පළාත් පාලන ආයතන පිළිබඳ ගැසට් නිවේදනය ලබන සතියේ පළාත් පාලන ආයතනයන් සතු සභිකයන් සංඛ්‍යාව කොපමණද යන්න පිළිබඳ ගැසට් නිවේදනය ලබන සතියේ දී ප්‍රකාශයට පත් කරන බව පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පාර්ලිමේන්තුවේදී අද (4) පැවසීය. 04 April 2017
ගැටඹේ සිට තැන්නෙකුඹුර දක්වා උමං මාර්ගයකට කැබිනට් අනුමැතිය දළදා මාලිගාව ඉදිරිපිට මාර්ගය කිසිම හේතුවක් නිසා විවෘත නොකරන බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. එම මාර්ගය විවෘත නොකිරීමෙන් ඇතිවන මාර්ග තදබදය අවම කිරීම සඳහා බෝගම්බර සිට ගැටඹේ දක්වාත්, තැන්නකුඹුර දක්වාත් උමං මාර්ගයක් ඉදි කිරීමට අද කැබිනට් අනුමැතිය ලැබුණු බව ද කිරිඇල්ල මහතා කීවේය. 04 April 2017
ජනමත විචාරණයකට නොයන ව්‍යවස්ථා වෙනසකට තීරණයක් නෑ ජනමත විචාරණයකට තුඩු දෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්රතිසංස්කරණයක් නොකිරීමට සිය පක්ෂය කිසිදු ආකාරයේ තීන්දුවක් ගෙන නැතැයි එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් තමන්ට සහතික වූ බව ජනතා විමුක්ති පෙරමුණ කියයි. 04 April 2017
‘පර්පචුවල් ට්‍රෙෂරීස් නීතිය උල්ලංඝනය කරලා‘ මහ බැංකුවෙන් එක්දින වෙළෙඳ ණය පහසුකම යටතේ ලබාගත් මුදල් එම දිනයේම නොගෙවීම නිසා පර්පචුවල් ටේරෂරීස් සමාගම නීතීය උල්ලංඝණය කර තියෙනවා යැයි බැදුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ තොරතුරු තාක්ෂණය පිළිබඳ අතිරේක අධ්‍යක්ෂක වසන්ත කුමාර අල්විස් මහතා පැවසීය. 04 April 2017
2012 බන්ධනාගාර ගැටුම ගැන පරීක්ෂණයක් ඉල්ලා අධිකරණයට පෙත්සමක් 2012 වසරේ නොවැම්බර් මාසයේදී වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමෙන් රැඳවියන් 27 දෙනෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන ලෙසට පොලිස්පතිවරයාට හා රහස් පොලීසියේ අධ්යක්ෂවරයාට නියෝග කරමින් රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ අද (04) පෙත්සමක් ගොනු කෙරිණි. 04 April 2017
සිසුවාට පහර දුන් පොලිසියේ දෙන්නාට ඇප රියදුරු බලපත් නැතිව යතුරු පැදියක් ධාවනය කළ බව කියන පාසල් සිසුවකුට දොඩම්ගොඩදී පහර දුන් පොලිස් කොස්තාපල්වරු දෙදෙනා රුපියල් ලක්ෂ 2 ක් බැගින් වූ ශරීර ඇප මත කළුතර මහේස්ත්‍රත් අධිකරණය විසින් මුදා හරිනු ලැබිණ. 04 April 2017
උමා ඔය ජල යෝජනා ක්‍රම දෙකම මැයි මාසයේ අවසන් උමාඔය බහුකාර්ය යෝජනා ක්‍රමයෙන් අගතියට පත්වූ ජනතාවගේ පානීය ජල අර්බුදයට විසඳුමක් ලෙස ක්‍රියාත්මක කරන ලද ජල යෝජනා ක්‍රම දෙකෙන් එකක වැඩ කටයුතු මේ වන විට අවසන් කර ඇති අතර සෙසු ජල යෝජනා ක්රමයේ වැඩ කටයුතු මැයි මස අගදී අවසන් කරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (4) දැනුම් දුන්නේය. 04 April 2017
විමල්ගේ ප්රතිශෝධන පෙත්සම සලකා බැලීම 7 දා රජයේ වාහන 40ක් අවභාවිතා කළැයි රිමාන්ඩ් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇප මත මුදා හරින ලෙස ඉල්ලා ගොනු කර ඇති ප්රතිශෝධන පෙත්සම ලබන 07 වැනි දා සලකා බැලීමට අභියාචනාධිකරණය අද (04) තීන්දු කළේය. 04 April 2017
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම ණය ගෙවීම පැහැර හැරලා බැදුම්කර මිලදී ගැනීමට පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම ශ්‍රී ලංකා මහා බැංකුවෙන් හා සේවක අර්ථ සාධක අරමුදලෙන් එක්දින ණය පහසුකම යටතේ ලබාගත් රුපියල් බිලියන 11.06 ක ණය මුදල නියමිත කාලසීමාව තුළ ගෙවීම පැහැර හැර ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ තොරතුරු තාක්ෂණය පිළිබඳ අතිරේක අධ්‍යක්ෂක වසන්ත කුමාර අල්විස් මහතා හෙළි කළේය. 04 April 2017
සිරියාවේ රසායනික ප්‍රහාරයකින් 58 ක් මරුට සිරියාවේ ඊසාන දිග පිහිටි කැරලිකරුවන් යටතේ පවතින කාන් ෂෙයිකුවාන් නගරයට එල්ල කරන ලද රසායනික ප්‍රහාරයකින් 58 දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. සිරියාවේ ක්‍රියාත්මක මානව හිමිකම් සංවිධානය සංවිධානය පවසන්නේ සිරියානු රජයට හෝ රුසියාවට අයත් ජෙට්යානා මගින් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවයි. 04 April 2017
කිලිනොච්චිය කයිට්ස් ඒ.එස්.පීලා ගැන විමර්ශනයක් කිලිනොච්චිය සහකාර පොලිස් අධිකාරී සහ යාපනය කයිට්ස් සහකාර පොලිස් අධිකාරීගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ජනමාධ්‍ය පෙන්වා දුන් කරුණු අනුව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පැවසීය. 04 April 2017
නරක් වූ කරවල කිලෝ 2000ක් අල්ලයි සිංහල අවුරුදු සමයේ දී ජනතාවට බෙදාහැරීම සඳහා නරක් වූ කරවල කිලෝ 2000ක් ගබඩාකර තිබූ කොළඹ වෙරළබඩ පාරේ පෞද්ගලික සමාගමකට රුපියල් 12,500ක දඩ නියම කිරීමට මාලිගාකන්ද අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝග කළේය. 04 April 2017
කටුනායක ධාවන පථය බ්‍රහස්පතින්දා යළි විවෘත වෙයි වසර 1986 දී අතුරන ලද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පැරණි ධාවන පථය ප්‍රතිසංවර්ධනය කර ගුවන් මෙහෙයුම් කටයුතු සඳහා බ්‍රහස්පතින්දා (6) පස්වරු 12.30 ට විවෘත කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය නිවේදනය කරයි. 04 April 2017
හිටපු කොටි සාමාජිකයාගේ පාපොච්ඡාරණය අධිකරණයෙන් පිළිගනී පලාලි සිට රත්මලාන දක්වා පියාසර කරමින් තිබු ඇන්ටනොව් 32 වර්ගයේ ගුවන් යානයකට විල්පත්තුවේ සිට මිසයිල ප්‍රහාරයක් එල්ල කළේ තමන් බවට කොටි සංවිධානයේ මිසයිල බලගණයේ හිටපු ප්‍රබල සාමාජිකයෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට ලබාදී ඇති පාපොච්චාරණ නීත්‍යානුකුල බව අධිකරණය පිළිගන්නා බව අනුරාධපුර විශේෂ මහාධිකරණ හිටපු විනිසුරු මහේෂ් වීරමන් මහතා අද(04) ප්‍රකාශ කළේය. 04 April 2017
පොහොර වංචාවට වසර 20 ක සිර දඬුවම වසර 5 කින් ගෙවෙන්න නියම කරයි රජයට අයත් සීමාසහිත ජනතා පොහොර ව්‍යවසාය සමාගමේ අනුරාධපුර ප්‍රාදේශීය ගබඩාවේ ගබඩා කර තිබු පොහොර වංචා කර රජයට රුපියල් ලක්ෂ 50 කට අධික මුදලක් වංචා කිරිම ඇතුළු චෝදනා හතරක් සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණ හමුවේ අධිචෝදනා ලබා සිටි එම පොහොර සමාගමේ අනුරාධපුර ගබඩාවේ පාලකවරයා සහ සහකාර පාලකරවයා එම අධි චෝදනාවන්ට වරදකරුවන් බවට කෑගල්ල පළාත් බද මහාධිකරණ විනිසුරු සහ උතුරු මැද පළාත්බද හිටපු මහාධිකරණ විනිසුරු ධමිමික ගනේපොල මහතා තීරණය කළේය. 04 April 2017
ඒ.එස්.පී.ගේ වැරදි නියෝග ක්‍රියාත්මක නොකළ අයිපී මාරු කේරළ ගංජා ජාවාරමකට සැකපිට අත්අඩංගුවට ගත් වෑන් රියක් මුදා හරින ලෙස උසස් පොලිස් නිලධාරියෙකු කළ අනිසි බලපෑමක් ක්‍රියාත්මක නොකළ කිලිනොච්චි කොට්ඨාසයේ පොලිසියක පොලිස් පරීක්ෂකවරයකු කන්කසන්තුරේ කොට්ඨාසයට ස්ථාන මාරු කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි. 04 April 2017
මව ශ්‍රී ලංකාවට පිටුවහල් කර දරුවා ඕස්ට්‍රේලියාවේ රඳවාගනී තම පුත්‍රයා ඕස්ට්‍රේලියාවේ සිටිද්දී ශ්‍රී ලංකාවේ මවක ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කර ඇතැයි කෙයන්ස් පෝස්ට් වාර්තා කරයි. 04 April 2017
තවත් අවුරුද්දකින් මහින්දට අඬන්න තමයි වෙන්නේ - අගමැති රනිල් 2018 වෙසක් මාසය වන විට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට හැඬීමට සිදුවෙනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 04 April 2017
අරණායක අධි අවදානම් ස්ථාන 515ක් : මධ්‍ය අවදානම් ස්ථාන 1031ක් ජාතක ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කළ පර්යේෂණ වල දී නායයෑමේ අධි අවධානමක් ඇති ස්ථාන 515ක් හඳුනාගෙන තිබේ. 03 April 2017
සයිටම් වහන්නේ නෑ - ඇමැති කිරිඇල්ල කිසිසේත් සයිටම් ආයතනය වසා නොදමන අතර වැඩවර්ජන, උපවාස, උද්ඝෝෂණවලින් අධිකරණ තීන්දු වෙනස් කළ නොහැකි යැයි උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියයි. 03 April 2017
සයිටම් වහන්නැයි සිකුරාදා වැඩවර්ජනයක් සයිටම් ආයතනය වසා දමන ලෙස බල කරමින් ලබන සිකුරාදා (07) දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් දියත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. 03 April 2017
ආසියානු 23න් පහළ ක්‍රිකට් ශූරතාව ශ්‍රී ලංකාවට බංග්ලාදේශයේ පැවති 23න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහ තරඟයේදී පාසික්තාන පිල කඩුලු පහකින් පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම විසින් මෙහි ශූරතාව දිනා ගන්නා ලදි. 03 April 2017
ශාන්ත පීටර්ස්බර්ග්හි පිපිරීමකින් 10ක් මරුට රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග්හි නගරාන්තර උමං දුම්රිය ස්ථාන දෙකක් අතරදී අද (2) සිදු වූ පිපිරීමකින් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. රුසියාවේ වේලාවෙන් අද (03) සවස්වරුවේ මෙම පිපිරීම වී ඇති අතර ඊයේ සවස් වනතුරුත් තුවාල ලැබූවන් මුදා ගැනෙමින් තිබිණි. 03 April 2017
පිටකොටුවෙන් ලක්ෂ 11ක මුහුණු ආලේපන අල්ලයි මුහුණ පැහැපත් වන බව පවසමින් නීති විරෝධී ලෙස විකිණූ මුහුණු ආලේපන තොගයක් පිටකොටුවේ වෙළඳසැල් දෙකකින් අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා පාරිභෝගික අධිකාරිය පවසයි. 03 April 2017
හිරු මුදුන් වීමෙන් ශ්‍රී ලංකාවම රත්වෙයි ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන්වීම නිසා දිවයිනේ බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය මේ වන විට සෙල්සියස් අංශක 30 ඉක්මවා ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන්වීම අනිද්දා (5) සිට ඇරඹෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 03 April 2017
තොරතුරු තාක්ෂණ අතිරේක අධ්යක්ෂකත් කොමිසමට කැඳවයි වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීමට පත් කර ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සාක්කි දීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ තොරතුරු තාක්ෂණය පිළිබඳ අතිරේක අධ්‍යක්ෂක වසන්ත කුමාර මහතා හෙට (4) කොමිසම හමුවට කැඳවීමට නියමිතය. 03 April 2017
පැකර්ට දුන් ඉඩම ගැන පරීක්ෂණයක් කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවත හා චිත්තප්පලම් ඒ. ගාඩිනර් මාවත අතර පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම පෞද්ගලික සමාගමකට විකිණීමේදී කිසියම් අක්‍රමිකතාවක් සිදුව ඇත්නම් ඒ පිළිබඳ සොයාබලන ලෙස අමාත්‍යාංශයේ ලේකම්වරයාට තමන් දැනුම් දුන් බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 03 April 2017
වයිකෝ අත්අඩංගුවට තමිල්නාඩුවේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වන ඩී.එම්. කේ. පක්ෂයේ නායක වයිකෝ මහතා 2009 රාජද්‍රෝහි සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත. 03 April 2017
සංක්‍රමණිකයන් අතර ශ්‍රී ලාංකිකයෝත් ශ්‍රී ලාංකිකයින් ,යේමන ජාතිකයින් , උතුරු හා මධ්‍යම අප්‍රිකානු ජාතිකයින් ඇතුළු සංක්‍රමණිකයින් 480 කට ආසන්න පිරිසක් රැගෙන මධ්‍යධරණී මුහුදේ යාත්‍රා කරමින් තිබූ බෝට්ටුවක් මානුෂීය සේවා නැවක් විසින් මුදා ගැනීමේ සිද්ධියක් ඊයේ (03) විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 03 April 2017
ඇවන්ගාඩ් නඩු විභාගය අගෝස්තු 28 දා යළි කැඳවයි ඇවන්ගාඩ් මැරිටයිම්ස් පුද්ගලික සමාගමේ අධ්යක්ෂ හිටපු මේජර් ජනරාල් පාලිත පියසිරි ප්‍රනාන්දු මහතාගේ බැංකු ගිණූමට මුදල් බැරකළ පුද්ගලයන්ගෙන් ප්‍රකාශ කිහිපයක් සටහන් කර ගත යුතුයැයි අල්ලස් කොමිසම අධිකරණයට අද(03) දැන්වීය. 03 April 2017
මෝටර් රථය මගියා බේරාගන්න ගිහින් පොල්ගහට ගිහින් අම්බලන්ගොඩ ගොඩගමදී මෝටර් රථයක් අද(1)උදෑසන පාරෙන් ඉවතට පැන පාර අයිනේ තිබූ පොල් ගසකට වැදීම නිසා රියැදුරු තුවාල ලබා රෝහල් ගත කළ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි... 01 January 2026