සැකකරුවන් හඳුනාගැනීමට රිවිර හිටපු කර්තෘ අධිකරණයට එයි රිවිර පුවත් පතේ හිටපු ප්‍රධාන කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට පහර දීම සම්බන්ධයෙන් අද (07) දහවල් හඳුනාගැනීමේ පෙරට්ටුවක් පැවැත්වීම සඳහා ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී ඒ රුවන් පතිරණ මහතා විසින් වැඩ බලන මහේස්ත්‍රාත් පද්මා අමරතුංග මහත්මිය පත් කරන ලදි. 07 April 2017
ජාතික රෝහලේ බාහිර රෝගී අංශයට නව ගොඩනැගිල්ලක් මහජන චීන ජනරජයේ ප්‍රදානයක් යටතේ ජාතික රෝහලේ බාහිර රෝගී අංශය සදහා නව ගොඩනැගිල්ලකට මුල් ගල් තැබීමේ උත්සවය අද (7) කොළඹ ජාතික රෝහලේ අබියසදී පැවැත්විණි. 07 April 2017
රතුපස්වල සෙසු සැකකරුවන් අල්ලන්න නියෝග පිරිසිදු පානීය ජලය ඉල්ලූ ගම්පහ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වැලිවේරියේදී පහරදී වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සෙසු සැකකරුවන් අත්අඩංගුට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නයි ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී ඒ රුවන් පතිරණ මහතා රහස් පොලිසියට අද (07) නියෝග කළේය. 07 April 2017
අවුරුද්දට පෙර වන්දි නොගෙව්වොත් කෘෂිකර්ම අමාත්‍යංශය වටකරන්න ගොවීහු සැරසෙති ගොවීන්ට ලබාදීමට තීරණය කර ඇති වන්දි මුදල් මේ මස 11 වැනිදාට පෙර නොදුනහොත් 12 වැනි දා රටපුරා සිටින ගොවි ජනතාව හට්ටි මුට්ටි සමග කෘෂිකර්ම අමාත්‍යංශය වට කරන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසයි. 07 April 2017
ගිලන් රියෙන් අධිකරණයට ආ විමල්ට ඇප රජයේ වාහන අවභාවිතා කළැයි චෝදනා ලැබ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් විරවංස මහතාට ඇප දීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය. රුපියල් පනස්දහස බැගින් මුදල් ඇපයක් ද ලක්ෂ පහ බැගින් ශරිර ඇප දෙකක් මත ඔහු මුදා හැරිණි. 07 April 2017
ඇමෙරිකාව සිරියාවේ ගුවන් හමුදා කඳවුරකට පහර දෙයි සිරියාවට එල්ල වූ රසායනික අවි ප්‍රහාරයට පෙරළා පහරදීමක් වශයෙන් ඇමෙරිකාව සිරියානු රජයේ කඳවුරු ඉලක්ක කරමින් ගුවනින් පහර දී තිබේ. 07 April 2017
අාහාර විසවීමෙන් තිදෙනෙක් මරුට අම්පාර, වානගමුව මුස්ලිම් ජුම්මා පල්ලියේ පෙරේදා (5) දහවල් පැවැති දානයක කෑම අපත්‍යවීමෙන් රෝහල් ගතකළ පිරිස අතුරින් තිදෙනකු මියගොස් තිබේ. මියගිය තිදෙනා අම්පාර (2) සහ සමන්තුරේ (1) රෝහල් වල ප්‍රතිකාර ලැබූහ. 07 April 2017
ණය නොගෙවීමේ ප්‍රමාද ගාස්තු මිලියන 88 ක් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමටම ආපසු ගෙවයි පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම එක්දින ණය සේවාව යටතේ ලබාගත් රුපියල් බිලියන 11ක මුදල නියමිත දිනයේ ආපසු නොගෙවීම නිසා එම සමාගමෙන් අයකරගත් රුපියල් මිලියන 88 ක මුදල මහා බැංකුවේ නිලධාරීන්ගේ අනුමැතිය යටතේ කටයුතු කිරීම නිසා ආපසු පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට ගෙවීමට සිදු වු බව ශ්‍රී ලංකා මහා බැංකුවේ තොරතුරු තාක්ෂණය පිළිබඳ අතිරේක අධ්‍යක්ෂක වසන්ත කුමාර අල්විස් මහතා බැදුම්කර කොමිසම හමවේ හෙළි කළේය. 06 April 2017
බංග්ලාදේශයට ලකුණු 45 ක ජයක් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද පැවැති දෙවැනි සහ අවසන් විස්සයි-20 තරගයේදී ලකුණු 45 ක පහසු ජයක් ලබාගැනීමට බංග්ලාදේශය සමත් විය. මෙම ජයත් සමගින් විස්සයි-20 තරගාවලියද 1-1 ක් ලෙසින් සමකිරීමට සංචාරකයෝ සමත් වූහ. ලකුණු 34 කට කඩුලු 3 ක් ලබාගත් ලසිත් මාලිංග විස්සයි-20 අන්තර්ජාතික තරග වලදී කඩුලු ත්‍රිත්වයක් ලබාගත් ලොව පස්වැනි ක්‍රීඩකයා මෙන්ම දෙවැනි ශ්‍රී ලාංකිකයාද විය. 06 April 2017
දුරකතනය ක්‍රියා විරහිත කරන්න‘යි අර්ජුන් මහේන්ද්‍රන්ට අවවාද භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත් කර ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාට අවසර ලබා දී ඇත්තේ ජංගම දුරකථනය ක්‍රියාත්මක කරමින් සිටීමට නොවන බව කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්රසිරි මහතා දැනුම් දුන්නේය. 06 April 2017
මරණ දඬුවම අහෝසි කරන්න අලුත් ව්‍යවස්ථාවට යෝජනාවක් කිසිම තැනැත්කු මරණීය දණ්ඩයට භාජනය නොකළ යුතු යැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලිකි අයිතිවාසිකම් හා නිදහස පරිච්ඡේදයට ඇතුළත් කළ යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ මූලික අයිතිවාසිකම් පිළිබඳ අනු කාරක සභාව සිය වාර්තාවෙන් යෝජනා කර තිබේ. 06 April 2017
කුරාම් ෂෙයික් ඝාතන නඩුවේ අභියාචනා දෙකක් සලකා බැලීම සැප්තැම්බර් 15 තංගල්ල ‘ද නේචර් ‘ හෝටලයේදී බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් නැමැත්තා මරා දමා ඔහුගේ පෙම්වතිය දූෂණය කරන ලදැයි චෝදනාවට කොළඹ මහාධිකරණය මඟින් තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් විදානපතිරණ ඇතුළු චූදිතයින් සිව් දෙනෙකුට නියම කර ඇති වසර 20ක සිර දඬුවමට එරෙහිව විත්තිකරුවන් විසින් ගොනු කළ අභියාචාන පෙත්සම් සලකා බැලීම ලබන සැප්තැම්බර් 15 වැනිදා තෙක් කල් දැමීමට අභියාචනාධිකරණය ඊයේ (06) තීන්දු කළේය. 06 April 2017
චීන කොමියුනිට්ස් පක්ෂ නායකයා දිවයිනට චීන කොමියුනිට්ස් පක්ෂයේ සභාපති යූ ෂෙන් ෂාන් මහතා කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයෙන් අද (06) සවස දිවයිනට පැමිණියේය. 06 April 2017
පාර්ලිමේන්තු රැස්වීම්වලට එන මන්ත්‍රීවරුන්ගේ නම් අන්තර්ජාලයට ලබන මැයි මස පළමු වැනි දා සිට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී වන සියලුම මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනයක් අන්තර්ජාලයට යොමු කිරීමට පියවර ගන්නා බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේතුවේදී අද (06) පැවසීය. අද පැවැති පාර්ලිමේන්තු රැස්වීමේදී ඒ බව කියා සිටි කතානායකවරයා ඊට මන්ත්‍රීවරුන්ගේ කැමැත්තද විමසා සිටි අතර ඊට සියලු මන්ත්‍රීවරුන්ගේ එකඟතාවය හිමිවිය. 06 April 2017
නායකයන්ගේ මනස තවමත් හිටපු තනතුරුවලමයි - ඩිලාන් පෙරේරා ‘ජනාධිපතිතුමා දන්නේ නැහැ එතුමා ජනාධිපති බව. රනිල් මහත්තයා දන්නේ නැහැ එතුමා අගමැති බව, හිතාගෙන ඉන්නේ විපක්ෂ නායක කියලයි. මහින්ද මහත්තයා හිතාගෙන ඉන්නේ එතුමා ජනාධිපති කියලයි. චන්ද්‍රිකා නෝනත් එහෙමයි. හිතාගෙන ඉන්නේ එයා ජනාධිපති කියලයි‘ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කළේය. 06 April 2017
පන්නිපිටියේ බෝගස කැපීමට අතුරු තහනම් නියෝගයක් පන්නිපිටිය නගර මධ්‍යයේ පිහිටි බෝ ගස කපා ඉවත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාට එරෙහිව අද (6) අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලදී. මෙම අතුරු තහනම් නියෝගය මැයි 9 වැනිදා තෙක් බල පැවැත්වේ. 06 April 2017
මහ බැංකුවේ අභ්‍යන්තර මෙහෙයුම් අධ්යක්ෂකත් ජනපති කොමිසම හමුවට කැඳවයි වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත් කොට ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සාක්කි දීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අභ්‍යන්තර මෙහෙයුම් අධ්‍යක්ෂක ඒ.එම්.රුද්‍රිගු මහතා හෙට (7) කොමිසම හමුවට කැඳවනු ලැබ සිටී. 06 April 2017
රාජ්‍ය අංශයේ ප්‍රසූත නිවාඩු පෞද්ගලික අංශයටත් දෙන්න සැලසුම් රාජ්‍ය අංශය වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන ප්‍රසූත නිවාඩු ක්‍රමය පෞද්ගලික අංශය වෙනුවෙන් ද ක්‍රියාත්මක කිරිම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව කම්කරු සහ වෘත්තිය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කරයි. 06 April 2017
තෙන්ඩුල්කාර් ගායන ලොවට පිවිසෙයි ඉන්දීය ක්‍රිකට් පිලේ හිටපු ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර්(43) ඔහුගේ පළමු ගීතය වන ‘ක්‍රිකට් රිද්මය‘ ගීතය ඉන්දියාවේ ‘ඇමෙරිකන් අයිඩල්‘ වැඩසටහනේ අවසන් මහා තරඟයේදී එළි දක්වා ඇත. එම ගීතය බොලිවුඩ් ගායක සෝනු නිගම් සමග ගායනා කර ඇති අතර ඔහු ටෙන්ඩුල්කාර්ගේ ගීත ගැයීම අගය කර ඇත. 06 April 2017
අම්පාරේ ආහාර අජීර්ණයකින් 500 ක් ලෙඩවෙති අම්පාර, වානගමුව මුස්ලිම් ජුම්මා පල්ලියේ ඊයේ (5) දහවල් පැවැති දානයක කෑම අජීර්ණයක් වීමෙන් 500කට අධික පිරිසක් රෝහල්ගත කරනු ලැබ සිටිති. 06 April 2017
96 ජයග්‍රහණයේ 25 වැනි සැමරුමට දැවැන්ත ගොඩනැඟිල්ලක් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ක්‍රිකට් ජයග්‍රහණය වන 1996 ලෝක කුසලාන ජයග්‍රහණය සංඛේතවත් කිරීම සඳහා ‘96 ලෙජන්ඞ්ස් ස්ක්වෙයාර්’ නමින් සුපිරි ගොඩනැගිල්ලක් ඉදිරි කිරීමට සැළසුම්කර තිබේ. ලෝක කුසලාන ජයග්‍රහණයේ 25 වැනි සංවත්සරය 2021 වසරේ පැවැත්වෙන අතර ඒ වෙනුවෙන් ඉදිරි වසර හතර තුළ මෙම ගොඩනැගිල්ල ඉදිරිකර අවසන් කිරීමට නියමිතය. 06 April 2017
ශ්‍රාස්ත්‍රවේදී උපාධි පරීක්ෂණය දින නියමයක් නැතිව කල්දමයි දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රය මගින් අද (6) දිවයින පුරා මධ්‍යස්ථාන 13කදී පැවැත්වීමට නියමිතව තිබූ ශාස්ත්‍රවේදී උපාධි පරීක්ෂණය දින නියමයකින් තොරව කල් දමා තිබේ. 06 April 2017
රට කළඹන්න හැදූ දෙදෙනෙක් අම්බලන්තොටදී අත්අඩංගුවට අම්බලන්තොට නගරයේ ජාතිවාදී හැඟීම් ඇති කරවන පෝස්ටර් අලවමින් සිටි බව කියන මහසෝන් බලකායේ යැයි කියාගන්නා දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව අම්බලන්තොට පොලිසිය කියයි. 06 April 2017
කාන්තාවගේ මාලය කැඩු කොස්තාපල් රිමාන්ඩ් කුරුඳුවත්ත පොලිසියේ කොස්තාපල්වරයකු කුරුඳුවත්තේ දී කාන්තාවකගේ රන් මාලයක් කඩා පොලිසියටම පැමිණ ඇති බවත් කාන්තාවගේ පැමිණිල්ල මත ඔහු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි. 06 April 2017
නාමල් පෙරේරාට පහර දුන් 6 දෙනා 12 දා දක්වා රිමාන්ඩ් ජුනි 30 වැනි දා නාරහේන්පිට දී මාධ්‍යවේදී නාමල් ධමයන්ත පෙරේරාට පහර දීම සම්බන්ධයෙන් හමුදා මේජර් ඇතුළු බුද්ධි අංශ නිලධාරීන් 6 දෙනා අප්‍රේල් 12 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොළඹ අතිරේක වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රසාද් සිල්වා මහතා නියෝග කළේය. 06 April 2017
ෆුල් ෆේස් හෙල්මට් තහනම ගැන කතා කරන්න ජනපති නියෝජිතයා හමුවීම අද ෆුල්ෆේස් හෙල්මට් තහනම් නොකරන ලෙස ඉල්ලමින් පසුගිය මාර්තු 5 වැනිදා සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය පැවැත්වු උද්ඝෝෂණයේ දී ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් සඳහා අවස්ථාව දෙන්නැයි කළ ඉල්ලීමට ප්‍රතිචාර ලැබී ඇතැයි එම සංගමයේ ලේකම් චිරන්ත අමරසිංහ මහතා පවසයි. 06 April 2017
වෛද්‍ය වර්ජනය අත්හිටුවන ලෙස හෘද රෝගියකුගෙන් අධිකරණයට පෙත්සමක් හෙට (07) පැවැත්වීමට නියමිත රජයේ වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනය තහනම් කරමින් වාරණ නියෝගයක් දෙන්නැයි ඉල්ලමින් හෘද රෝගියකු අද (06) කොළඹ දිසා අධිකරණයට පෙත්සමක් ගොනු කළේය. 06 April 2017
බාධා කිරීම් හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩි 55 කට සීමාවෙයි කල් තැබීමේ යෝජනාවක් ලෙස ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තිබූ ජිනීවා යෝජනාව සම්බන්ධයෙන් විවාදයක් මතුවීම හේතුවෙන් පාර්ලිමේන්තුව අද (6) විනාඩි 55කට සීමාවිය. 06 April 2017
වත්කම් හෙළි නොකළාට දුමින්දට දඩය රු 3000 යි 2011 – 2013 වසරවල වත්කම් බැරකම් හෙළි නොකළැයි චෝදනාවට වරද පිළිගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට රුපියල් තුන්දහසක දඩ මුදලක් නියම කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය අද (6) නියෝග කළාය. 06 April 2017
සෞදි අරාබියේ පොදු සමා කාලය තුළ නැගෙනහිර පළාතේ ජංගම සේවා සෞදි අරාබි රජය විසින් ලබාදී ඇති දින 90ක පොදු සමාකාලය වෙනුවෙන් එරට නැගෙනහිර පළාතේ වෙසෙන අනවසර ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් විශේෂ ජංගම සේවා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව රියාද් තානාපති කාර්යාලය පවසයි. 06 April 2017
මෝටර් රථය මගියා බේරාගන්න ගිහින් පොල්ගහට ගිහින් අම්බලන්ගොඩ ගොඩගමදී මෝටර් රථයක් අද(1)උදෑසන පාරෙන් ඉවතට පැන පාර අයිනේ තිබූ පොල් ගසකට වැදීම නිසා රියැදුරු තුවාල ලබා රෝහල් ගත කළ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි... 01 January 2026