සිංහල අවුරුදු නැකත් නිදොස් යැයි නැකත් කමිටුව කියයි සංස්කෘතික දෙපාර්තමේන්තුවේ නැකැත් කමිටුව මගින් ඉදිරිපත් කර තිබෙන සිංහල අලුත් අවුරුදු නැකත් දෝෂ සහිත බව ඇතැම් ජෝතිෂ්යෙව්දීන් කරුණු ඉදිරිපත් කර තිබුණ ද එහි කිසිදු දෝෂ තත්ත්වයක් හෝ අසුභ තත්ත්වයක් නැතැයි නැකත් කමිටුව අවධාරණය කරයි. 03 April 2017
උණ පැතිරීම නිසා පේරාදෙණි සරසවිය වසා දමයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පැතිර යන වසංගත රෝගයක් තවදුරටත් පැතිරීයාම වළක්වාගැනීම සඳහා විශ්වවිද්‍යාලයේ උපකුපලතිවරයා විසින් අධ්‍යයන කටයුතු තාවකාලිකව නවතා විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇත. 03 April 2017
මහබැංකු වංචාව ලෝකයේ ලොකුම කොල්ලකෑමක් - හිටපු ජනපති මහින්ද මහබැංකු වංචාව ලෝකයේ සිදු වූ ලොකුම කොල්ලකෑම්වලින් එකක් බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. චීනය හා ඉන්දියාව යුද්ධයට දුන්න සහය අගය කළ යුතු බවත් ණයට හෝ යුද්ධ කිරීමට හැකි වූයේ චීනය හා ඉන්දියාව සහායෝගය දුන් නිසා බවත් රාජපක්ෂ මහතා කියයි. තමන් ණය ගත්තේ ගෙවීමට හැකි නිසා බවද ඒ මහතා පවසයි. 03 April 2017
රවී ජයවර්ධන දිවියෙන් සමුගනී හිටපු ජනපති දිවංගත ජේ.ආර්.ජයවර්ධන මහතාගේ පුත් රවී ජයවර්ධන මහතා අද (3) අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචිමාර්ග වලින් කියැවේ. 03 April 2017
පිල්ලයාන් ඇතුළු සිව්දෙනා 17 දා දක්වා රිමාන්ඩ් නැගෙනහිර පළාත් හිටපු මහ ඇමති සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන් මහතා හෙවත් පිල්ලයාන් ඇතුළු සිව් දෙනකු ලබන 17 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් ගනේෂරාජා මහතා නියෝග කළේය. 03 April 2017
සර්ව පාක්ෂික ආර්ථික සමුළුවක් කැඳවන්නැයි උදය ගම්මන්පිල ජනපතිගෙන් ඉල්ලයි නුරේදීම සිදුවිය හැකි දැවැන්ත ආර්ථික කඩාවැටීමට විසඳුමක් සෙවීම සඳහා සර්වපාක්ෂික ආර්ථික සමුළුවක් කැඳවන්නැයි ජනාධිපතිගෙන් ඉල්ලා සිටින බවත් එවැනි සමුළුවක් කැඳවන්නේ නම් දේශපාලන භේදයකින් තොරව තම පක්ෂය ඊට සහාය දෙන බවත් පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය. 03 April 2017
රිදී ඇල්ල වනයෙත් දැව ජාවාරම ජයටම මින්නේරිය ගිරිතලේ ස්වභාවික රක්ෂිතයට අයත් බකමුණ වනජීවී කලාපයට රිදී ඇල්ලේ මහා පරිමාණ දැව ජාවාරමක් සිදුවෙන බවට තොරතුරු ලැබී තිබේ. රක්ෂිතය තුළ යන්ත්‍ර භාවිතයෙන් වටිනා ශාක කපා දමා ඇති ආකාරය දැකගැනීමට හැකිය. මෙලෙස කපා ගන්නා දැව කඳන් ලොරි රථවලින් ප්‍රවාහනය කරන බව ප්‍රදේශවාසීහු කියති. 03 April 2017
තිස්සට විදෙස් ගතවෙන්න අවසර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතාට විදෙස් ගත වීමට අවසර දෙන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා නියෝග කළේය. 03 April 2017
විමල්ගේ ඉල්ලීම අධිකරණයෙන් යළිත් ප්‍රතික්ෂේප වෙයි රජයේ වාහන අවභාවිතා කළැයි චෝදනා ලැබ රිමාන්ඩ් බාරයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතාට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ දී අද (3) යළි නඩුව කැදවිණි. එහිදී වීරවංශ මහතාගේ දියණිය රෝහල් ගත කිරිම සුවිශේෂී කරුණක් ලෙස සළකා කරන ලද ඉල්ලීම කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ප්‍රතික්ෂේප කළාය. 03 April 2017
රතුපස්වල වෙඩිතැබීමට අත්අඩංගුවට ගත් හමුදා සැරයන්වරු තවදුරටත් රිමාන්ඩ් පිරිසුදු පානීය ඉල්ලූ වැලිවේරිය රතුපස්වල ගම්වාසීන්ට වෙඩි තැබීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා සැරයන්වරුන් දෙදෙනා ඇතුළු තිදෙනා ලබන 07 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී. ඒ. රුවන්පතිරණ මහතා අද(03) නියෝග කළේය. 03 April 2017
ලග්ගල නැවත පදිංචි කරන පෙදෙස්වල මහා පරිමාණ දැව ජාවාරමක් කළුගඟ හා මොරගහකන්ද නව ජලාශ සඳහා ඉඩකඩම් ලබාදුන් ජනතාව නැවත පදිංචි කෙරෙන ලග්ගල අක්කර හැඩිය ප්‍රදේශයේ මහා පරිමාණ දැව ජාවාරමක් ක්‍රියාත්මක වන බවට තොරතුරු ලැබී තිබේ. 03 April 2017
පාසල ඇරුණු පසු බීමත්ව රැඳී සිටි ගුරුවරු සිවු දෙනෙක් අත්අඩංගුවට නාරම්මල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක් තුළ පසුගිය සිකුරාදා (31) පාසල් වේලාවෙන් පසුව බීමත්ව සිටි බවට සැකපිට එම පාසලේ ගුරුවරු සිවු දෙනෙක් නාරම්මල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 03 April 2017
දවුල්දෙන මහ නාහිමියෝ අපවත් වෙති අමරපුර මහා සංඝ සභාවේ මහානායක දෙවුල්දෙන ඤාණිස්සර මහ නාහිමියෝ (102) අපවත් වුහ. 03 April 2017
පරිණත හොරු ඇමති මණ්ඩලයේ - ලාල් කාන්ත විමල් වීරවංශ හොරකමට අපරිණත නිසා රිමාන්ඩ් බාරයේ සිටින බවත්, හොරකමට පරිණත පිරිස් ගැටළුවක් නැතිව ඇමැති මණ්ඩලයේ සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලන සභික ලාල් කාන්ත මහතා පැවසීය. 02 April 2017
ව්‍යාජ රන් ජාවාරම්කරුවෙක් දඹුල්ලේ දී පොලිස් දැලේ නිධානයකින් ගත් බව කියමින් රන් කැබලි තොගයක් රුපියල් ලක්ෂ 10කට අලෙවි කිරීමට දඹුල්ල නගරයට පැමිණි අයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 02 April 2017
අනවසරයෙන් දුරකතන ‘ටැප්‘ කළැයි තරුණයකුගෙන් පැමිණිල්ලක් රජයේ දුරකතන ආවේක්ෂණ උපකරණ භාවිත කරමින් තමන්ගේ සහ තම පවුලේ දුරකතන ඇමතුම්වලට රහසේ සවන් දී ඇති බව කියමින් (ටැප් කර) කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවකු විසින් විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් පිරිසක් හමුවේ පසුගියදා විශේෂ කරුණු ඉදිරිපත් කිරීමක් කරනු ලැබ තිබේ. 02 April 2017
කුරුවිට පතලක් කඩා වැටී දෙදෙනෙක් මියයති කුරුවිට තෙප්පනාව කළුදෙණිය පාලම ආසන්න මැණික් ඉල්ලම් ගෙන අවසන් කළ පතලක් වැසීමට යාමේ දී අද (2) සවස එහි ඉවුරු කඩා වැටී පුද්ගලයන් දෙදෙනෙකු ඊට යටවී මියගොස් ඇතැයි පොලිසිය පවසයි. 02 April 2017
විස්සයි 20 තරගාවලියට ලසිත් මාලිංග එයි බංග්ලාදේශ පිලට එරෙහිව 04 වැනිදා ආරම්භ වන තරග දෙකකින් සමන්විත විස්සයි20 තරගාවලිය සඳහා ප්‍රවීණ වේග පන්දු යවන්නකු වන ලසිත් මාලිංග කැඳවා තිබේ. 02 April 2017
‘වංචා දූෂණ කරන දේශපාලනඥයින්ට එරෙහි තීන්දු ගන්න පසුබට වෙන්නෑ‘ - ජනපති වංචා, දූෂණ සහ හොරකම් සිදුකරන දේශපාලනඥයින්ට එරෙහිව ගතයුතු තීන්දු තීරණ ගැනීමට පසුබට නොවන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. 02 April 2017
7 දා කටුනායක ගුවන් තොටුපොළේ කටයුතු සුපුරුදු පරිදි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ලබන 6 වැනිදා සිට නැවත පූර්ණ වශයෙන් විවෘත කරන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය කරයි. 02 April 2017
රාජ්‍ය ආයතන සඳහා හරිත ගොඩනැඟිලි පමණයි රාජ්‍ය ආයතන සඳහා ගොඩනැගිලි මිලදී ගැනීමේ දී හෝ කුලියට ගැනීමේ දී හරිත ගොඩනැගිලි පමණක් ලබා ගැනීමට රජය ඉදිරියේ දි කටයුතු කරනු ඇතැයි මොරටුව විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ක්‍රිෂාන් රණසිංහ මහතා ප්‍රකාශ කළේය. 02 April 2017
ඕනෑම ඇමැතිකමක් බාර ගන්න සූදානම් - රාජිත කැබිනට් සංශෝධනයේ දී ලැබෙන ඕනෑම අමාත්‍යංශයක් බාරගැනීමට සුදානම් යැයි සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය. රුධිර පාරවිලයන සේවාව දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමේ අරමුණින් දිවයින පුරා ස්ථාපිත කළ රුධිර පාරවිලයන මධ්‍යස්ථාන 19න් හත් වැනි මධ්‍යස්ථානය වව්නියාවේදී විවෘත කරීමේ උත්සවයකට සහභාගීවූ ඇමැතිවරයා මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් එලෙස සඳහන් කළේය. 02 April 2017
අල්ලස් කොමිසමට පොලිසියේ 13 ක් අලුතෙන් එක්වෙති අල්ලස් කොමිසමේ විමර්ශන කටයුතු තවදුරටත් පුළුල් කිරීම සඳහා පොලිස් නිලධාරීන් 13 දෙනකු ඊට අනුයුක්ත කළ බව පොලිස් මූලස්ථානය කියයි. 02 April 2017
බී.ටී.අයි. බැක්ටීරියාවෙන් ඩෙංගු මර්දනයට වැඩක් ගන්නේ නෑ 1979 වසරේ දී පළමු ඩෙංගු රෝගියා වාර්තා වූ දා සිට වසර තුනක් වැනි කෙටි කාලයක දී (1982) කියුබාව ඩෙංගු මර්දනය 99%කින් සාර්ථක කර ගත්තද වසංගත තත්ත්වයෙන් පැතිරී යන ඩෙංගු මර්දනය කිරීමට මෙරට කිසිදු වැඩපිළිවෙලක් නැතැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පවසයි. 02 April 2017
විවියන් ද සිල්වා බොරලැස්ස සමුගනී ජනප්‍රිය ගායන ශිල්පිනී විවියන් ද සිල්වා බොරලැස්ස මහත්මිය අද උදේ අභාවප්‍රාප්ත වූවාය. මිය යන විට ඇය 86 වැනි වියෙහි පසුවූවාය. ඇය ගායිකාවක ලෙස ක්ෂේත්රයට පිවිසයේ අට වැනි වියෙහි පසු වෙද්දීය. 02 April 2017
ආණ්ඩුව කරන්නේ කියපු දේ නොවෙයි - බැසිල් සියලුම ජන කොටස්වල අයිතීන් ආරක්ෂා කරන බව කියමින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව දැන් වැඩ කරන්නේ ප්රජාතන්ත්රවාදය වල පල්ලට යවමින් බව ආර්ථික සංවර්ධන හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. 02 April 2017
මහාධිකරණ විනිසුරු ඉවත් කරන්නැයි විනිසුරුවරු ඉල්ලති පෞද්ගලිකව නීතීඥ වෘත්තීයේ යෙදුණු රාමනාදනන් කන්නන් මහතා මහාධිකරණ විනිසුරු ධුරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හා අධිකරණ සේවා කොමිසමට බලකිරීම ඇතුළු යෝජනා පහක් අධිකරණ සේවා සංගමය (විනිසුරුවරුන්ගේ සංගමය) විසින් සම්මත කරගනු ලැබ ඇත. 02 April 2017
රුපියල් කෝටි 15 කුඩු අල්ලයි ඉන්දියාවේ සිට මෙරටට රැුගෙනඑමින් තිබූ රුපියල් කෝටි 15 අධික වටිනාකමින් යුත් හෙරෝයින් කිලෝ 13.5 සමඟ ඉන්දීය ධීවරයින් හයදෙනකු පේදුරුතුඩුව මුහුදු තීරයේදී අත්අඩංගුවටගත් බව නාවික හමුදාව පවසති. 02 April 2017
ළමා ශ්‍රමිකයන් නිදහස ආසන්නයේ ශ්‍රී ලංකාව මේ වන විට ළමා ශ්‍රමය තුරන් කළ රටක් බවට පත් වෙමින් සිටිතැයි කම්කරු හා වෘත්තිය සබ`දතා අමාත්‍ය ඩබ්ලිව් ඞී ජේ සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේය. 02 April 2017
ආර්ථිකයේ ගින්න විනාඩි 20කින් නිවා දමති නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ සතොස තොග ගබඩාවේ අද දහවල් ඇතිවූ ගින්න විනාඩි 20කින් නිවා දැමූ බව කොළඹ ගිනි නිවීමේ අංශයේ මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති ආර්.ජී. විජේසූරිය මහතා පවසයි. 02 April 2017
මෝටර් රථය මගියා බේරාගන්න ගිහින් පොල්ගහට ගිහින් අම්බලන්ගොඩ ගොඩගමදී මෝටර් රථයක් අද(1)උදෑසන පාරෙන් ඉවතට පැන පාර අයිනේ තිබූ පොල් ගසකට වැදීම නිසා රියැදුරු තුවාල ලබා රෝහල් ගත කළ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි... 01 January 2026