වැලිසර නාවික රෝහලේ හිටපු අධ්යක්ෂ රිමාන්ඩ් කොටහේන ප්‍රදේශයේ දී පුද්ගලයන් දෙදෙනෙකුට පැහැරගෙන ගොස් අතුරුදන් කළ බව කියන වැලිසර නාවික හමුදා රෝහලේ හිටපු අධ්යක්ෂ ලුතිනන් කමාන්ඩර් අනිල් ධම්මික අප්‍රේල් 18 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොළඹ අතිරේක වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රසාද් සිල්වා මහතා අද (6) නියෝග කළේය. 06 April 2017
පුගොඩ රට බීමහලක් කොල්ලකා ලක්ෂ 2ක් අරන් පනී පුගොඩ කුරුස කණුව හන්දියේ පිහිටි රටබීම අලෙවි හලකට බදාදා (5) රාත්‍රියේ රිවෝල්වරයක් අතැතිව මුහුණු ආවරණය කරගත් හතර දෙනෙකු එහි සේවකයින් බියගන්වා ලාච්චුවක තිබු රුපියල් 210,000ක මුදලක් කොල්ලකාගෙන ගොස් ඇතැයි පුගොඩ පොලිසිය කියයි. 06 April 2017
කටාර් රාජ්‍යයේ තහනම වැරදියි - සෞඛ්‍ය ලේකම් සංචාරකයන්ට වාරණයක් දැමීමට තරම් ඒ (එච්1එන්1 ) රෝගය බරපතල ලෙස වර්ධනය වී නැතැයි සෞඛ්‍ය අමාත්‍යංශය කියයි. 2005 ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජනය කරන කිසිදු රටකට තවත් සාමාජික රටකට එවැනි තහනමක් පැනැවීමට නොහැකි යැයි ද සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් පෙන්වා දෙයි. 05 April 2017
ජනාධිපති බලතල තවදුරටත් ඕනෑ යයි මහ නාහිමිවරු ජනපතිට ලියති උතුරු නැගෙනහිරට දේශපාලන විසඳුමක් සෙවීමට නම් ජනාධිපති බලතල තවදුරටත් ආරක්ෂා විය යුතු යැයි සියම් නිකායේ මල්වතු අස්ගිරි දෙපාර්ශ්වය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අද ලිඛිතව දන්වා තිබේ. 05 April 2017
මන්නාරම රක්ෂිත ගැසට් කර ඇත්තේ යුද්ධයෙන් පසුව පසුගිය කාලයේ වැඩි කතාබහකට ලක්වූ විල්පත්තුව උතුරේ මන්නාරම දිස්ත්‍රික්කයට අයත් වන රක්ෂිත 11න් වැඩි ප්‍රමාණයක් වන රක්ෂිත ලෙස ගැසට් කර ඇත්තේ යුද්ධයෙන් පසු බව අනාවරණය වේ. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලබා ගත් නිල වාර්තා අනුව ඒ බව අනාවරණය වී තිබේ. 05 April 2017
මේ වසරේ ඩෙංගු මරණ තුන් ගුණයකින් ඉහළයයි මේ වසරේ පළමු මාස තුන ඇතුළත ඩෙංගු මරණ වාර්තාවීම ගිය වසරට සාපේක්ෂව තුන් ගුණයකින් ද, ඩෙංගු රෝගීන් ප්‍රමාණය දෙගුණයකින් ද වැඩිවී ඇතැයි ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රිලා සමරවීර මහත්මිය පැවසුවාය. 05 April 2017
මාගම්පුර වරාය හවුල් ව්‍යාපාරයක් කරනවා - අගමැති හම්බන්තොට මාගම්පුර වරාය හවුල් ව්‍යාපාරයක් බවට පත්කර සංවර්ධනය කිරීම හැර එය චීන සමාගමකට විකිණීමට කටයුතු නොකරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (5) පාර්ලිමේන්තුවේදී පැවසීය. 05 April 2017
බැංකු කාඩ්පත සොරකම් කළ කත අත්අඩංගුවට වෙනත් අයෙකුට අයත් බැංකු කාඩ් පතක් සොරකම් කොට රුපියල් 4,39000ක් අවස්ථා පහලොවකදි (ඒටිඑම්) හරහා බැංකු ශාඛා පහකදි ලබාගත් කාන්තාවක් (54) මීගමුව පොලීසියේ අපරාධ අංශය විසින් අද(5) අත්අඩංගුවට ගනු ලැබීය. 05 April 2017
ඉන්දීය ධිවර යාත්‍රා නිදහස් කිරීම උතුරේ ධීවරයන්ගේ කැමැත්ත අනුව ශ්‍රී ලංකා නාවික හමුදා අත්අඩංගුවේ තිබෙන ඉන්දීය ධීවර යාත්‍රා සම්බන්ධයෙන් උතුරේ ධීවරයන්ගේ අදහසට පිටින් කිසිවක් නොකරන බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 05 April 2017
නාඩු හාල් කිලෝ 17,000ක් රාජසන්තක කරයි පාරිභෝගිකයන්ට නොවිකුණා සඟවා තබාගත් නාඩු සහල් කිලෝ 17,150ක් රාජසන්තක කරන ලෙස නියෝග කළ මලිගාකන්ද අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා එම සහල් තොගය සඟවාගෙන සිටි වෙළෙද ආයතනයට රුපියල් 12,000ක දඩ නියම කළේය. 05 April 2017
මාලබේ තිබුණ අස්ථි කොටස් තාජුඩීන්ගේ නොවන බව තහවුරු වෙයි මාලබේ සයිටම් ආයතනයේ තිබී රහස් පොලිසිය භාරයට ගෙන ඞී එන් ඒ පරීක්ෂණය සදහා යොමුකළ, ඝාතනයට ලක්වූ බව කියන රගර් කී‍්‍රඩක මොහොමඞ් වසීම් තාජුඞීන්ට අයත් යැයි සැක කෙරෙන අස්ථි කොටස් සහ කලවා කොටස් අතර තාජූඩීන්ගේ අස්ථි කොටස් අඩංගු නොවන බවට තහවුරු වී ඇතැයි රහස් පොලිසීය අද(05) අධිකරණයට දැනුම් දුන්නේය. 05 April 2017
ෆවුසිට එරෙහි චෝදනා සම්බන්ධ ප්රතිවිරෝධතා නියෝගය මැයි 3 දා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට ලද රුපියල් එක්කෝටි අනූපන් ලක්ෂයකට අධික වටිනාකමකින් යුතු ජිප් රථයක් නිතී විරෝධී ලෙසින් භාවිතා කර රජයට පාඩු කළැයි අල්ලස් චෝදනා ලැබ සිටින රාජ්‍ය අමාත්‍ය ඒ එච් එම් ෆවුසි මහතා සම්බන්ධ නඩුවේ චෝදනා සම්බන්ධ ප්රතිවිරෝධතා නියෝගය ලබන මැයි 3 වැනිදා නිකුත් කරනු ලබන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් බණ්ඩාර මහතා අද (05) තීරණය කළේය. 05 April 2017
තොරතුරු පනත සමග ගැටෙන පනත් 110ක් තොරතුරු දැන ගැනීමේ පනත හා ගැටෙන පනත් 110ක් හඳුනාගෙන ඇතැයි රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් රංග කලංසූරිය මහතා පැවසීය. 05 April 2017
උතුරේ ධීවරයෝ අමරවීරම ඉල්ලති ඉදිරියේදී කෙරෙන අමාත්‍ය මණ්ඩල සංශෝධනයකදී අමාත්‍ය මහින්ද අමරවීර මහතා තවදුරටත් ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා වශයෙන් තබාගැනීමට උතුරේ ධීවරයන් සෑම සහයෝගයක්ම දෙන බව උතුරේ ධීවර නියෝජිතයෝ අද (05) ප්‍රකාශ කළහ. 05 April 2017
ඉන්ෆ්ලුවෙන්සා වෛරසය මැඩපවත්වන ඖෂධය හිඟයක් රට පුරා මේ දිනවල පැතිර යන ඒඑච්වන්ඒවන් ඉන්ෆුලවන්සා වෛරසය ආසාදිත රෝගීන්ට දෙන ටැමිෆ්ලු ඖෂධයේ දැඩි හිඟයක් ඇතැයි රෝහල් ආරංචි පවසයි. 05 April 2017
පොලොන්නරුවේ වකුගඩු මාරයාට මසකට 100 ක් බිලි පොළොන්නරුවේ වකුගඩු රෝගින් සංඛ්‍යාව 5578ක් වී ඇති බවත් පසුගිය දෙසැම්බර් 31 වන විට වකුගඩු රෝගින්ගේ සංඛ්‍යාව 5377 ක් වූ බවත් ඉන් පෙනි යන්නේ මසකට සිය දෙනෙකු ඊට ගොදුරුවන බවත් යැයි පොළොන්නරුව මහ රෝහලේ වකුගඩු රෝග නිවාරණ අංශයේ වෛද්‍ය මලින් මෙත්තසුරිය මහතා පවසයි. 05 April 2017
සමෘද්ධි සහනාධාරය කැපුණු පවුලක් බැංකුවේ වහලය මත නැගී උපවාසයක ජනාධිපතිවරයාගේ නියමය පරිදි කළ පරීක්ෂණයකින් සමෘද්ධි සහනාධාරය දීම සුදුසු බවට නිර්දේශ වුවද එය නොදුන්නැයි විරෝධය පළකරමින් තරුණ පවුලක් අද (05) වලව සමෘද්ධි බැංකු ගොඩනැගිල්ලක වහලය මත නැගී උපවාසයක් ඇරඹීය. 05 April 2017
රාජ්‍ය සේවයේ පුරප්පාඩුවලට උපාධිධාරීන් රාජ්‍ය සේවයේ දැනට පවතින පුරප්පාඩු සඳහා කඩිනමින් උපාධිධාරීන් බඳවා ගැනීමට රජය කටයුතු කරගෙන යන බව ශ්‍රී ලංකා නිදහස් උපාධිධාරී සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 05 April 2017
ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන ලෙස කටාර් ජාතිකයන්ට අවවාද ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වැළකී සිටින්නැයි එරට විදේශ කටයුතු අමාත්‍යාංශය කටාර් ජාතිකයින්ට සංචාරක උපදේශනයක් නිකුත් කර ඇත. 05 April 2017
ගෝනාවලදී බසයක් ප්‍රපාතයකට පෙරළී 53 ක් තුවාල ලබති නාවලපිටියේ සිට දොළොස්බාගය දක්වා ධාවනය වු ලංගම බස් රථයක් ගෝනාවල පතන ප්‍රදේශයේදි අඩි තුන්සියක ප්‍රපාතයකට පෙරළී තුවාල ලැබූ 53 දෙනකු නාවලපිටිය මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි එම රෝහලේ අධ්යක්ෂික වෛද්‍ය නිහාල් විරසුරිය මහතා පවසයි. 05 April 2017
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි එස්. පියසේන දිවියෙන් සමුගනී ප්‍රවීණ හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඇස්.පියසේන මහතා අද (5) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය. 05 April 2017
අධිකරණයේදී පොලිස් පරීක්ෂකට තර්ජනය කළ විත්තිකරු බන්ධනාරයට මිනීමැරුම් නඩුවක සාක්ෂි දුන් පොලිස් පරීක්ෂකවරයකුට අධිකරණය තුළදී තර්ජනය කළැයි එම නඩුවේ ප්‍රධාන විත්තිකරු නඩු විභාගය අවසන්වන තුරු බන්ධනාගාර ගත කිරීමට මහනුවර මහාධිකරණ විනිසුරු රෝහණ අනුරකුමාර සේනාරත්න මහතා නියෝග කළේය. 05 April 2017
අවදානම් පවුල් යළි පදිංචියට කැබිනට් අනුමැතිය කෑගල්ල දිස්ත්‍රික්කයේ නාය යෑමේ අධි අවදානමට ලක්වී ඇති නිවාසවල පවුල් වෙනත් ස්ථානවල පදිංචි කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. 05 April 2017
ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසක් ඉන්දියාවෙන් අත්අඩංගුවට ගනී ජාත්‍යන්තර මුහුදේ මසුන් මරා නැවතත් මෙරටට ගමන් කරමින් තිබූ බහු දින යාත්‍රාවක් හා එහි සිටි ධීවරයින් 07 දෙනෙකු සමග ඉන්දීය වෙරළ ආරක්ෂකයින් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ධීවර අමාත්‍යංශය පවසයි. 05 April 2017
සබරගමුවේ අලුතින් ඉදිකෙරෙන රජයේ ගොඩනැගිලිවලින් වැහි පීලි ඉවතට රත්නපුර දිස්ත්‍රික්කය පුරා පැතිර යන ඩෙංගු රෝගය වැළැක්වීමට සබරගමු පළාතේ අලූතින් ඉදිකෙරෙන සියලූම රජයේ ගොඩනැගිලිවලට වැහි පීලී භාවිතා නොකිරීමට සබරගමු පළාත් සභාව තීරණය කරයි. 05 April 2017
දවුල්දෙණ නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය හෙට 3.30 ට සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා මෙන්ම මෙරට සාහිත්‍යයේ පෝෂණය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් ඉටු කළ මහ තෙර නමක වූ අපවත් වී වදාළ දවුල්දෙණ ශ්‍රී ඤාණිස්සර අමරපුර මහා සංඝ සභාවේ මහ නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරස්රයේදී හෙට (6) පස්වරු 3.30ට පැවැත්වීමට නියමිතය. 05 April 2017
ව්‍යාජ රන් මිණි විකුණා ලක්ෂ ගණනින් වංචා කළ දෙදෙනෙක් අත්අඩංගුවට නිධානයකින් ගත් රන් කැබලි හා මැණික් බව කියමින් ව්‍යාජ රන් හා ව්‍යාජ මැණික් ගල් විකුණා රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කළ බව කියන පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාශ වැටලීම් ඒකකය පවසයි . 05 April 2017
පළමු ශ්‍රේණියේ සිටිය යුතු සබරගමුවේ ළමුන් 15ක් 20ක් තවම ගෙදර සබරගමු පළාතේ පළමු වැනි ශ්‍රේණියේ ඉගෙන ගතයුතු ළමයින් 1000 කොහොම වෙතත් පහළොවක් විස්සක් පමණවත් තවම පාසලක් අහිමිව සිටින බව පිළිගැනීමට සිදුව ඇතැයි සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍ය ප්‍රභාත් භාණු මුණිප්රිය මහතා පවසයි. 05 April 2017
කන්ටේනරයක් පෙරළී කැළණියේදී නුවර පාර අවහිර වෙයි කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ පෑලියගොඩ - තොරණ හන්දිය - වෙදමුල්ල සංඥා පුවරුව අසල දී කන්ටේනර් රථයක් පෙරළී ඇති බව පොලිසිය පවසයි. 05 April 2017
ශ්‍රී ලංකාවට කඩුලු 6 ක ජයක් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (4 වැනිදා) පැවැත්වෙන පළමු වැනි විස්සයි-20 තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 155 ක් ලබාගත්තේය. 04 April 2017
මෝටර් රථය මගියා බේරාගන්න ගිහින් පොල්ගහට ගිහින් අම්බලන්ගොඩ ගොඩගමදී මෝටර් රථයක් අද(1)උදෑසන පාරෙන් ඉවතට පැන පාර අයිනේ තිබූ පොල් ගසකට වැදීම නිසා රියැදුරු තුවාල ලබා රෝහල් ගත කළ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි... 01 January 2026