටකම වකුගඩු රෝගය පැතිරෙනවාද? ග්ලයිෆොසෙට් පාවිච්චි නොකරන රටවල වකුගඩු රෝගීන් නැද්ද? ප්‍රශ්න රාශියකි.
රටක ජනතාවට සිදුවන ජීවිත හානි ගැන හිතන්න ඔළුවක් තියෙන නායකයින් නැති විම ගැන හිතන්න කාලයක් ෙම්. ඔබ වහන්සේගේ අදහස ඒක්ක අපි ඒකගයි.
ග්ලයිෆොසෙට් වලට පින් සිද්ධ වෙන්න මෙපමණ කලක් ජීවත් උනා වගේ ඉතිරියත් ග්ලයිෆොසෙට් වලින්ම ඇදගෙන යමු අපේ හාමුදුරුවනේ. අන්තිමේට ගහපු බෙරේකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ.
යුරෝපීය රටවල පවා ග්ලයිෆොසෙට් තහනම් කර නැත. මානව සෞඛ්‍යට ගැටලු ඇති කරන රසායනික ද්‍රව්‍ය භාවිතයට එරෙහිව යුරෝපීය රටවල ඉහළ රෙගුලාසි ඇත. වාණිජ වගාවන්හි මෙම රසායනික ද්‍රව්‍ය භාවිතය තහනම් කිරීම අවශ්‍ය වන්නේ ඇයි?
වෙනත් බොහෝ රටවල ග්ලයිෆොසෙට් පාවිච්චි කෙරේ. වල් නාශකයක් වශයෙන් ඒවා වෙනත් බොහෝ රසායනික තරම් හානිකර නැත. ඉන්ටෙර්නෙට් ඔස්සේ සොයා බලන්න. නිසි උපදෙස් නො සලකා මේවා ආහාරයට ගත්තොත් නම් විෂ වන්නට පුළුවන. මේ හාමුදුරුවන් මෙසේ විරෝධතා පල කරන්නේ කුමක් නිසාදැයි සිතා ගන්නට නුපුළුවන!