මහනුවර මැයි රැළියට පොලිතින්, අරක්කු නෑ - මහින්ද අමරවිර පොලිතින්,ප්ලාස්ටික් හා අරක්කු අනුග්‍රහය නැති මැයි රැළියක් මෙවර මහනුවරදී පවත්වන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධිවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවිර මහතා පවසයි. 10 April 2017
රිදීගම සෆාරි උද්‍යානය අලුත් අවුරුදු දිනවලත් විවෘතයි අම්බලන්තොට රිදීගම සෆාරි උද්‍යානය අලුත් අවුරුදු දිනවල ද සංචාරකයන් වෙනුවෙන් සියලු පහසුකම් සහිතව විවෘතව පවතින බව එහි අධ්‍යක්ෂක කසුන් හේමන්ත අමරසිංහ මහතා පවසයි. 10 April 2017
තැපැල් සීමා පුළුල් කරන්න සබරගමුවෙන් යෝජනාවක් රජයේ තැපැල් කාර්යාලවල ලිපි බෙදීමේ සීමාවන් වසර විස්සකට වැඩිකාලයක් තිස්සේ පුළුල් නොවීමෙන් අලූතින් බිහිවූ ගම්මාන වලට ලිපි නොබෙදෙන නිසා එම ලිපි බෙදීමේ සීමාවන් පුළුල් කරන ලෙස මධ්‍යම රජයේ තැපැල් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලමින් සබරගමු පළාත් සභාව යෝජනාවක් ඒකමතිකව සම්මත කළේය. 10 April 2017
පොලිස් අණ නොතකා ගිය ත්‍රිරෝද රියට වෙඩි තබා සිව් දෙනෙක් අත්අඩංගුවට පොලිස් මාර්ග බාධකයකදී අණ නොතකා ධාවනය කළ බව කියන ති‍්‍රරෝද රථයක් ලූහුබැද එයට වෙඩි තබා එහි සිටි තරුණයන් සිව් දෙනෙකු අද (10) අලූයම අත්අඩංගුවට ගත් බව පල්ලෙවෙල පොලිසිය කියයි. 10 April 2017
බෝයගනේ අනතුරින් තුනක් මරුට කොළඹ-කුරුණෑගල- බෝයගනේ ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් ටිපර් රථයක ගැටීමෙන් සිදු වු අනතුරකින් එකම පවුලේ පියා දියණිය සහ තවත් කාන්තාවක් මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි. 10 April 2017
ලාදුරු රෝගය නැවතත් හිස ඔසවන ලකුණු ලාදුරු රෝගය මෙරට තුළ නැවතත් හිස ඔසවන බව අන්තර් ආගමික සාමපදනමේ සභාපති ඩබ්ලිව් තිලකරත්න පියතුමා පවසයි. ලංකාවේ ලාදුරු රෝගය සම්පුර්ණයෙන්ම මර්ධනය කර ඇති බව ලෝක සොඛ්‍ය සංවිධානය 1983 දී ප්‍රකාශ කර ඇතත් මේ වන විට ලංකාවේ ලාදුරු රෝගීන් 2000 ට අසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති තිලකරත්න පියතුමා කියයි. 10 April 2017
ඉන්දු - ලංකා මුහුදු සීමාවේ මුර සංචාර වැඩි කරන්න ඉන්දියාවෙන් ඉල්ලීමක් තමිල්නාඩු ධීවරයන් මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කිරීම වැළැක්වීමට ඉන්දු - ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මුර සංචාර වැඩි කරන ලෙස ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් ඉල්ලීමක් කර ඇතැයි ඉන්දියාවේ ‘‘ ද හින්දු ‘‘ පුවත්පත වාර්තා කරයි. 10 April 2017
අර්ජුන් මහේන්ද්‍රන්ට දෙවියන් සිහිවෙයි යාපනේ සිටි මහ බැංකුවේ අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාට තමන් දුරකථනයෙන් කතා කරමින් පර්පචුවල් ටේරෂරීස් සමාගම එක්දින ද්‍රවශිලතා ණය සහ ප්‍රති ගැණුම් ණය (IPL and REPO) ගෙවා නැහැ යයි කී විට අර්ජුන් මහෙන්ද්‍රන් මහතාට එකවරටම ‘මගේ දෙයියනේ’ කියලා කියවුණා යැයි බැදුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් ශ්‍රී ලංකා මහා බැංකුවේ දේශීය මෙහෙයුම් දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්ෂක නිහාල් රංජිත් රුද්‍රිගු මහතා පැවසීය. 09 April 2017
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයේ යෝජනා ප්‍රතික්ෂේප කරයි මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය (සයිටම් ආයතනය) පිළිබඳ ප්රශ්නය විසඳීමට රජය විසින් ගෙන එන ලද යෝජනා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එකහෙළාම ප්‍රතික්ෂේප කරයි. රජයේ එම යෝජනාවල පිටපතක් තවමත් ලැබී නැතැයිද එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පවසයි. 09 April 2017
වැලිකන්ද ප්‍රාදේශීය ලේකම්ට මරණ තර්ජන වැලිකන්ද ප්‍රදේශීය මහ ලේකම් හර්ෂ බණ්ඩාර මහතාට නිර්නාමික දුරකතන ඇමතුම් මගින් මරණීය තර්ජන එල්ලවන බවට ඒ මහතා වැලිකන්ද පොලිසියට පැමිණිලි කර ඇත. 09 April 2017
ඇමරිකානු යුද නැවක් කොරියානු අර්ධද්වීපය දෙසට ඇමෙරිකානු ප්‍රහාරක යානා සහිත යුද නැවක් කොරියානු අර්ධද්වීපය දෙසට ගමන් කරමින් සිටින බවට ඇමෙරිකානු නාවික හමුදා ආරංචි මාර්ග පවසයි. 09 April 2017
නියඟෙන් පීඩාවට පත්වූ ගොවීන්ට කෝටි 700 ක් වෙන්කළා - ජනාධිපති නියගයෙන් පිඩාවට පත්වු ගොවි ජනතාව වෙනුවෙන් රුපියල් මිලියන හත්දහසක මුදලක් ලබාදි ඇතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කියයි. 09 April 2017
මුස්ලිම් කොන්ග්රසයෙන් මැයි රැළි නෑ මැයි දිනය වෙනුවෙන් තම පක්ෂය උත්සව හෝ රැලි නොපවත්වන බවත් තම පක්ෂයට ආරාධනා කරන ඕනෑම රැළියකට සහභාගි වන බව ජල කළමනාකරණ අමාත්‍ය ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්රස් පක්ෂයේ නායක රවුප් හකීම් මහතා පවසයි. 09 April 2017
පස්යාලේදී ලොරි - ත්‍රිරෝද රිය ගැටුමෙන් දෙදෙනෙක් මරුට කොළඹ මහනුවර පාරේ පස්යාල කෝන්ගස්දෙනියේදී අද(09) අලූයම ති්රරෝදරියක් හා ලොරි රථයක් ගැටීමෙන් ති්රරෝදරියේ ගමන් ගත් දෙදෙනකු මියගොස් දෙදෙනකු තුවාල ලබා ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි. 09 April 2017
කුණු බෑගයේ තිබූ දුරකතන බිල උසාවියෙන් නවතී පාරට දැමු කසල බෑගයක තිබූ දුරකථන බිල්පත් ඔස්සේ පරික්ෂණ සිදුකොට පාරට කැළි කසල දැමු කාන්තාවකට හා හෝටල් හිමියන් දෙදෙනකුට එරෙහිව නඩු පැවරූ බව මොරටුව ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂක මාලින්ද ජයවර්ධන මහතා පවසයි. 09 April 2017
බීමත් රියැදුරන් හඳුනාගන්නා ඇල්කොලයිසර් හිඟයක් රට පුරා පොලිස් ස්ථාන රැසක බීමත් රියදුරන් හඳුනා ගැනීමට භාවිතා කරන ඇලිකොලයිසර් නොහොත් බැලුන් හිඟයක් පවතින බව පොලිස් ආරංචි මාර්ග පවසයි 09 April 2017
ලාන්ස් කෝප්රල් පුතුගේ මරණය අබිරහසක් යයි දෙමාපියෝ කියති යුද හමුදා ජනරාල් වරයකුගේ කඳානේ නිවසේ සේවයට යොදවා සිටියදී රිය අනතුරකින් මියගිය බව කියන කැකිරාවේ ලාන්ස් කෝප්රල් බී .ඩී.එම් .සෙනවිරත්නගේ (26) මරණය සැකසහිත බව මාපියන් කළ පැමිණිල්ලක් අනුව පරීක්ෂණ ආරම්භ කළ බව පොලිසිය කියයි. 08 April 2017
උදයංග වීරතුංගගේ ගිණුම් 16 කට පැනමාවෙන් සහ ලැට්වියාවෙන් මුදල් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාට අයත් බැංකු ගිණුම් වලට පැනමාවෙන් සහ ලැට්වියාවෙන් මුදල් ලැබී ඇති බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයට දැනුම් දී තිබේ 08 April 2017
මින් පසු මා එනවිට සෙනග ගේන්න එපා - මහින්ද මා එනවිට සෙනඟ එනවා. සෙනඟ දුටුවාම මේ රජය මැතිවරණ මාසයක් දෙකක් කල්දානවා. ප්‍රාදේශීය සභා මැතිවරණ කල්දමමින් පවතිනවා. පළාත් පාලන ආයතනවල කටයුතු ඉටුවීම ප්‍රමාදවී තිබෙනවා. 08 April 2017
ගම්පහ ඔස්මන්ට උඩුගම්පොළදී වෙඩි ගම්පහ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු වූ ඔස්මන් ගුණසේකර මහතා ගමන් ගත් මෝටර් රථය පසුපසින් ආ පිරිසක් මීට සුළු වේලාවකට පෙර උඩුගම්පොළ දී 08 April 2017
රට බීම කම්හලට මඩකළපුවේ විරෝධය මඩකලපුව කල්කුඩාවේ ඉදි කෙරෙන මත් පැන් කර්මාන්තශාලාවට විරෝධය පාමින් මඩකලපුව මහත්මා ගාන්ධි උද්‍යානය ඉදිරිපිට අද (8) දී උද්ඝෝෂණයක් පැවැත්විණ. 08 April 2017
වසන්ත ඔබේසේකර රඟමඩලින් සමුගනී රවීණ සිනමාවේදී වසන්ත ඔබේසේකර මහතා කොළඹ පෞද්ගලික රෝහලක දී අද (8) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය . 08 April 2017
හම්බන්තොට වරාය ගිවිසුමට එරෙහි පෙත්සම සලකා බැලීම 2 දාට කල්යයි හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතියට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ලබන මස 02 වැනි දා තෙක් කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (07) තීන්දු කළේය. 07 April 2017
හිඟුරුවැල්පිටිය රක්ෂිතයේ කළුගල් කැඩීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් හිඟුරුවැල්පිටිය රක්ෂිතයේ කළුගල් කැණීම හෝ වෙනත් කැණීම් කිරීමට බලපත්‍ර දීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද(07) පතල් හා භූවිද්‍යා කාර්යාංශයට අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. 07 April 2017
ස්ටොක්හෝම්හි වීදියකට ට්‍රක් රියක් කඩාවැදී දෙදෙනෙක් මියයති ස්වීඩන් ස්ටෝක්හෝම් හී කාර්ය බහුල වීදියකට ට්‍රක් රථයක් කඩා වැදී ඇති අතර ඉන් දෙදෙනකු මිය ගොස් ඇත.විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 07 April 2017
ඇප ඉල්ලූ පෙත්සම ඉල්ලා අස්කර ගන්න සූදානම් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට ඇප නියම කර ඇති බැවින් ඇප ඉල්ලා ගොනු කළ ප්රතිශෝධන පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට බලාපොරොත්තු වන බව පෙත්සම්කාර මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥවරයා අද (07) අභියාචනාධිකරණයට දන්වා සිටියේය. 07 April 2017
මීගමුවේ රතිඤ්ඤා කම්හලක ගින්නකින් දෙදෙනෙක් මරුට මීගමුව කිඹුලාපිටිය ප්‍රදේශයේ රතිඤ්ඤා කම්හලක අද (7) සවස ඇති වු ගිනි ගැනීමකින් එහ හිමිකරු සහ තවත් පුද්ගලයකු මියගොස් ඇත. සිද්ධියෙන් බරපතල තුවාල ලැබු ඔවුන් දෙදෙනා මීගමුව රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇත. 07 April 2017
නෙවිල් ප්‍රනාන්දු රෝහල සෞඛ්‍ය අමාත්‍යංශය යටතට මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල ශික්ෂණ රෝහලක් වශයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය යටතට ගැනීමට අවශ්‍ය කටයුතු ආරම්භ කරන බව උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියයි. අමාත්‍යංශයේ වැඩබලන ලේකම් ජයන්ති විජේතුංග මහත්මියගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත් කර තිබේ. 07 April 2017
සැකකරුවන් හදුනාගැනීමට සාක්කිකරුවෝ තිදෙනා අපොහොසත් වෙති රිවිර පුවත්පතේ හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට පහර දුන් සිද්ධියේ හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කළ සැකකරුවන් පස් දෙනා හදුනාගැනීමට සාක්කිකරුවෝ තිදෙනා අපොහොසත් වූහ. 07 April 2017
මැයි දිනයේදී අධිවේගී මාර්ගවල බස් ධාවනය නොමිලේ මැයි දිනයේදී අධිවේගී මාර්ගවල නොමිලයේ බස් ධාවනයට අවස්ථාව ලබාදෙන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 07 April 2017
ජපන් අගමැතිනියට වැසිකිළි ප්‍රශ්නයක් ජපානයේ පළමු කාන්තා අගමැතිනී සත්සුකි කටයාමා, පාර්ගිමේන්තුවට පෙත්සමක් ඉදිරිපත් කර ඇත. ඒ, පුරුෂ ආධිපත්‍ය රජයන ජපන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ කාන්තාවන්ට වැඩිපුර වැසිකිලි අවශ්‍ය බව පෙන්වා දෙ.. 01 January 2026